TVS Scooty Streak නව මාදිලියේ ස්කුටරය

ඉන්දියන් යතුරුපැදි වෙළඳ පොළ මෙන්ම ස්කූටර් වෙළඳ පොළද මේ වනවිට ශිඝ්‍රයෙන් වර්ධනය වෙලා තියෙනවා.එකකට එකක් වෙනස් මාදිලීන්ගේ ස්කූටර් මහාමාර්ගයන් හි නිතර දක්නට ලැඛෙන්නේ ඒ නිසා . අඩු එන්ජින් ධාරිතාවයකින් යුතු නිසා අවම ඉන්ධන දහනය, නඩත්තුව හා පාවිච්චිය පහසුවීම, කාන්තාවකට උවද වඩාත් පහසුවෙන් ධාවනය කළ හැකිවීම යන කරුණු හේතුකොට ගෙන පාරිභෝගික අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින් ස්කූටර් වෙළඳ පොළඳ පුළුල් කිරිමට එකී නිෂ්පාදන සමාගම් කටයුතු කර තිබෙනවා. තරුණ්‍යයේ පසුවන තරුණයින්ට මෙන්ම, මේ වනවිට සිංහල මැග් සමග සම්බන්ධව සිටින තරුණියන් ගැනද වඩාත් සැලකිලිමත් වෙමින් මෙවර සිංහල මැග් රථවාහන විශේෂාංගය තුළින් ඉන්දීය TVS සමාගම විසින් හඳුන්වා දෙනු ලැබු Scooty Streak නැමති හුරුබුහුටි ස්කූටරය ඔබ වෙත හදුන්වා දීමට අපි තීරණය කළෙමු. සෙසු ඉන්දීය ස්තූටර් සමග සැසදීමේදී අද්විතිය පහසුකම් රැසකින් මෙම ස්කූටරය සන්නද්ධ බව එම සමාගම පෙන්වා දෙනවා.


එහිදී විශේෂයෙන්ම කාන්තා සිත් ඇදබැද ගන්නා සුවිශේෂි විශේෂාංග රැසක් Scooty Streak ස්කූටරයේ සහිත බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි. හුරුබුහුටි පෙනුමක් ගත්තද TVS Scooty St¾k ස්කූටරය 87.8 CC එන්ජිමකින් බලගැන්වෙනවා. මෙම ස්කූටරය හැසිරවීම වඩා පහසුවෙන් සිදුකළ හැකි අතර එහි ප්‍රධාන නැවතුම් ආධාරකය යෙදීමද ආයාසයකින් තොරවම සිදුකළ හැකිය. ඉන්ධන පිරවුම් කවුළුව ආසනයෙන් පසුපසට වන්නට පිහිටි නිසා ස්කූටරයෙන් නොබැස ඉන්ධන පිරවිය හැකිය. එමෙන්ම නුතනත්වය සමග බද්ධ වෙමින් ජංගම දුරකථන චාජ් කිරිමේ පහසුකම්ද TVS Scooty Streak  ට ලබාදී තිබේ.

ඉන්දීය යතුරුපැදි සදහා දේශිය යතුරුපැදි වෙළඳ පොළේ මේ වනවිට පවතින ඉහළ ප්‍රතිචාර හේතුවෙන්ම TVS ලංකා සමාගම විසන් මෙරටට ගෙන්වා ඛෙදා හරිනු ලබන TVS Scooty Streak ස්කූටරය මෙසේ ඔබ වෙනුවෙන් තෝරා ගත්තෙමු. කාන්තාවන්ට මෙන්ම පුරුෂ පක්ෂයටද එක ලෙස ඔබින TVS Scooty Streak ස්තූටරයක් මිලදී ගැනීමේදී දෙවරක් සිතා බැලීමේ අවශ්‍යතාවයක් ඇති නොවන්නේ TVS ලංකා සමාගමේ දිවයින් පුරා විහිදුණු අලෙවි, අමතරකොටස් සහ සේවා පහසුකම් නිසාය. යතුරුපැදියක් හෝ ස්තූටරයක් මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වියයුතු සේවා සහ අමතර කොටස් හිගයකින් තොරව ඕනෑම අවස්ථාවක ලබාගැනීමේ අවස්ථාව TVS ලංකා සමාගම සලසා දී තිබෙනවා. 

මිල : 138,250.00  සිට ඉහලට 

TVS Scooty Streak විශේෂාංග
Super Styled LED ලාම්පු 
වරක් බැලූවොත් නැවත වරක් හැරී බැලිමට සිතෙන නිමාවක් මේ ලාම්පු සදහා ලබාදී තිඛෙනවා. ඉන්දීය ස්කුටරයක් වෙනුවෙන් මෙවැනි විශේෂ නිමාවක් සහිත LED ලාම්පු ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙයයි. එහිදී පසුපස ලාම්පුව (තිරිංග ලාම්පුව) තුළම හැරවුම් ලාම්පු දැකිය හැකියි.

Extern al Fuel Fillසාමාන්‍යයෙන් ස්තූටරයකට ඉන්ධන පිරවීමේදී ස්තූටරයෙන් බැස ආසනය ඔසවා ඉන්ධන පිරවීම කළ යුතු වෙනවා. නමුත් මෙම ස්තූටරය කාන්තාවන්ට වඩාත් උචිත ලෙස සැලසුම් කළ ස්කූටරයක් නිසා ස්කූටරය මත සිටම (ආසනයෙන් නොබැස) ඉන්ධන පිරවීම කළ හැකියි. මෙහි ඉන්ධන ටැංකිය ස්කූටරයේ ආසනය යට වුවත්, එහි ඉන්ධන පිරවුම් කවුළුව ආසනය පිටුපසින් යොදා තිඛෙනවා. ඇත්තෙන්ම මෝටර් රථයක ඉන්ධන පිරවීමකට මෙය සමාන කළ හැකියි.

Easy Center ස්ටෑන්ඩ්මෙයත් කාන්තාවන්ගේ පහසුව වෙනුවෙන්ම TVS Scooty Streak ස්කූටරය වෙනුවෙන් ලබාදුන් විශේෂාංගයක් වෙනවා. ස්කූටරය නවතා තැබීමට අවශ්‍ය වු විට කිසිදු අපහසුවකින් තොරව එහි ප්‍රධාන නැවතුම් ආධාරකය යෙදිය හැකියි. සාමාන්‍ය යතුරුපැදියක පැති නැවතුම් ආධාරකයක් (Side Stand) මෙන් මෙම ප්‍රධාන නැවතුම් ආධාරකය (Main Stand) යෙදීමට හැකිබව පැවසුවොත් වඩාත් නිවැරදියි.
Mobile චාජරය වර්තමානයෙදී ජංගම දුරකථනය එදිනෙදා කටයුතු වලදී නැතිවම බැරි උපකරණයක් වී තිඛෙනවා. මේ නිසාම tvs සමාගම මෙම ස්කූටරයට ජංගම දුරකථන චාජරයක් යොදාගෙන තිඛෙනවා. TVS Scooty Streak ස්කුටරයේ නැගී කොහේ ගියත් ඔබේ ජංගම දුරකථනයේ ක්‍රියාවිරහත වීමට අවස්ථාවක් නැහැ. ස්කූටරයේ ඉදිරිපස හැඩලයට පහළ ආරක්ෂිතකුටියක් ජංගම දුකථනය රැඳවීම සදහා යොදාගෙන තිඛෙනවා.

Lockablee Glove Boxස්කූටරයේ රක්ෂණ සහතිකය, ආදායම් බලපත්‍රය ආදී වැදගත් ලියකියවිලි මෙන්ම ධාවනයේදී යොදා ගන්නා අත් ආවරණ හෝ කාන්තාවන් නිතර භාවිත කරන පනාව, කොණඩකටු, තොල් ආලේපන ආදිය රැදවීමට හැකි පරිදි TVS Scooty Streak ස්කූටරයේ ආසනයට පහළින් විශේෂ ආරක්ෂිත රැවුම් කුටියක් යොදාගෙන තිඛෙනවා. මෙය ස්කූටරයේ යතුර යොදා ගෙන වසා දැමීමේ හැකියාවෙන් යුතුයි.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment