පිළිස්සූණූ විගස සිසිල් වතුරින් තෙත් කරන්න

බොහෝ පිළිස්සූම් අනතුරු සිදුවන්නේ නිවෙස තුළයි. පිළිස්සූම් අනතුරු එතරම් බහූල නොවූවත් එයින් සිදුවන තුවාල බරපතලය.

පිළිස්සීම් නිසා තද වේදනාවක් ඇති වේ. එම වේදනාව මාස ගණනක් පවතී. විරූපීවීම ජීවිතාන්තය දක්වාම තිබීමට පූළුවන. ඊටත් වඩා මරණය සිදුවීමට ඉඩ තිබේ.
දරුවන්ට පිළිස්සීම් සිදුවන ආකාර කිහිපයක් තිබේ. කෙළින්ම ගින්නට හසූවන දරුවන් සිටී. තවද තදින් රත්වූ ද්‍රව්‍යයක් හෝ රත් වූ දෙයක් ගැටීම නිසා පිළිස්සීම් සිදුවන අවස්ථා තිබේ. වාෂ්පවලට හසූවී පිළිස්සූම් කරගන්නා දරුවන්ද නැතිවා නොවේ. රසායන ද්‍රව්‍ය වැදීම නිසා මෙන්ම රතිඤ්ඤා වැනි දෙයට හසූ වී පිළිස්සීම් සිදුවිය හැක.
නිවසේදී නොසැළකිලිමත්කම නිසාවෙන් සිදුවන අනතුරු බලමූ.
තේ සෑදීම සඳහා උතුරන වතුර කේතලය මේසය අයිනෙන් තැබීමේදී දරුවන් එය ඇදීමෙන් උතුරන වතුර ඇඟට හලාගෙන පිළිස්සීමට ලක්වෙයි. උතුරන තේ කොළ දෑමූ තේ බඳුන්වලින් පූළුස්සා ගන්නා ළමයින්ද සිටී.
තවත් බොහෝ විට නොසිතන පැත්තකි මේ. රත්වූ මෝටර් සයිකල් සයිලන්සරයට අතපය පූළුස්සාගන්නා දරුවන් සිටී. මෙවැනි කරුණූ පිළිබඳව සැළකිලිමත් වීමෙන් බොහෝ අනතුරු මඟහරවා ගත හැකි බව පෙනේ.

කුඩා දරුවන් සිටින නිවෙස්වල උතුරන රත් වූ දේවල් අතට හසූ නොවන්නට තැබීම, එල්ලෙන මේස රෙදි වැනි දේවල් නොදෑමීම වැනි පූංචි දෙයින් බොහෝ අනතුරු වළක්වා ගත හැක.
රත් වූ ඉස්ත්‍රික්ක වැනි දේ දරුවන්ට අත ගැටෙන්නට තබන්න එපා. විහිළුවටවත් දරුවන් සමග ගින්දර සෙල්ලම් කරන්න එපා. එය භයානක බව දරුවාට වටහා දෙන්න.
කුප්පිලාම්පූ භාවිත කරන්නේ නම් එය ඉතාම ආරක්ෂාකාරීව භාවිත කිරීමට අමතක කරන්න එපා. යම් පිළිස්සූමක් වී නම් ඒ සඳහා ප්‍රථමාධාර බලමූ.
පිළිස්සීමට ලක්වූ ස්ථානය විනාඩි 15 - 20 පමණ වේලාවක් සීතල වතුරින් තෙමන්න.

ඇඳුමකට ගිනි ඇවිලි නම් දුවන්නේ නැතිව බිම දිගේ පෙරලීමට සලස්වන්න. ගෝනියක් හෝ බ්ලැන්කටිටූවක් වැනි දෙයකින් ගිනිගත් තැනැත්තා ඔතන්න.
ගින්න නිවාගත් වහාම සිසිල් වතුර දමමින් රෝගියා තෙමන්න. මේ සඳහා වතුර සොයමින් නොසිට හැකි ඉක්මනින්ම රෝගියා සිසිල් කරන්න. එයට හේතුව ගින්න නිසා පිටවන රස්නය ඇතුලත පටකවලට උරාගෙන ඒවාට හානි විය හැකි නිසයි.

පිළිස්සූන කොටස්වල කිසියම් හෝ ආලේපයක් ගල්වන්නට එපා. ඇඳුම්වල කෑලි සිරුරට ඇලී ඇත්නම් ඒවා ඉවත් කිරීමට කලබල වෙන්නත් එපා.
පිරිසිදු රෙද්දකින් රෝගියා පොරවා ගෙන රෝහලකට රැගෙන යන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment