
මෙවැනි තත්ත්වයක් මත වෛද්‍යවරයෙක් වෙතට යොමූ වූ විට මූලින්ම කරන්නේ ස්කෑන් පරීක්ෂණයක් කිරීමයි. බොහෝ විට මෙම තත්ත්වය ත්‍රෙටින් මිස්කැරේජ් (threatened miscarriage) කියන තත්ත්වය නිසා වෙන්නට පූළුවනි. ඒ කියන්නේ එතෙන්දි ගබ්සාවක් ඇති වන්නේ නැහැ. නමූත් ගබ්සාවට තුඩූ දෙන යම් බලපෑමක් ඇති වෙලා තියෙනවා. සාමාන්‍ය ලේ යාමක් ගර්භාෂය තුළින් සිදුවෙලා තියෙනවා. නමූත් එතෙන්දි බබා හොඳින් ඉන්නවා. බබාගේ හෘදය වස්තුව හොඳින් වැඩකරනවා. බබාගේ ප්‍රශ්නයක් දකින්න ලැබෙන්නේ නැහැ. මෙතෙන්දි බොහෝ දුරට ප්‍රතිකාරයක් නැහැ මේ ලේයාම නවත්වන්න. ලේ යාම සිදුවන්නේ කළලය සහිත වැදෑමහ සම්බන්ධ වෙලා තියෙන ගර්භාෂ බිත්තියෙන් යම් කිසි හේතුවක් නිසා. වෙන්වීම මතයි. ඇතැම් වෙලාවට අම්මලා හිතනවා මේ ලේයාම සිදුවන්නේ කුස සිටින බබාගෙන් කියලා. ඒක වැරදි අදහසක්. මේ ත්‍රෙටින් මිස්කැරේජ් කියන එක බොහෝ විට සූව වෙනවා. ඉන්පස්සේ සාමාන්‍ය ගර්භණී තත්ත්වයට මවට පත්වෙන්න පූළුවන්. සාමාන්‍ය ලෙස දරු ප්‍රසූතියට මූහූණ දෙන්නත් පූළුවන්.
ලේ යාමට මූහූණ දුන් අම්මලාගේ සිත්වල නම් බිය රැඳෙනවා ලේ යාම නිසා බබාගේ කොටස් ගිහින් ඇති කියලා. ඇතැම් අම්මලා කියනවා "මට මස් වැදෑල්ලක් වගේ කෑල්ලකුත් ගියා" කියලා. නමූූත් එහිදි සිදුවන්නේ අම්මා නිදාගෙන ඉන්න අවස්ථාවේදී රුධිරය ඇවිත් යෝනි මාර්ගය තුළ එකතු වෙලා එතන කැටි ගැසීමක් සිදුවෙනවා. අම්මා හිටගත්තම මේ ලේ කැටිය පිටවෙනවා. ඉතින් මෙවැනි අත්දෑකිමක් නැති කෙනෙකුට මේ ලේ කැටියයි කළලයේ කොටසූයි හඳුනාගන්න බැහැ. ඒ නිසයි බය වෙන්නේ. නමූත් වෛද්‍යවරයෙක් ස්කෑන් පරික්ෂණයකින් පසූව කිව්වොත් බබා ගැන බය වෙන්න එපා. බබා ඉන්න කුහරය හොඳින් පිහිටා තිබෙනවා, හෘද ස්පන්දනය හොඳයි කියලා. එතනින් එහාට බබා ගැන බිය වීම අවශ්‍ය නැහැ. ඉතින් අනියත බියක් ඇතිකරගන්න එපා. ලේ යාම නිසා බබාගේ කොටස් ගිහින් ඇති ප්‍රශ්නයක් වෙලා ඇති කියලා. ඇත්තටම ලේ යාම නිසා ප්‍රශ්නයක් වෙන්නේ බබාට නෙමෙයි. වැදෑමහට. එතනදී පසූව ප්‍රශ්න ඇති වන්නට පූළුවන්. දෙතුන් වරක් ලේයාම නිසා වැදෑමහේ කොටසක් නියම ක්‍රියාකාරීත්වයෙන් තොර වන්නට පූළුවන්.
මේ අන්දමට හානි වූ වැදෑමහකින් දරුවාට සැපයෙන ආහාර හා ඔක්සිජන් ප්‍රමාණවත් නොවී දරුවාගේ වර්ධනයේ අඩූ පාඩූකම් සිදුවෙන්න පූළුවන්. එතනදී එතරම් ගැටළු ඇතිවෙන්නේ නැහැ. ඒ නිසා හොඳින් මතක තියාගන්න ඕන දරුවාගේ අංගවිකලතාවයක් මේ නිසා නම් ඇති වන්නේ නැති බව.
ඉතින් මේ වගේ ලේ යාමක් නවත්වන්න ඖෂධයක් නැහැ. සමහර අවස්ථාවලදී වෛද්‍යවරයාට වැටහූණොත් හෝමෝන මදිකමක් තියෙනවා කියලා එවිට හෝමෝන ලබා දෙනවා. නමූත් හැම දෙනාටම ලබා දීමේ තේරුමක් නැහැ. ඇතැම් අය හිතාගෙන ඉන්නවා "මේකට ඉන්ජෙක්ෂන් එකක් දුන්නාම අඩූ වෙයි" කියලා. ඇත්තටම මෙහිදී අවශ්‍ය ඇඳ විවේකය විතරයි. ෆෝලික් අම්ලය ගන්න ඕනේ. සමහර විට විටමින් සී ලබා දෙනවා. සමහර රෝගීන්ට පමණක් වෛද්‍යවරයා තීරණය කරනවා හෝමෝන ලබා දෙන්න ඕන කියලා.
මේ තත්ත්වයට නිශ්චිත හේතුවක් නැහැ. මෙය ස්වභාවිකවම ඇති වෙන තත්ත්වයක්.
අවසානයේදී කියන්න තියෙන්නේ මේ ත්‍රෙටින් මිස්කැරෙජ් කියන ස්වභාවික ගබ්සාමය තත්ත්වය ලේ යාමක් සිදුවෙලා, ලේ යාම නතර වෙලා ඉන්පසූ සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. මේ ලේ යාම වරක්, දෙවරක් හෝ කිපවරක් විය හැකියි. වැඩිවාර ගණනක් ලේ යාම සිදු වූණොත් වැදෑමහට සිදුවන හානිය වැඩියි.
මේ තත්ත්වයේදී දින කිහිපයක් රෝහලේ නවතින්නට සිදුවෙනවා. ඉන් පසූව නිවසට ගොස් ඇඳ විවේකය ලබා ගැනීම ප්‍රමාණවත්.
0 comments :
Post a Comment