Dachshund-මිටි, දිග ස්වාමියාගේ අතේ නැලවෙන්නට කැමති ඩැෂන්ඩ්

සූරතල් සතුන්ගෙන් මිනිසාට වඩාත්ම සමීපතම සතා සූනඛයායි කීවොත් වරදක් නැහැ. ලංකාවේ නිවෙස්වල වඩාත් ජනප්‍රියත්වයට පත් සූනඛ විශේෂයක් ගැන අපේ අවධානය යොමූ කරනවා. ඒ අන් කවරෙකුවත් නොව ඩැෂන්ඩ් (Dachshund) ප්‍රමාණයෙන් මිටියි දිගයි. ඩැෂන්ඩ්ගේ ඇති සූවිශේෂත්වය අනෙක් සියළුම සූනඛ සූරතලුන්ට වඩා ස්වාමියාට දක්වන දෑඩි සෙනෙහෙවන්තකමයි. අනෙක් අතට ඉව අතිනූත් අනෙකුත් බොහෝ සූනඛයින් ඉක්මවා යන්නට තරම් අපූරු හැකියාවක් ඩැෂන්ඩ් සතුව තිබෙනවා.

ඌගේ ශරීර ස්වභාවය නිසාම ඩැෂන්ඩ්ට තවත් පූදුමාකාර හැකියාවන් රැසක් උරුම කරලා. ඒ අතර පොළොව යට සිටින මීයන් අල්ලන්න දක්වන හැකියාව හරි පුදුමයි. ජර්මන් සම්භවයක් ඇති මේ ඩැෂන්ඩ් සූනඛයා එංගලන්තයට පැමිණෙන්නේ වික්ටෝරියා රැජිනගේ ජර්මන් සැමියා මගින්. ඒ දහ නව වන ශත වර්ෂයේදි.
ඩැෂන්ඩ්ගේ කකුල් කෙටි වූවද අඩිය ඉතාම ලොකුයි. කවදවත් මේ සූනඛ විශේෂය බූරන හඩ පමණක් ඇසූවොත් කිසි විටෙකත් සිතෙන්නේ නැහැ ඩැෂන්ඩ් කුඩාවෙක් බව. ඒ තරමට උගේ හඩ ඉතා ගැඹූරුයි.
ඉතාම සූරතල් ඩැෂන්ඩ් ස්වාමියාගේ අතේ නැලවෙන්නට දක්වන්නේ පූදුමාකාර ආශාවක්. ඩැෂන්ඩ්ගේ පැහැය ගැන විමසිල්ලට ලක් කළොත් කළු, දුඹූරු හෝ ගඩොල් පැහැයෙන් යූක්තයි. ඩැෂන්ඩ් වර්ග කිහිපයකට බෙදා තිබෙනවා. කෝටි එකේ පැහැය, සහ ප්‍රමාණය සළකා බලා මේ වර්ග කිරීම කර තිබෙනවා. හිසකෙස් දිගු වගේම දිග ඩැෂන්ඩ් වර්ගයක් අපට දෑක ගන්නට පූළුවන්. වයරයක් මෙන් නැමූණූ හිසකෙස් වලින්ද යූත් සූනඛයන් සිටිනවා.

ඩැෂන්ඩ් සූරතලා අපේ රටේ ගෙවල්වල තව තවත් ජනප්‍රිය වෙන්නට හේතුව උගේ මිල ගණන් වෙන්න පුළුවන්.අනෙක් අතට කෑමත් අනෙක් බොහෝ සූරතලුන් මෙන් වැඩිපූර අනූභව කරන්නේ නැති තරම්. ඩැෂන්ඩ් සූරතලෙකු වර්තමාන වෙළෙඳ පොළේ මිළ ගණන් විමසා බැලුවොත් පැටියෙකු රුපියල් තුන්දහසක් හාර දහසක් අතර මිළකට අපට ගන්නට පූළුවන්.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment