ලෝකයම ජනප්‍රිය ගන් ඩෝග් gun dog

කෝකර් ස්පැනියල් සූනඛ විශේෂය ගැන තමයි මේ.කෝකර් ස්පැනියල්, ගන් ඩෝග් (gun dog) කෙනෙකු ලෙස තමයි අතීතයේ පටන් පාවිච්චි කෙරුණේ. ගන් ඩෝග් කියන්නේ දඩයක්කරු එල්ල කරන වෙඩි පහරින් බිමට වැටෙන දඩයම අහූලාගෙන එන සූනඛයාටයි.අද වන විට නම් මේ තත්ත්වයේ වෙනසක් වෙලා. හූරතලයට හදන සූනඛයෙකු බවට පත්වෙලා.

එක්දහස් නවසිය හතළිහ පණහේ දශකවල වැඩිපූරම මේ සූනඛ වර්ගය තමයි එංගලන්තයේ වැඩිපූරම ලියා පදිංචි වෙලා තියෙන්නේ. ඒකෙන් අපට හිතාගන්න පූළුවන්නේ කොතරම් මේ සූනඛයා ඒ සමාජයේ ජනප්‍රියද කියලා. එංගලන්තයේ ජනප්‍රිය සූනඛයා ඇමෙරිකාවට යන්නත් වැඩි දවසක් ගියේ නැහැ. අද වනවිට ලෝකය පූරා මේ සූනඛයා ජනප්‍රිය වෙලා.
සූමූදු මතුපිට සමකින් යූක්ත මේ සූනඛයා. වැඩිපූරම එංගලන්තයේ ගන් ඩෝග් කෙනෙකු බවට පත්වූණේ දඩයක්කාරයා විසින් වෙඩි තබන ලද කෝකර් වූඩ් සතාව රැගෙන එන්නටයි. ඒ නිසාම කෝකර් ස්පැනියල් නම ඌට ලැබෙන්නට ඇති. කකුල්වල සහ කන්වල ලෝම කඩා හැලෙන මේ සූනඛ විශේෂය වැඩූණූ පසූ උස සෙ. මි. 38 ක් ඒ කියන්නේ අඟල් පහළොවක් පමණ උසයි. බර කිලෝ 14 කි. රාත්තල්වලින් මැන්නොත් එය 31 ක් දක්වා ඉහළ යනවා.
"මේ සූනඛයා අනෙක් සූනඛයන්ගෙන් වෙනස් වෙන්නේ ඉතාම ශාන්ත පෙනූමකින් යූක්ත හැඩයක් ඌ සතුවී තිබීමයි. කෙටියෙන් කියතොත් මේ සූනඛයා දකින අයෙකුගේ සිත නිවිල යනවා. අපේ නාගරික සමාජයේ කුඩා නිවසට මේ සූනඛයා කදිමට ගැලපෙනවා.
සාමාන්‍යයෙන් ස්පැනියල් වර්ඝයේ සූනඛයන් විශේෂ ගණනාවක් ඉන්නවා. ඉංග්ලිස් ස්පැනියල්, සසෙක්ස් ස්පැනියල් ඇමෙරිකන් ස්පැනියල් මීට සමහරක් උදාහරණ. මේ ස්පැනියල් විශේෂ අතර සූළු සූළු බාහිර වෙනස්කම් ඇති අතර පොදු වශයෙන් සමාන කමක් දකින්නට පූළුවන්.
ස්පැනියල් වර්ගයේ සූනඛයන් ලංකාවේ සූනඛ සූරතලුන් ඇති කරන අය අතරත් ඉතාම ජනප්‍රියයි. සාමාන්‍යයෙන් මේ පැටියෙකුගේ ලංකාවේ මිළ රුපියල් පහළොස් දහසක් පමණ වෙනවා.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment