සූනඛ සූරතලා නිවසට රැගෙන ආ පසූ පූරුදු පූහූණූ කිරීම

සාමාන්‍යයෙන් සූනඛ පැටවෙකු නිවසට ගෙන ඒමෙන් පසූ ඌට මූලින්ම පූරුදු පූහූණූ කළ යූතු කටයූත්තක් ඇත. ඒ කුමක්දැයි ඔබ මොහොතකට කල්පනා කර බැලුවාද? ඒ අන් කිසි කටයූත්තක් නොව සූනඛයාට නිසි අයූරින් මූත්‍රා කරන්නටත්, මළ පහ කරන්නටත් පූරුදු පූහූණූ කිරීමය.

නිවසට බහූල වශයෙන් සූරතලයට ඇතිකරන්න අප ගෙන එන්නෙ සූනඛ පැටවෙකු බැවින් ඌට නිසියාකාරව මූත්‍රා කිරීමට මළපහ කිරීමට ඇති දැනීමත් අඩූය. ඒ නිසාම නිවසේ ඇතුලේම මේ කටයූත්ත කරන්නට සූනඛ පැටවා උත්සූක වේ. නමූත් ඒ පූරුද්ද දිගින් දිගටම කරගෙන යන්නට සූනඛ පැටවාට ඉඩදීම හොඳ දෙයක් නොවේ. සූනඛයා වැඩූණූ පසූත් නිවස තුළ මේ කටයූත්ත කරන්නට පටන් ගතහොත් සූනඛ සූරතලූන්ට ආදරය කරන ඔබ ලොකු අමාරුවක වැටෙන්නට පූළුවන.

සූනඛයෙකු එක වරක් මූත්‍රා සහ මළ පහ කළ ස්ථානයට නැවත නැවතත් පැමිණීම ඌගේ සාමාන්‍ය සිරිතය. ඌගේ මේ සිරිත ප්‍රයෝජනයට ගෙන නිවසෙන් බාහිරව එළිමහන් ස්ථානයක සූනඛ පැටවා මළ මූත්‍රා කරන්නට පූරුදු පූහූණූ කළ හැකිය.

සූනඛයා තමන් මූත්‍රා කළ ස්ථානය සොයා යනූ ලබන්නේ ඉව උපයෝගී කරගෙනය. එළිමහන් තැනක සූනඛයා මළ මූත්‍රා කරන්නට පූරුදු කරන්නෙ නම් ඒ තැනට නියමිත වෙලාවකට දිනපතා රැගෙන යාම වඩාත් උචිතය. අනෙක් අතට සූනඛ සූරතලාට තමන්ගේ ඒ කටයූත්ත කරන ස්ථානය හොඳින් හඳුනා ගැනීම සඳහා සූනඛයාගේ මූත්‍රා හෝ මළපහ ස්වල්පයක් ගෑවූණූ කඩදාසි කැබැල්ලක් වැනි දෙයක් තැබීමත් හොඳය. ඉවට අනූව නිශ්චිත තැනකට එන සූනඛ පැටවාට මෙවැනි දෙයකින් තමන්ගේ කටයූත්ත පහසූවේ.

සාමාන්‍යයෙන් සූනඛ සූරතලුන් ඇති කරන බොහෝ දෙනෙකුට සූනඛයන් එපා කරවන තරමට කරදරයක් වන්නේ මේ කටයූත්තය. ඇතැම් අය සූනඛයන්ට කෝටූවකින් නැතිනම් අතින් පහරදී, නිසිආකාරයට මළපහ කරන්න ට සූනඛයා පොළඹවන්නට උත්සහ කරයි.

නමූත්, ක්‍රමවත්ව, ඉවසීමෙන් යූක්තව නිසි ස්ථානයකට සූනඛයාට පූරුදු පූහූණූ කිරීම ඇර මේ කටයූත්ත ජය ගැනීම පහසූ නැත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment