කිසස් හදන අයුරු



අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර සූදු මද 3
සිහින් කැට සීනි ග්‍රෑම් 300 (රෝලින් පින් එකෙන් අඹරාගන්න)
වැනිලා තේ හැඳි 1·2
කැමති වර්ණයක කලරිං තේ හැඳි 1·2
කුඩාවට කපාගත් කජූ ග්‍රෑම් 50
ලුණූ ස්වල්පයක් (ඇඟිලි දෙකට අසූවන ප්‍රමාණය)

සාදන ක්‍රමය
බිත්තර සූදු මද හොඳින් බීටි කරගන්න. වැඩිම වේගයෙන් නවත්වන්නේ නැතිව ලුණූ දමාගෙන බීටි කරගන්න. බිත්තර සූදුමද හිම මෙන් පෙන නගින තෙක් බීටි කරගන්න. අතර මග බීටි කිරීම නවත්වන්න එපා.

බෝල් එක අනෙක් පැත්තට හැරෙව්වත් බිත්තර සූදු මද වැටෙන්නේ නැති පදමට බීටි කර ගන්න. පසූව සීනි ස්වල්පය බැගින් එකතු කරමින් මිශ්‍රණය ඝනවන තුරු බීටි කරගන්න. මෙයට වර්ණක, වැනිලා, කජූ දමාගන්න දෑන් මිශ්‍රණය ලොකු පේස්ට්‍රි බෑග් එකකට දමා, ලොකු තරු නොසලයකින් බටර් තවරන ලද තැටියකට පයිප් කරගන්න.

කිසස් බේක් කර ගැනීමට පෙර උදුන හොඳින් රත් වෙන්නට තැබීම අවශ්‍යයි. උෂ්ණත්වය ෆැරන්හයිටි අංශක 400 විය යූතුයි. පයිප් කරගත් කිසස් විනාඩි 10 - 12 දක්වා කාලයක් බේක් කර ගන්න

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment