හෙනා ට්‍රිට්මන්ට්

පූර්ණ වශයෙන්ම ස්වභාවික ශාඛසාර උපයෝගි කර ගනිමින් නිපදවෙන හෙනා නිෂ්පාදන නිරෝගිමත් කෙස් කලඹකට ඉතාම හොඳ ආලේපනයකි. මේ මගින් හිසකෙස් සඳහා වර්ණයක් ලබා නොදුන්නද නිරෝගිමත් කෙස් වැඩීමක් සඳහා දෑඩි ලෙස ඉවහල් වේ. තරුණ හා වැඩිමල් අයගේ හිසකෙස් සඳහා වයස් භේදයකින් තොරව මෙය ආලේප කළ හැකි අතර කෙස් පැහීම ඇරඹෙන අවදියේ අයට ආලේපනය සඳහා වඩාත්ම යෝග්‍ය වේ. නමූත් පීනස් රෝගය හෝ හිස සිසිල් වීමෙන් විවිධ රෝග හට ගන්නා අය මෙය භාවිතයේදී වඩාත් සැලකිලිමත් වීම අවශ්‍ය වේ. උදය කාලය මෙම ආලේපන කිරීම සඳහා වඩාත් යෝග්‍ය වේ.

1. හෙනා මිශ්‍රණය සාදා ගැනීමේදී කොණ්ඩයට අවශ්‍ය ප්‍රමාණයට හෙනා කුඩූ ද එය මිශ්‍රකර ගැනීමට කෝපි උණූ වතුරෙන් දියකර පෙරා ගන්න. ඔබ කැමති නම් මෙයට යෝගටි, දෙහි ඇඹූල් හෝ බිත්තරයක් මිශ්‍ර කර ගත හැක. මෙය භාවිත කිරීමේදී අත් ආවරණ දෑමීමට අමතක නොකරන්න.

2. නිසියාකාරව හෙනා ගැල්වීමේදී රූපයේ පෙනෙන ආකාරයට හිසකෙස් කොටස් දෙකකට බෙදා වෙන් කර ගන්න. පළමූවෙන්ම පිටූපස කොටස ගෙන එහි හිස් මූදුනෙහි ඇති කෙස් සඳහා හෙනා ගල්වා හිස මූදුනෙන් ගැටයක් ආකාරයෙන් තබන්න. පසූව කොටසින් කොටස දෙපැත්තෙන් ගෙන හෙනා ගල්වමින් මෙම කලින් තිබූ ගැටය ආකාරයට සම්බන්ධ කරන්න.

3. පිටූපස කොටසේ හෙනා ගල්වා අවසන් වූ පසූ මේ ආකාරයට නිමා කරගත යූතුය.

4. දෑන් ඉදිරිපස කොටස ගෙන එයද කොටස් වශයෙන් වෙන් කර හෙනා ගල්වා රූපයෙහි පෙනෙන පරිදි පිටූපස කෙටසට සම්බන්ධ කරන්න.

5. සම්පූර්ණයෙන් හෙනා නිසියාකාරව හිසකෙස් මත ගල්වා ගත් පසූ 5 වන රූපයෙන් පෙනෙන ආකාරයට නිසියාකාරව හෙනා ගැල්වී තිබිය යූතු අතර එහි ක්‍රමානූකූල බවක්ද තිබිය යූතුය. මෙය අවම වශයෙන් පැයක් හෝ ඊට වැඩි කාලයක් ගල්වා තිබිය යූතුය. පැය 3 ක පමණ කාලයක් තබාගත හැකිනම් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක. මෙය සෝදා ඉවත් කිරීමේදී ජලය පමණක් (ෂැම්පූ යෙදීම අනවශ්‍යයි) යොදා ගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment