Honda Stunner CBF PGM – FI තාරුණ්‍යයේ ආකර්ෂණීය යතුරුපැදිය

වැඩිදියුණු කළ PGM – FI යතුරුපැදිය මෙවර තේරීමයි. පැයට කිලෝමීටර් 100 ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි මෙම යතුරුපැදිය සම්මත තත්ත්වයන් යටතේ ඉන්ධන ලීරයට කිලෝමීටර් 65 ක ධාවනයක් ලබා දෙනවා. එන්ජිමෙහි අක්‍රමවත් කි්‍රයාකාරීත්වය කල්තියා හදුනාගෙන ඒ බව ධාවකයාට සංඥා කිරීමක් සහිතයි. යතුරුපැදියේ සමබරතාවය ආරක්ෂා කරන Handle Bar weight එකකුත් තියෙනවා. ඒ වගේම යතුරුපැදිය අනවශ්‍ය අන්දමින් ඇල වන්නේ නම් ඉන්ධන සැපයුම අඩාල කර එන්ජිමේ කි්‍රයාකාරිත්වය නවතා දැමීමක් සිදුකර අනතුරකදී සිදුවිය හැකි හානිය අවම කරනවා.මෙය පරිසර හිතකාමී යතුරුපැදියක් ලෙස වායුගෝලයට අවම වායුන් ප්‍රමාණයක් මුදා හරිනවා. වැඩිදියුණු කළ ත්‍රිමාණ ග්‍රැෆික් රටාවන් යතුරුපැදියට ලබාදී තිඛෙන්නේ විශේෂ අලංකාරයක්. තාරුණ්‍යයේ ආකර්ෂණීය යතුරුපැදි පිළිබද සෙවිල්ලෙන් සිටින ඔබ වෙනුවෙන්ම නිර්මාණය වු යතුරුපැදියක් ලෙස Stunner CBF PGM – FI යතුරුපැදිය හදුන්වා දෙන්න පුළුවන්.


ස්වයං රෝග විනිශ්චය
එන්ජිමෙහි අක්‍රමවත් කි්‍රයාකාරිත්වයක් පවතින්නේ නම් ඒබ ව ධාවකයා වෙත කල්තියා දඅනුම් දීමේ සංඥාවක් යතුරුපැදිය සතු වෙනවා. යතුරුපැදියේ මීටර් පැනලයේ PGM – FI සන්නමට පහළින් කහ පැහැති ආලෝකයක් දැල්වෙමින් ඒ බව ධාවකයාට පෙන්වා දෙන්නේ වඩාත් හිතකර ධාවන අත්දැකීමක් ලබාදීම සදහායි.

ප්‍රෙමියෙම් යතුර
යතුරුපැදියේ සුපිරි බව මෙන්ම සුපිරි පෙනුමක් ලබාදෙන යතුරක්ද මෙම යතුරුපැදිය සතුයි. වර්තමානයේදී යතුරුපැදියක යතුර පිළිබද එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැති නිසාම මෙම යතුරුපැදියේ යතුර වෙනුවෙන්ද සුපිරි පෙනුමක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

හැඩිල් බාර් වෙයිට්
යතුරුපැදිය ධාවනයේදී මනා පාලනයක් සහ සමබරතාවයක් ඇති කරන ‘ හැඩිල් බාර් වෙයිටි’ මෙහිදී යොදාගෙන ඇත. මෙහිදී වඩා පහසුවෙන් යතුරුපැදිය ධාවනය කිරිම සදහා ධාවකයාට අවස්ථාව ලබාදෙනව.

අනතුරු වැළැක්වීම
යතුරුපැදිය අනවශ්‍ය ආකාරයෙන් ඇලවීමකට ලක්වෙන්නේ නමි එහි වු සංවෙදකයන් මගින් එය හඳුනාගෙන යතුරුපැදියේ එන්ජිම වෙත පැමිණෙන ඉන්ධන සැපයුම අඩාල කිරිම සහ එන්ජිම නවතා දැමීම සිදු කරනවා.මේ නිසා යතුරුපැදිය පෙරලිමකදී සිදුවිය හැකි අනතුර වළක්වා ගැනීම හෝ හානිය අවම කර ගැනීම බලාපොරොත්තු වෙනවා.

විස්කෝස් එයාර් ෆිල්ටර්
වැඩි දියුණු කළ විස්කෝස් වායු ෆිල්ටරයක් යොදාගෙන තිබෙනවා. අවම නඩත්තු වියදම සහ බාධාවකින් තොර ධාවනයක් මෙම වායු ෆිල්ටරය මගින් සහතික කර තිබෙනවා.

නඩත්තුවෙන් තොර බැටරි
නඩත්තුවෙන් තොර බැටරියක් යතුරුපැදිය සදහා යොදාගෙන තිබෙනවා. නිතර බැටරි වතුර යෙදීමක් හෝ වතුර ඉතිරීමක් මෙහි දැකිය නොහැක.

උසස් පෙනුමක ත්‍රිමාණ ලාංඡන
PGM-FI තාක්ෂණයෙන් සන්නද්ධ වු යතුරුපැදියක්. ඒබ ව හගවන ලාංඡනය ඉහළ වටිනාකමක් ගෙන දෙන ත්‍රිමාණ ආකාරයකින් දක්වා තිබෙනවා.

අර්ධ චේන් ආවරණය 
බරසාර සහ වෙිගවත් යතුරුපැදිවල දැකිය හැකි අර්ධ චේන් ආවරණයක් යෙදාගෙන ඇති නිසා යතුරුපැදියට අමතර ජවයක් එකතු වෙලා තියෙනවා.

වැඩි පළලකින් යුතු ටියුබි රහිත ටයර්
මෙම කාණ්ඩයේ පළමු වරට ඉදිරිපස සහ පසුපස සදහා ටියුබ් රහිත ටර් භාවිත කර තිබෙනවා. මෙමගින් යතුරුපැදියේ ජවය තීව්‍ර කර තියෙනවා.. එහිදී වංගු ගැනීම ඉහසු කරන අතර පැච් යාමේදී ඉක්මනින් හුලං බැසීමක් සිදු වෙන්නේ නැහැ. අගල් 17 ප්‍රමාණයේ කළු වර්ණයෙන් යුතු ඇලොයිවීල් සදහා 100/90 ප්‍රමාණයේ පළල ටයර් යොදාගෙන තිබෙනවා.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment