හොඳ උස මහත අශ්වයෙක් වගේ ශක්තිමත් සූනඛයෙක්-නිව්ෆවූන්ලන්ඩ්,newfoundland

සූනඛ සූරතලුන්ගේ ලෝකයේ තවත් අපූරු සූනඛයෙකු ගැන  මේ. මේ සූනඛයාගේ උප්පත්ති කතාව ගැන කියවෙන්නෙ නිව්ෆවූන්ඩ්ලන්තයෙන්. කොහොම වූණත් නිවූෆවූන්ඩ්ලන්තය ගැන කියවූනත් එහි සත්‍යතාවයක් තිබේදැයි තවමත් තහවූරු වී නැහැ. නමූත් යූරෝපයට ගෙනවිත් ඇත්තේ නිව්ෆවූන්ඩ්ලන්තයෙන්.

පැමිණි ප්‍රදේශය වගේම සූනඛයාගේ නමත් නිව්ෆවූන්ලන්ඩ් ( newfoundland ) හොඳ උස මහත සූනඛයෙක් ලෙස සැළකෙන නිව්ෆවූන්ඩ්ලන්ඩ් හූඟක් වැඩ කළ හැකි සතෙකු ලෙස හඳුන්වන්නට පූළුවන්. කෙටියෙන් කියතොත් අශ්වයෙක් වගේ ශක්තිමත්. කෙතරම් වෙහෙස මහන්සි වී කටයූතු කළත් ඇඟට නොදැනෙන නිව්ෆවූන්ඩ්ලන්ඩ් සතුව තිබෙන හොඳම කුසලතාවය තමයි ඕනෑම දේශගුණයකට ඔරොත්තු දිය හැකිවීම. විශේෂයෙන්ම (උ්එැර ෘදට- කෙනෙකු ලෙස හඳුන්වා දිය හැකි මේ සූනඛයා මඩ වගුරුවල ගමන් කරන්න දක්වන්නේ පූදුම හැකියාවක්. මූහූදු ගමන්වලටත් කියාපූ සතෙක්. ගිලෙන නැව්වල පූද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා නිව්ෆවූන්ඩ්ලන්ඩ්ගේ පිහිට ලැබෙනවා. මේ සූනඛයාගේ මතුපිට මයිල් තටිටූවේ ඇති ඝනකම නිසා ඕනෑම තද සීතලකට ඔරොත්තු දිය හැකියි. යූරෝපයේ හිම වැටෙන සමයේදීත් වෙහෙසක් නොදැනී කටයූතු කරන්නට නිව්ෆවූන්ඩ්ලඩ් සමත්.

මේ සූනඛයින් ශක්තිමත් වූවද ඉතාම ශාන්තයි. ළමයින් සමග මිතුුරු වෙන්න නිව්ෆවූන්ඩ්ලන්ඩ් කැමතියි. දරුවන් සෙල්ලමට කරන සරදම්වලට මේ සූනඛයින්ට කේන්ති යන්නෙ නැහැ. බටහිර මේ සූනඛයාට ආදරය කරන්නේ, ඌ සතුව ඇති ක්‍රියාශීලී බවටත්, මූර බල්ලෙකු ලෙස කරන සේවයටත්, හොඳ යාළුවෙකු ලෙස ස්වාමියාට ආදරය කරන නිසාත්, දරුවන් හොඳින් බලාගන්නා නිසාත්ය.

සාමාන්‍යයෙන් මේ සූනඛයන්ගෙන් පිරිමි සතා පෙනූමෙනූත් බරෙනූත් ගෑණූ සතා අභිබවා සිටිනවා. පිරිමි සතාගේ උස අඟල් විසි අටක් පමණ. ගෑණූ සතාගේ උස ඊට අඟල් දෙකක් පමණ අඩූයි. රාත්තල් 130 - 150 ක් තරම් නිව්ෆවූන්ඩ්ලන්ඩ් පිරිමි සතා බරයි. ගැහැණූ සතාගේ බර රාත්තල් 100 - 120 ක් තරම් වෙනවා.

ඇස් දුඹූරු පැහැති, කන් පූංචි මේ සූනඛයාගේ සම වෝටර් රෙසිස්ටන්ටි. ඒ කියන්නේ උගේ කෝටි එකේ වතුර රඳා පවතින්නේ නැහැ. ඒ "වෝටර් ඩෝග්" (වතුරට ඔරොත්තු දෙන) කෙනෙකුගේ හැකියාවක්.

නිවූෆවූන්ඩ්ලන්ඩ් සූනඛයා වර්ණ කිහිපයකින් අපට දැකගන්න පූළුවන්. ඒ කළු, දුඹූරු, අළු, සූදු සහ සූදු කළු මිශ්‍ර වශයෙන්.

ලංකාවේ නම් ඉතාම දුලබ මේ සූනඛ විශේෂය යූරෝපයේ නම් දිනෙන් දින ජනප්‍රියත්වයට පත්වෙනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment