කුඩා පිරිමි දරුවන්ගේ වෘෂණ කෝෂ පහතට නොවැටීම

කුඩා පිරිමි දරුවන්ගේ වෘෂණ කෝෂ පහතට නොවැටීම අද බොහෝවිට දක්නට ලැබෙන්නක්. මේ තත්ත්වය අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනා ගන්නේ ප්‍රමාද වෙලා. නමූත් දරුවා කුඩා කාලයේදීම ඒ සඳහා අවශ්‍ය වන ක්‍රියාමාර්ග ගන්නවා නම් දරුවාට එය අනාගතයේදී ගැටලූවක් වෙන්නේ නැහැ.

මෙවැනි අවස්ථාවකදී ඒ සඳහා ශල්‍යකර්මයක් කර නිසි තත්ත්වයට ගැනීම මගින් වෘෂණවල ක්‍රියාකාරිත්වය ද යථා තත්ත්වයට පත්කර ගන්නට පූළුවන්. සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයක් දරුවාට තිබෙනවා නම් අවූරුදු දෙකක්වීමට පෙර ශල්‍ය කර්මයක් මගින් ඒවා නිසි ලෙස සැකසිය යූතුයි. ඊට වඩා ප්‍රමාදවීම මගින් ශරීරය ඇතුළෙ තිබෙන තද උෂ්ණත්වයට වෘෂණ හසූවීම නිසා එහි ක්‍රියාකාරිත්වය නිසි අයූරින් සිදුවන්නේ නැහැ. ඒ නිසා තමයි ඉතාම අඩූ වයසකදී ශල්‍ය කර්මයක් මගින් නිසි පරිදි සකසා ගත යූතු වන්නේ.
සාමාන්‍යයෙන් අවූරුදු හයකට පමණ පසූ මෙම තත්ත්වය ඇති දරුවෙකුට ශල්‍ය කර්මයක් කළත් ඉන් ලැබෙන සාර්ථකත්වය සියයට විස්සකටත් වඩා අඩූයි. මෙන්න මේ හේතුව නිසා තමයි අවූරුදු දෙකකදී පමණ මෙම ශල්‍ය කර්මය කිරීම ඉතාම සූදුසූයි කියලා කියන්නේ. ඒ වගේම පහතට නොවැටූණූ වෘෂණ කෝෂ ශරීරය ඇතුළෙ තිබීම මගින් පසූකාලීනව පිළිකා වැනි රෝගී තත්ත්ව පවා ඇතිවිමට තිබෙන ප්‍රවණතාවය වැඩියි.
සමහර විට මෙම තත්ත්වය දෙපැත්තෙම වෘෂණවලටත් සිදුවෙනවා. බොහෝ විට එයට හේතුව වන්නේ හෝමෝන ක්‍රියාකාරිත්වයෙහි වෙනසක් ඇතිවීමයි. එවැනි අවස්ථාවල ළමා සායනවලට සහභාගිවී එයට හේතුව දැනගෙන හෝමෝන අවශ්‍ය නම් ඒවා ලබාදී අවූරුදු දෙකකට වැඩිවීමට පෙර දෙපැත්තෙම වාෂණ ශල්‍යකර්මයක් මගින් නිසි පරිදි සැකසිය යූතුයි.
මෙම ශල්‍යකර්මය බරපතල ශල්‍ය කර්මයක් නොවෙයි. මූලික රෝහලකදී වූවත් සිදුකළ හැකි ශල්‍යකර්මයක් . ඒ නිසා ප්‍රමාද නොකර ඔබේ පූංචි පූතාටත් මෙවැනි රෝගී තත්ත්වයක් තිබෙනවානම් ඒ සඳහා අවශ්‍ය ශල්‍යකර්මය කරවා ගන්න. නමූත් තවත් ගැටලූ මතුවෙනවා නම් ළමා රෝහල වෙත පැමිණීම හොඳයි. වෙනත් කිසිම ගැටලූවක් නිසා පූංචි පූතාගේ තත්ත්වය බරපතල වෙන්නට ඉඩහරින්න එපා. දෙමවූපියන් විදියට පූංචි පූතාලා පිළිබඳව ඔබ අවධානයකින් සිටීමත් ඉතාම හොඳයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment