ඉංග්ලිෂ් ෆොක්ස් හවූන්ඩ්- දඩයමට ඉතාම දක්ෂ ඉව ඇල්ලීම අතිනූත් බොහෝ සූනඛයන් අභිබවා පෙරමූණේ

සූරතල් සතුන් ගැන කතා කරන කොට තවත් සූනඛ සූරතල් විශේෂයක් ගැන අවධානය යොමූ කරමු. ලංකාවේ බොහෝ ප්‍රදේශවල ජීවත්වන මේ සූනඛ සූරතල් පැටියෙකුගේ මිල ගණන් ටිකක් වැඩියි. ඒ කියන්නේ රුපියල් තිස් දහසක් පමණ. එච්චර මිල ගණන් ඇති සූනඛ සූරතලා අන් කවරෙකුවත් නෙවෙයි. "english fox hound"- ඉංග්ලිෂ් ෆොක්ස් හවූන්ඩ්.

මේ සූනඛ සූරතලාගේ සම්භවය සොයා ගෙන ගියොත් දහ අට ශත වර්ෂය දක්වා දුව යනවා. කෘෂි කාර්මික දියූණූවත් සමඟ ඉංග්‍රීසි ජාතිකයන්ට වේගයෙන් තමන්ගේ එදිනෙදා කටයූතු කරගෙන යන්න අවශ්‍ය වූණා. ඒ නිසා වේගයෙන් දුවන අශ්වයෝ, ක්‍රියාකාරී සූනඛයෝ, අවශ්‍ය වූණා. එතැනදී තමයි ඉංග්‍රීසි ජාතිකයන් අතර ඉංග්ලිස් - ෆොක්ස් හවූන්ඩ් ජනප්‍රිය වෙන්නේ. නරි දඩයමට යූරෝපීයයන් භාවිත කළ මේ සූනඛයා, දඩයමට ගෙන ගියේ තනි වශයෙන් නොවෙයි පොකුරු වශයෙන්. දඩයමට ඉතාම දක්ෂ ඉව ඇල්ලීම අතිනූත් බොහෝ සූනඛයන් අභිබවා පෙරමූණේ සිටින්නට සමත් මේ සූනඛයා පෙළෙපත පරණම සූනඛයන් අතරින් කෙනෙක්.

කළු, තද දුඹූරු, සූදු පැහැයෙන් හෝ මේ වර්ණ තුනේ මිශ්‍රණයක් ලෙස සිටින ඉංග්ලිස් ෆොක්ස් ෆවූන්ඩ්ස් උස සාමාන්‍යයෙන් අඟල් 21 - 24 ත් අතර වෙනවා. බර කිලෝ පහළොවක් - විසිපහක් අතර එකක්.

ස්වාමියා කියන දෙයින් පිට නොයන මේ සූනඛයා සවි ශක්තිය අතින් බොහෝ සූනඛයන් පරාද කරන්නට සමත් වෙනවා. ඌ සතුව ඇති මේ සූවිශේෂ හැකියාව නිසාම මූදල් ඇති යූරෝපීයයන් අතර වගේම අනෙකුත් ජාතිකයන් අතර ද ඉක්මනින් ජනප්‍රිය වූණා.

ඇමරිකන් - ෆොක්ස් ෆවූන්ඩ් නමැති තවත් සූනඛ විශේෂයක් ද ඉන්නවා. ඇමරිකන් සහ ඉංග්ලිෂ් සූනඛ විශේෂ යම් සමානකමක් තිබූණද ඇමරිකන් විශේෂය ගැන ලියන්නට වෙනම ලිපියක් අවශ්‍ය වෙනවා.

යූරෝපයේ නම් තවමත් පොකුරු වශයෙන් හැදෙන මේ සූනඛයා ලංකාවේ නම් තනිව හදන අවස්ථා බහූල වශයෙන් අපට දෑක ගන්නට පූළුවන්.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment