
අරලිය ගස් නිවස ඉදිරිපිට වැවීම අනූමත කරන්නට බැහැ. විශේෂයෙන්ම සූදු අරලිය. ඒ වගේම අරලියාවල කිරි විෂයි. ඒ නිසා මේ අදහස ව්‍යාප්ත වූණා වෙන්නත් පූළුවන්. අරලිය ගස් හැදෙනවිට විශාල වශයෙන් මූල් පැතිරෙනවා. ඒ වගේම අරලිය ගස් නිසා විශාල අඳුරක් එකතු වෙනවා. අරලිය වවන්නේ පන්සල්වලයි. නිවසක වවනවා නම් නිවස ඉදිරිපිට නොමැතිව පැත්තක වැවූවාට කමක් නෑ. ඒත් ඉඩ කඩ තියෙන පැත්තක වෙන්න ඕන. ඕනෑම රතු, සූදු, මල් වර්ගයක් නිවස ඉදිරියේ වවන්න හොඳ නෑ. එයින් නීති ප්‍රශ්න ඇතිවෙනවා. කහ, නිල්, රෝස, වැනි ලා වර්ණයේ මල් වර්ග නිවස ඉදිරිපිට වැවීම හොඳයි.
0 comments :
Post a Comment