සංචාරයන් තුළින් ඔබට ලැබිය හැක්කේ මෙනාවාද?

මේ  ගෙවීයන මාසය තුළ බොහෝ දෙනා සංචාරවල නිරත වු බවක් දක්නට ලැබුණා. එසේම උසස් පෙළ විභාගයෙන් පසුව තරුණ තරුණියන් විශාල  ලෙස සංචාරවල නිරත වනු ලබනවා. මේ  සංචාරයන් තුළින් ඔබට ලැබිය හැක්කේ  මෙනාවාද යන්න ගැන දැනුවත්ව සිදුකරනවාද යන්න ගැටලූවක්. 

‘සංචාරය (Travel ) යන්න තරුණ අයට පමණක් සීමා වුවක් නොව බාල, මහලූ, තරුණ සියලූ දෙනාටම වැදගත් වන්නක් ලෙස හැඳින්විය හැකියි. නමුත් තරුණයන් ලෙස ඔබ සංචාරය කිරිම වැදගත් වන්නේ ඇයි  යන්න මෙහිදී අප විමසා බැලිය යුත්තක්. සංචාරය කිරිම යන්න ජීවිතයට ඛෙහෙවින් අදාල වන්නේ ෙමි හරහා අත්දැකීම් රාශියක් එක්කර ගත හැකි වීම නිසාවෙනි. සංචාරය කිරිම විවිධ අරමුණු, පරමාර්ථ ඔස්්සේ සිදු කරිමට  ඉඩ තිෙබි.  අධ්‍යාපනය, සුවිශේෂි සොයාගැනීම්,  ආර්ථීක කටයුතු ඉලක්ක කරගෙන ආදී ලෙස  ෙමිවා වර්ග කළ හැකියි. සංචාරය කිරිම තරුණයනක්ට වැදගත් වන සුවිශේෂි කරුණක් වන්නේ ජවය, තරුනකම කුතුහලය යන කාරණා නිසා ඔවුන් අත්දැකීම් රැසක් ලබාගත හැකි බැවිනි. තම වටපිටාව තේරුම් ගැනීමට, ලෝකයේ සිදුවන දේ නිවැරදිව වටහා ගැනීමට අවශ්‍ය වනු ලබයි. එසේම පුද්ගලයෙකුගේ පරිණතභාවයට, දැක්ම වෙනස්කර ගැනීමට, ඉලක්ක සකස් කර ගැනීමට සංචාරය කිරිම හරහා අත්දැකීම් රැසක් තරුණ ජීවිත වලට ලබාදේ.  ෙමි නිසා තරුණයෙකුට ලෝකය දැක තමා පිළිබඳව නිවැරදිව අවබෝධයක් ලබාගැනීමට සංචාරය වැදගත් වනු ලැබෙනවා. 

අද සමාජයට ගැලපීම
සාම්ප්‍රදායික සමාජ තත්ත්වයන් සලකා බලන විට එකල සංස්කෘතික (Cultureal  Pockets) පැවතුන. එකී සමාජ  වටපිටාව තුළ ජීවත් වු විට ඔවුන්ගේ  අවශ්‍යතාවන් සීමිත විය. ආර්ථීකය ගෝලීය වී ඇති අතර ඒ තුළ රාමු වලට කොටු වී ජීවිතේ අභියෝග ජයගත නොහැකිය. ඒ නිසා ලෝකයේ සිදුවන්නේ කුමක්ද හා ලෝකය ගමන් කරන්නේ කොතැනටද යන්න පිළිබඳ අවබෝදයක් ලබා තිබිම වැදගත් වෙයි.  මෙම අත්දැකීම් ලබාගන්නට නම් සංචාරය කිරිම ප්‍රබල මාධ්‍යක් වනු ලබයි.  වර්තමානයේ හුදු කෙටි වෙනසක්  ලබාගැනීමේ  අරමුණින්ම සංචාරයේ නිරත වන ආකාරය දැකිය හැකියි. නමුත් ඉන් එහා ගිය අරමුණු යමෙකු සංචාරයක නිරත වන විට තබාගත යුතු වෙයි. උදාහරණයක් ලෙස කොළඹ සිට යාපනය බලා සංචාරයක නිරත වනවා යැයි සිතමු. මෙතනදී සංචාරය කරන්නේ හුදු පුද්ගලයෙකු පමණක් නොවෙයි. ෙමි ප්‍රදේශයේ සංස්කෘතිය, අදහස් ආදිය රැගෙන යාමක්ද ෙමි සමගම සිදුවෙයි. විශේෂයෙන් අපේ සිතුම් පැතුම්  මොනවාද යන්න ඒ ප්‍රදේශවල අය වෙත රැගෙන යාම තුළ සංස්කෘතිය ප්‍රවණතාවක්ද සිදුවෙනු ඇත.  මෙය සමාජයක් වෙනස් කරනු ලබන ප්‍රබද කාරණයකි. අප විදෙස් රටකට ගියවිට වෙනස්ම අත්දැකීම් සමුදායක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා.
එබැවින් අප සංචාරයක නිරත වන විට පැහැදිලි අරමුණකින් ඒ සංචාරයේ නිරත වීම ඉතා වැදගත් වනු ලබයි.  එවැනි  සංචාරයක් තුළින් අප ජීවිතයට එකතු කරගන්නා කාරණාවක් නැවත ජීවිතය ගොඩනගා ගැනීමට යෙදවීමේ අරමුණින් සංචාරයක නිරත විය යුතු වනු ලබයි. සංචාරයක නියැලෙන්නට වඩාත් යෝග්‍යතම කාලය තරුණ කාලයයි. මන්දයත් බොබෝ  දෙනෙක්ට විවාහයෙන් හා ඉන්පසුව ඇතිවන කාර්යය බහුලත්යය තුළ මේ තිඛෙන නිදහස්  වාතාවරණය අඩු වන්නට ඉඩ තිඛෙන බැවිනි. ශ්‍රී ලංකාව වැනි සමාජ පසුබිමක විවාහ වු පසු අප තරුණ කාලේ නිරත වු කාරණා වලින් ඈත්වීෙමි ප්‍රවණතාවක් තිඛෙනවා.  ඒ ඉහත කී කාර්යය බහුලත්වය නිසාවෙනි. එය සිදුනොවයි යුතු දෙයක්. මන්දයත් ඒ හරහා මගහැරෙන අත්දැකීම්   ප්‍රමාණය සේම ඒකාකාරීව ගෙන යන ජීවිතයට නව නැම්මක් එකතු කර ගැනීමේ අවස්ථාව මග හැරෙන බැවිනි. ඒ නිසා තරුණ කාලයට පමණක් සීමා නොවී අරමුනු  සහගතව සංචාරයේ නිරත  වීම පුද්ගල  ඩීවිතේ සංවර්ධනයට ධනාත්මක ලෙස  බලපානු ලබයි. නමුත් මෙහිදී ඔබ යෙදෙන සංචාරය සැලසුම් සහගතව අරමුණක පිහිටා නිරතවීම ඉතා වැදගත් වනු ලබයි.

අත්දැකීම
තරුණයෙකුගේ ජීවිතයට අත්දැකීම් ලැඛෙන මාර්ග රැසදක් වෙයි. ඒ අතර එක් කාරණයක් වන්නේ සංචාරය කිරිමයි. ෙමි හරහා ලැඛෙන අත්දැකීම් පුද්ගලයෙකුගේ පරිණතභාවයට  ඛෙහෙවින් ඉවහල් වනු ලබයි.  එකී පරිණතභාවය  වැඩිවන්න වැඩිවන්න තමා කවුද යන්න නිවැරදිව අවබෝධ කරගත හැකි අතරම ලෝකය පිළිබඳව යථාර්ථය මැනවින් පැහැදිලි කරගත හැකියි.

සන්නිවේදනය 
පුද්ගලයන් අතර අදහස් හුවමාරු කර ගැනීමේ සම්බාධක ඇතිවීම තුළ විවිධ ගැටලූ උද්ගත වීමට ඉඩ තිඛෙයි. 
උදාහරණයක් ලෙස පසුගිය කාල වකවානුෙවි පැවති යුදමය තත්ත්වයන් හේතුවෙන්  අපට යාපනේ සංචාරය කිරිමට  නොහැකි විය. එවිට ඒ ප්‍රදේශයේ තරුණයන්ට දකුණේ තරුණයන්  සිතන පතන ආකාරය පිළිබඳව අවබෝධයක් නොවීය.  නමුත් සංචාරයක් වැනි කාර්යයක් හරහා අදහස් හුවමාරුව තුළ ගැටුම් නිරාකරනය කර ගැනීමට අනෙේ‍යා්න්‍ය සම්බන්ධතාවක් ගොඩනගා ගත හැකිවනු ලබයි.

නිර්මාණශිලීත්වය
සංචාරය හරහා සිදුවන තවත් සුවිශේෂී කරුණක් වන්නේ ගෙවිෂණය කිරිම හා සෞන්දර්ය දැකීමට හැකිවීමයි.  මෙකී සංචාරයන් හරහා ස්වභාවධර්මය, පෞරාණික උරුමයන්  දැකීම තුළ ලබාගන්නා අත්දැකීම් තුළින්  පුද්ගලයෙකුගේ  නිර්මාණශීලි හැකියාව වර්ධනය කර ගන්නට ප්‍රබල බලපෑමක් වනු ලබයි.  සංචාරය කිරිෙමිදී සෑම තරුණයෙක් තුළම විවිධ අරමුණු පැවතියත් සමහරුන්  නිර්මාණශීලිත්වය, සෞන්දර්ය ඉලක්ක කරගෙනම සංචාරයේ නිරත වෙයි. කෙසේ වුවද පොදුවේ සංචාරයන් හරහා පුද්ගලයෙකුගේ ච්න්තනමය වෙනසක් සිදුවනු ලබයි.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment