පෘටි ඇන්ඩ් නට් ටොෆී


අවශ්‍ය ද්‍රව්‍ය

කිරි ටින් 1
සීනි ග්‍රෑම් 400
කජූ ග්‍රෑම් 50 - 75
වියළි මිදි ග්‍රෑම් 50 - 75
වැනිලා තේ හැඳි 2
වතුර කෝ. 3·4
කී්‍රම් ඔෆ් ටාටා තේ හැඳි 1·4
බටර් තේ හැඳි 1·4

සාදන ක්‍රමය
ඝනකම් පතුලක් සහිත සාස්පානකට ටින්කිරි, සීනි, වතුර දමා ලිප තබා හැඳිගාමින් උණූ කරන්න. යන්තමින් ඝන වීගෙන එනවිට රන්වන් පැහැයක් ගනී. එවිට ගින්දර අඩූ කර දිගටම හැඳි ගාන්න. දෑන් කජූ සහ වියළි මිදි කුඩාවට කපාගෙන ඝන වීගෙන එන මිශ්‍රණයට එකතු කරගන්න. ලිපෙන් ඉවතට ගනීමට විනාඩි දෙකකට පෙර වැනිලා දමා ඉන්පසූ කී්‍රම් ඔෆ් ටාටා සහ බටර් එකතු කර කලවම් කරගෙන බටර් තවරන ලද තැටියකට දමා, බටර් තවරාගත් කෙසෙල් කොළයකින් තුනී කරගන්න. උණූ උණූවෙන්ම බටර් ගාගත් උල් හැඩයෙන් යූත් පිහියකින් කොටූ ලකුණූ කරගන්න. හොඳින් නිවූණාට පසූ කොටූ වෙන් කරගෙන සූළං නොවදින ලෙස අසූරාගන්න

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment