අඩි දෙකක් ඇවිද ගන්න බැහැ. පූදුම දණහිස් වේදනාවක්නේ මේ.

අත උස්සලා කොණ්ඩේ ගැට ගහගන්න බැරි හැටියක්. අනේ මන්දා මේ මොන අමාරුවක්ද කියලා.

මැදි වයසේ කාන්තාවක් නම් ඔබටත් මෙහෙම සිතිලා ඇති නැතිනම් ඔබට මෙවැනි කතා ඕනෑතරම් ඇහිලා ඇති.
මොකක්ද මේ වේදනාව. ඒ ගැන කතා කරන්නටයි මේ සූදානම.
ඔබ ආතරයිටීස් නම් ඕනෑ තරම් අහලා ඇති. මැදි වයසේ කාන්තාවන්ට බොහෝ විට මේ වේදනාවට හේතුව ආතරයිටීස් රෝගයයි. ඒ කියන්නේ හන්දි ප්‍රදාහයයි.

කාන්තාවන්ට ආර්ථාව හරණයෙන් පසූ (ඔසප්වීම් නැවතීමේදී) ඊස්ට්‍රජන් හෝමෝනය අඩූවෙනවා. ඒ වන විට අස්ථිවල කැල්සියම් අඩූ වීමකත් සිදුවෙනවා.
අස්ථි අතර තිබෙන කාටිලේජ දියවීම නිසා තමයි මේ වේදනාව ඇතිවෙන්නේ සූලබව දක්නට ලැබෙන ආතරයිටීස් තත්ත්වය තමයි මේ. බොහෝ වෙලාවට මේ වේදනාව ඇතිවෙන්නේ දණහිස්වලයි. උරහිස, වැලමිට වැනි අස්ථි වලත් මේ වේදනාව ඇතිවෙනවා.

මෙය හඳුන්වන්නේ ඔස්ටියෝ ආතරයිටීස් නමින්.
තවත් ආතරයිටීස් වර්ගයක් තිබෙනවා. එය රුමටොයිඩ් ආතරයිටීස්.
මේ අවස්ථාවේදී වේදනාව ඇතිවෙන්නේ හන්දිවල විතරක් නෙමෙයි. අතේ කුඩා සන්දිවල පවා මේ වේදනාව ඇති වෙනවා. හන්දිවල ඉදිමූව අධික වේදනාව, වගේම එම ස්ථාන රතුවීම වැනි තත්ත්වයකුත් දක්නට ලැබෙනවා.

කැල්සියම් අඩූකම නිසා ඔස්ටියෝ ආතරයිටීස් ඇතිවූණත් රුමටොයිඩ් ආතරයිටීස් ඇතිවෙන්නේ නම් එහෙම නොවෙයි.
සිරුරේම ඇති වන ප්‍රතිදේහ ජනක නිසා ඇතිවන තත්ත්වයක් තමයි ඒ. ඒ සඳහාත් විශේෂ හේතුවක් නැහැ. ඒ වගේම මෙය කාට ඇතිවෙනවාදෑයි කියන්නට බැහැ. හැබැයි කාන්තාවන්ට නම් මේ තත්ත්වය වැඩියි.

බටහිර සීත රටවල සියයට අනූවකටම මේ තත්ත්වය ඇති වෙනවා.
එයට ප්‍රධාන හේතුව අධික සීතලයි.
රුමටොයිඩ් ආතරයිටීස් ඇති විට උදේ නැගිටින විට අස්ථි ඝන වීමක් ලෙසින් හඳුනාගත හැකියි. හැබැයි අප රටෙි නම් මේ තත්ත්වය දුර්වලයි.
ඔස්ටියෝ ආතරයිටීස්වලට වෛද්‍ය උපදෙස් අනූව බැන්ඩේජ් එකක් භාවිත කිරීම සහ සූළු වේදනානාශක මගින් ප්‍රතිකාර කරනවා.
ඒත් රුමටොයිඩ් ආතරයිටීස් වලට එහෙම බැහැ. දීර්ඝකාලීනව ප්‍රතිකාර කළ යූතුයි.
ඒ වගේම රුමටොයිඩ් ආතරයිටීස් නිසා තවතවත් ආබාධ මතු වෙනවා. හරියට දියවැඩියාවේදී වගේ. වකුගඩූ වලට පවා බලපාන්න පූළුවන්. කොටින්ම එය ජීවිත කාලයටම බලපෑමක් වන අවස්ථාත් තිබෙනවා.

කොටින්ම අත් පා ක්‍රියා කරන්නේ නැති තත්ත්වයක් එන්නටත් පූළුවන්. අත්වලට තදින්ම බලපානවා වගේම කොරවෙන්නට පූළුවන් කියන කතාවත් බොරුවක් නොවෙයි.ඔස්ටියෝ ආතරයිටීස්වලට වගේම රුමටොයිඩ් ආතරයිටීස් වලටත් අද සාර්ථක ප්‍රතිකාර ක්‍රම තිබෙනවා.
දණහිස සැත්කමකට භාජනය කර එයට කෘත්‍රිම සන්දියක් සම්බන්ධ කරනවා. මෙය ලංකාවේ දැනට බහූලව සිදු කරන සැත්කමක්.

ආතරයිටීස් ඇත්තටම අද බහූල ප්‍රශ්නයක් වෙලා. අපේ ආච්චිලාගේ, ආත්තම්මලාගේ කාලේ නොතිබූණූ මේ ආතරයිටීස් සඳහා හේතුව හොඳටම පැහැදිලියි.
අද අපේ කාන්තාවන් ඉඳගෙන නැමිලා වැඩ කරන්නේ නැහැ. අස්ථිවලට කිසිම ව්‍යායාමයක් නැහැ. පහසූවට ලේසියට හිටගෙන වැඩ කරනවා.

ඒ වගේම යොවූන් වියේ ඉඳලාම ආහාරයට කැල්සියම් එකතු වීම අඩූයි. මොකද ඔසප් වීම නැවතීමේදී කැල්සියම් අඩූ වීම ඒ සඳහා බලපාන නිසා අඩූ කැල්සියම් ප්‍රමාණය ඒ සඳහා බලපානවා.
ඒ නිසා ව්‍යායාම සහිත ජීවිතයක් ගත කරමින් කැල්සියම් අඩංගු ආහාර ලබා ගැනීම තුළින් මැදි වයසට එන විට ඇති විය හැකි ආතරයිටීස් වලින් ගැලවී ඉන්නට අවස්ථාව තිබෙනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment