විලූඹ ප්‍රදේශයේ වේදනාවක් -ප්ලාන්ටර් ෆැෂීයා plantar fascia

වියපත්වීමත් සමගම බොහෝ දෙනා ශරීරයේ ප්‍රධාන සන්ධිවල වේදනා ගැන පවසනවා.මෙහිදි වැඩි දෙනා විලුඹ ප්‍රදේශයේ වේදනාව ගැන පවසන අවස්ථා ඔබ අසා ඇති. මෙම වේදනාවට හේතු ලෙස "ප්ලාන්ටර් ෆැෂීයා"plantar fascia "නම් වූ ව්‍යූහය ආසාදනයට පත්වීමත්, සබ්ටෙලර්  සන්ධියේ ඇතිවන ආතරයිටිස් තත්ත්වයත්, "කැල්කේනියල් කන්ඩරාව" ඇදීමට ලක්වීමෙන් ඉරීමත්, (පෝස්ටි කැල්කේනියල් බර්සා) නම් වූ ව්‍යූහය ආසාදනයට පත්වීමත් පෙන්වා දිය හැක.

රෝග ලකෂණ ලෙස විලුඹ ප්‍රදේශයේ වේදනාවත්, එහි ඉදිමූමත්, ඇවිදින විට විලුඹ බිම තැබීමට අපහසූවත්, සිටගෙන සිටීමේදීත්, ඇවිදීමේදිත් වේදනාව වැඩිවීමත්, ඇඟිල්ලකින් විලුඹ තෙරපන විට අධික වේදනාවත් දකින්න පුළුවන්. රෝගය ඇතිවීමට තුඩූ දුන් හේතුව අනූව ප්‍රතිකාර විවිධයි. වෛද්‍ය ප්‍රතිකාරවලට අමතරව භෞතචිකිත්සක ප්‍රතිකාරද මේ සඳහා අත්‍යවශ්‍ය වෙනවා.ඒ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි භෞත-චිකිත්සකයෙකු හමූවීම වැදගත්. එවිට ඔහූ හෝ ඇය රෝගියා අගැයීමකට ලක්කර භෞතචිකිත්සක ප්‍රතිකාර තීරණය කර අල්ට්‍රා සවූන්ඩ් වැනි විද්‍යූත් ප්‍රතිකාරද භෞතික ව්‍යායාමද භාවිත කළ හැක.

ඒ වගේම ඇවිදින විට "ස්පොන්ච් රබර් කුෂන් පෑඩ්" ලෙස හඳුන්වන ආධාරකයක් විලුඹ ප්‍රදේශයට පැළඳීමෙන් මෙම වේදනාව අඩූකර ගන්න පුළුවන්.

ගෙදරදී කළ හැකි ප්‍රතිකාරයක් ලෙස මද උණූසූම් ජල බඳුනක විලුඹ ප්‍රදේශය ටික වේලාවක් ගිල්වා තබාගෙන සිටීමත්, ඉන්පසූව පතුල ප්‍රදේශය ඉහළටත්, පහලටත්, චලනය කිරීමත් හඳුන්වා දිය හැක. භෞතචිකිත්සක ප්‍රතිකාර සඳහා ළඟම ඇති මහ රෝහලට හෝ මූලික රෝහලට ඔබට පැමිණිය හැකියි.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment