හොඳ පෙළපතකින් සූනඛ සූරතලෙකු හදාගන්න නම්,

මෙරට සූරතල් සතුන් ඇති කරන කා අතරත් වූවද වඩාත් ජනප්‍රිය ඇල්ශේෂන් සූනඛයා බව රහසක් නොවේ ඇලශේෂන් ඇරුන කොට ඩොබර්මන්, ඩැෂන්ටි, ජැපනිස් ස්පිටිස්, පොමනේරිනියන්, රොටි වයලර් කොකර්, ස්පැනියල් බීල් ආදී වශයනේ සූනඛ විශේෂ ගණනාවක් ලාංකීය සමාජයේ ආදරයෙන් ඇති දෑඩි වෙයි.

සූනඛ විශේෂ හඳුන්වා දෙමින් යන මේ ලිපි පෙළේ, අද ඉඩකඩ වන්නේ පාඨකයන් කිහිප දෙනෙකු අප වෙත ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු දෙන්නටය. ඒ පැනය නම් සූනඛ්‍ය සූරතලුන් කිසියම් පිළිවෙළකට හදන්නේ කොහොමද කියාය. වැඩිමනත් තේරුම් ඇතිව කීවොත් හොඳ පෙළපතිකින් යූත් සූනඛ සූරතලුන් ඇති කරගන්නේ කොහොමද යන්නය.

මෙයට පෙරත් අපේ ඉඩ කඩෙන් හොඳ පෙලපතකින් යූත් සූනඛයෙකුගේ ඇති වටිනාකම පිළිබඳව සාකච්ඡා කර ඇත්තෙමූ. කෙසේ වෙතත් පාඨකයන්ගේ වැඩිදුර දෑන ගැනීම පිණිස මේ සතියේත් ඒ පිළිබඳව අවධානය යොමූ කරමූ.

නිරෝගී, සූරතල් ශක්තිමත් සූනඛ සූරතලෙකු බලාපොරොත්තු වූ අයෙකු විසින්, ඒ සූනඛයාගේ පෙලපත පිළිබඳව අවධානය යොමූකිරීම වැදගත්ය. පෙලපත හොඳ සූනඛ විශේෂයක ඇති විශේෂයත්වය දෙමූහූන් ලක්ෂණ ඉස්මතු නොකර ඌටම ආවේණික ස්වරූපයෙන් හැසිරීමය. ඒ වගේම දීර්ඝායූෂ විඳින්නට හොඳ පෙලපතකින් පැමිණි සූනඛයා සමත් වෙයි. බොහෝ වෙලාවට සූනඛයාගේ පෙලපත ආරක්ෂා කිරීමේ වගකීම පැටවෙන්නේ සූනඛ සූරතලාගේ හිමිකාරයාටය. ඒ සඳහා ලෝකය පූරා පිහිටි කෙනල් ක්ලබ් පිහිටට පැමිණෙයි. ඔවූන්ගේ සූපරික්ෂාව යටතේ, සූනඛ සූරතලාගේ සහකරුවා හෝ සහකාරිය තෝරනූ ලබයි. කිසි විටෙකත් තමන්ගේ සූනඛ සූරතලාට නොගැලපෙන සහකාරිය සහකරුවා තෝරා ගන්නට ඉඩ නොදෙයි. කෙනල් ක්ලබ්හි ලියාපදිංචි වන සූනඛයා ගේ උපතේ සිට ජීවිතේ සවිස්තර විස්තරයන් පොතක සටහන් වෙයි. ඕනෑම සූනඛයෙකු කිසියම් විනයානූකූල පරිසරයක ගොඩ නගමින් කෙනල් ක්ලබ් පෙලපත ආරක්ෂා කරන්නේ, සූනඛ සූරතලුන් මිලදී ගන්නා අප මේ පෙලපත ගැන විේශෂ සැළකිල්ලක් දක්වන නිසාය. පරම්පරා තුනක් හෝ ඊට වැඩිගණනක් සූනඛ සූරතලාගේ පෙළපත හොඳනම් ඌට ගෙවන ගණනත් ඉහළ යන්නේ නිරායාසයෙනි.

කෙනල් ක්ලබ් ජාත්‍යන්තර සංවිධානයක් වන අතර ජපානය, එංගලන්තය, ජර්මනිය, ඇමරිකාව වැනි රටවලද මෙවැනි සංවිධාන පිහිටා ඇත. ලංකාවේ මේ සමංගය පිහිටා ඇත්තේ කොළඹ 7, රාජකීය මාවතේ අංක 19 දරණ ස්ථානයේයි. නිරෝගී හොඳ වර්ගයේ සූනඛයෙකු ඇති ඕෑම කෙනෙකුට මෙහි සාමාජිකත්වය ලබා ගත හැකිය. ඒ තුළින් තමන්ගේ සූනඛ සූරතලාට හොඳ සහකාරයෙකු හෝ සහකාරියක සොයා ගැනීමට පූළුවන. ඒ වගේම ඔවූන් පෙලපත පවත්වාගෙන යමින් දෙනූ ලබන සහතිකය, සූනඛ සූරතලාගේ වටිනාකම දෙගුණ තෙගුණ කරවයි.

වාර්ෂිකව සාමාජිකයන්ට අයත් සූනඛ සූරතලුන්ගෙන් සැඳුම් ලත් ප්‍රදර්ශන කිහිපයක් සංවිධානය කරන්නට කෙනල් ක්ලබ් කටයූතු කරනූ ලබයි. බොහෝවිට එතනදී සූනඛ සූරතලුන්ට තමන්ගේ ආදරණීය පේ්‍රමවන්තයා, හෝ පේ්‍රමවන්තතිය හමූවෙයි. අංක 19, රාජකීය මාවත, කොළඹ 7 ලිපිනයෙන් කෙනල් ක්ලබ්හි වැඩි විස්තර පාඨකයන්ට ලබා ගැනීමට පූළුවන.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment