කිරි පණූ රෝගය -පූංචි දුවල - පූතාලට නිතර හැදෙන රෝගයක්

දැනට ලෝකෙ වැඩියෙන්ම ව්‍යාප්ත වෙලා තියෙන රෝගයක්. කිරි පණූ රෝගය පූංචි දුවල - පූතාලට නිතර හැදෙන රෝගයක්. මෙම රෝගය සෑදුන විට ගුද මාර්ගයේ කැසීමක් ඇතිවෙනවා. එම අවස්ථාවේ ගුද මාර්ගය පරීකෂා කර බැලුවහොත් සූදු පාට පූංචි පණූවන් දක්නට ලැබෙනවා.
අපේ දෙමවූපියෝ හිතනවා මෙම කිරි පණූ රෝගය ඇතිවෙන්නේ පැණි රස කෑමෙන්, කිරි බීමෙන් කියලා. එය වැරදි මතයක් කිරී බීමෙන්වත් පැණි රස ආහාර ගැනීමෙන්වත් මෙම රෝගය වැළඳෙන්නේ නැහැ. මෙම කිරි පණූ රෝගය වැළඳුණූ විට පූංචි දුවල - පූතාල ගුද මාරගය අතින් කසනවා. එවිට නියපොතු තුළට පණූ බිත්තර යනවා. ඉන්පසූ අත කටෙ දමන විට එම බිත්තර යළිත් ශරීරයට ඇතුල්වෙනවා. රාත්‍රී කාලෙට කිරි පණූවාගේ ගැහැණූ සතා ගුද මාර්ගයට පැමිණ ලකෂ ගානක් බිත්තර දමනවා. එවිට පූංචි දුවල පූතාල කසන්න ගන්නවා. නියපොතු තුළින් ශරීරයට යළිත් බිත්තර ඇතුල්වී යළිත් මෙම රෝගය දිගටම පවතිනවා. සමහර අවස්ථාවලදී මෙම පණූ බිත්තර විදුලි පංකා දැමීමේදී සූළඟට පාවී සෑම කෙනෙකුටම සෑදීමට පූළුවන්. එම නිසා කිරි පණූ රෝගයට බෙහෙත් කරන විට නිවසේ සිටින සෑම කෙනෙකුටම බෙහෙත් දිය යූතුයි. එසේ නොකිරීමෙන් මෙම රෝගය වළක්වා ගැනීමට නොහැකි වෙනවා.

මතක තබාගත යූතු තවත් කරුණක් තමයි පණූ බෙහෙත් දී යළි සති දෙකකට පසූ නැවතත් මූළු පවූලටම පණූ බෙහෙත් දිය යූතුයි.

අපේ දෙමවූපියෝ කළ යූතු තව කාරණයක් තමා නිදාගන්නා කොටිට ඇඳ ඇතිරිලි අව්වට දමා හොඳින් වේලා ගැනීම. අපේ දුවල - පූතාලගේ නියපොතු කොටට කපන්නත් මතක තබාගත යූතුයි.

විශේෂයෙන් රාත්‍රී කාලයට දුවල - පූතාලට යට ඇඳුම් අන්දවා තැබීමට මතක තබාගත යූතුයි. බෙහෙත් දී යළි මාසෙකින් පණූ රෝගය සෑදුනහොත් යළිත් පණූ පෙති දුන්නා කියා බියවිය යූතු නැහැ. එයින් දුවල - පූතාලට කිසිදු හානියක් ඇතිවෙන්නෙ නැහැ.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment