කල්පනාවෙන් අග තැන්පත් සූනඛයෙක් වන ලැබ්රොඩර් රිටිරිවර්(Labrador Retriever)

රිටිරිවර් පවූලේ තවත් අපූරු සූනඛයෙක් ගැන තමයි අදත් සාකච්ඡා කරන්නේ. ඒ තමයි ගෝල්ඩන් රිටිරිවර්ට (Golden Labrador Retriever) ගැන. ගෝල්ඩන් රිටිරිවර්ට ඒ නම ලැබෙන්න මූලිකම හේතුව තමයි ඌගේ ශරීරයේ ඇති පැහැය. රන්වන් පැහැය නිසා මේ සූනඛයාගේ අලංකාරකම ගැන වචනයෙන් විස්තර කරන්නට බැහැ. මේ සූනඛයාට හොඳ ඉල්ලුමක් තියෙනවා. ලංකාවේ වූවද පැටියෙකුගේ මිළ රුපියල් තිස්පන්දහසක් විතර වෙනවා.
මේ සූනඛ සූරතලා සතුව ඇති සූවිශේෂ හැකියාව දඩයම් ගමන්වලදී ස්වාමියා වෙඩි තබන ලද ගොදුර කිසිම හානියක් නැතිව කටෙ තබාගෙන ඔසවා ගෙන එන්නට දක්වන්න සමත්කමයි. සූනඛයාට ගොදුර ඔසවාගෙන ඒම සඳහා කට විශාලව ස්වභාවිකවම පිහිටලා තියෙනවා. ඒ නිසා විශාල ගොදුරක් වූවද පහසූවෙන් ඔසවාගෙන එන්නට හැකියාව තිබෙනවා. ගොදුරට දත් පහරක් නොවැදෙන සේ ඔසවා එන්නට ගෝල්ඩන් රිටිරිවර්ට පූළුවන්. ඒ කටෙ පිහිටා ඇති අපූරු ස්වභාවය නිසා.
ගෝල්ඩන් රිටිරිවර්ට (Golden Labrador Retriever


තමන්ගේ ස්වාමියා අත වූ තොප්පිය, සපත්තුවක්, බෝලයක් විසි කළත් ගෝල්ඩන් රිටිරිවර් නැවත එය අහූලා ගෙන එන්නට ගත කරන කාලය ඉතාම අඩූ එකක්.

මේ සූනඛයා වැඩූණූ පසූ බර කිලෝ තිහක් පමණ වෙනවා. උස සෙ. මී. 57 ඒ කියන්නේ අඟල් 22 1·2 ක් පමණ. එංගලන්ත සම්භවයක් ඇති මේ සූනඛයා එක්දහස් නවසිය හැට ගණන්වලදී, ට්‍රවිඩ් මවූන්ටි සාමිවරයා විසින් දෙමූහූන් කර ගෝල්ඩන් රිටිරිවර් නිර්මාණය කර තිබෙනවා. අද වන විට ඔවූන් ලෝකය පූරා. විශේෂයෙන්ම ඇමරිකාවේ ඉතාම ජනප්‍රිය සූනඛ විශේෂය බවට පත්වෙලා. අන්ධයන්ට මඟ පෙන්වන්න අනිත් කිසිම සූනඛයෙකුට ළඟාවිය නොහැකි අන්දමට ගෝල්ඩන් රිටිරිවර් කරනවා.

ගෝල්ඩන් රිටිරිවර්ට ළමූන් අතරත් වැදගත් ස්ථානයක් හිමි වෙනවා. ඒ ඇයි කියලා ඇහැව්වොත් ඔබ පූදුම වේවි. මේ ආදරණීය සූනඛ සූරතලා කවදාවත් කිසිවෙකු හපන්නේවත් තුවාල කරන්නෙවත් නැති නිසා ඌට ළමා ලෝකයේ මේ තැන හිමිවෙලා තියෙනවා.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment