මාෂ්මෙලෝස් සාදන අයුරු


අවශ්‍ය ද්‍රව්‍ය
ජෙලටින් ග්‍රෑම් 25
සීනි ග්‍රෑම් 400
වතුර කෝප්ප 2
වැනිලා තේ හැඳි 1
කැමති වර්ණයකින් කලරිං

සාදන ක්‍රමය
වතුර කෝප්පයකට ජෙලටින් දිය කරගන්න. සාස්පානකට සීනි දමා ඉතිරි වතුර කෝප්පය එකතු කරගෙන උතුරුවා ගන්නා. හොඳින් උතුරන තෙක් හැඳි ගාන්න එපා දෑන් ජෙලටින් සහ වතුර මිශ්‍රණය, සීනි මිශ්‍රණයට ටික ටික එකතු කරන්න. හොඳින් කලවම් කර ලිපෙන් ඉවතට ගන්න. නිවූණාට පසූ බීටි කරගන්න.

මදක් ඝන වූවාට පසූ වැනිලා සහ කැමති වර්ණයක් දමා බටර් තවරන ලද තැටියක දමා පැය 6 ක් පමණ තිබෙන්නට හරින්න. හොඳින් සවි වූවාට පසූදිග පළල අඟලක් පමණ වන සේ කපාගෙන කෝන්ෆ්ලවර් වල තවරාගෙන හූලං නොවදින සේ අසූරාගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment