පූංචි දරුවන් සිටින නිවෙසක අත්‍යවශ්‍ය අංගයක්

පූංචි දරුවන් ඉන්න නිවෙස්වල පූංචි පූංචි තුවාල කර ගැනීම් වල අඩූවක් නැහැ. වැටිලා පූංචි ලේ ගැලීම් සිදුවීම සීරීම් මගින් තුවාල කර ගැනීම වැනි අවස්ථාවලට නිවසේ ඒ සඳහා අවශ්‍ය වන ඖෂධ තිබීම හරිම වැදගත්.
ඒ සඳහා ප්‍රථමාධාර පෙටිටියක් තිබීම කොච්චර හොඳද කියලා එවැනි වෙලාවට හිතෙනවා.
ඒත් ප්‍රථමාධාර පෙටිටියක් තිබූණාටම මදි. එහි අත්‍යවශ්‍ය වැදගත් ඖෂධ වර්ග තිබීමත් අවශ්‍යයි.
නිවසේ ප්‍රථමාධාර පෙටිටියක් තිබීමෙන් බොහෝ අතුරු ආබාධත් වළක්වා ගත හැකියි. එහෙත් අදටත් අපේ බොහෝ වැඩිහිටියන් වැටීම්, සීරිම් වැනි තුවාලවලට කොළ, මූල්, පොතුවැනි දේ තලා ගැට ගැසීම නිසා අනවශ්‍ය ප්‍රශ්න මතුකර ගන්නවා. එවැනි දෙයින් වැළකීමටත් ප්‍රථමාධාර පෙටිටියක් තිබීම ඇත්තටම පිටිවහලක්.
මෙය දිග, පළල, උස සෙන්ටි මීටර් 24, 20, 10 ප්‍රමාණයේ ඉදිරිපසින් දොර අරින ලෙසින් සකස් කර ගත හැකියි.
ඇතුළත ඉඩ කොටස් තුනකට හෝ හතරකට බෙදාගන්න. ඒ වගේම බිත්තියේ එල්ලීමට සකස් කරගන්න.

ප්‍රථමාධාර පෙටිටියට අවශ්‍ය වන්නේ මොනවාදෑයි බලමූ.
උණ, ඇඟපත වේදනාවක දී ද දීම සඳහා පැරසිටමෝල් සිරප් බෝලයක් සහ පැරසිටමෝල් පෙති.
පාචනයක් ඇති වූ විට දීමට ජිවනී පැකටි කිහිපයක්.
තුවාලවල ගෑම සඳහා විෂබීජ නාශක ක්‍රීම් වර්ගයක්
තැල්මකදී තැවීමට සහ අධික උණ අඩූ කිරීමට අයිස් බෑගයක්.
පූංචි පූළුන්රෝලක්, ගෝස්, බැන්ඩේජ්, ප්ලාස්ටර්, සර්ජිකල් ස්ප්‍රීටි, කතුරක්, පෝසෙප් එකක්, උණ කටූවක්.
මේවා ෆාමසියකින් මිලදී ගත හැකියි.

දරුවාගේ තුවාලය නොගැඹූරු නම් තුවාලය පිරිසිදු කර විෂබීජ නාශක ක්‍රීම් වර්ගයක් ඒ මත ආලේප කර ගෝස් කැබැල්ලකින් වසා ප්ලාස්ටර් අලවන්න.

පිරිසිදු කරගත් තුවාලය ගැඹූරු අධික ලේ ගලන එකක් නම් ඉක්මනින්ම බැන්ඩේජ් පටියකින් තද කර බැඳ ළඟම ඇති රෝහලට ගෙනියන්න.


ඉහත සඳහන් කළේ උදාහරණ දෙකක්. මෙවැනි හදිසි අනතුරු වලදී ප්‍රථමාධාර පෙටිටියක් කෙතරම් වටිනාවාදැයි ඔබටම වැටහේවි.
ඇත්තෙන්ම පූංචි දරුවන් සිටින නිවෙසක එය අත්‍යවශ්‍ය අංගයක්.
තවත් එකක් මතක තබා ගන්න. ඇතැම් නිවෙස්වල ප්‍රථමාධාර පෙටිටියක් තිබූණාට එහි බෙහෙත්වලට වඩා තිබෙන්නේ වෙනත් දේවල්. ඒක ඇත්ත නේද? ඔබටම වැටහෙනවා ඇති.
එවිට හදිසි අවස්ථාවකදී අවශ්‍ය දේවල් සොයා බලා ගැනීම ගැටළුවක්. ඒ නිසා අනවශ්‍ය කිසිම දෙයක් ප්‍රථමාධාර පෙටිටියේ තබන්නට එපා

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment