ලෝකයේ සිටින වඩාත්ම බර සූනඛයා-mastiff පැටියෙකුගේ මිළ රු: පනස්දාහක්

සූරතල් සතුන්ගේ ලෝකයේ සැරසරද්දී විවිධ සූනඛ සූරතලුන් අපට හමූවෙනවා. මේ සතියේ ඔබට ටිකක් මවිතය ඉපදෙන සූළු සූනඛයෙකු හඳුන්නලා දෙනවා. ඒ mastiff සූනඛ විශේෂය ගැනයි. මැස්ටිෆ් සූනඛ විශේෂය තමයි ලෝකයේ සිටින වඩාත්ම බර සූනඛයා. ඌගේ බර රාත්තල් දෙසීය පනස් තුනක්.

ඒ කියන්නේ කිලෝ 115 ක්. හිතාගන්න පූළුවන්නේ මේ සූනඛ සූරතලාගේ තරම. ෂෙන් බර්නාඩ් සහ මැස්ටිෆ් වර්ගයේ සූනඛ සූරතලුන් තමයි ලෝකයේ විශාලම සූනඛයින් ගණයට වැටෙන්නේ. ෂෙන් බර්නාඩ් ගැන ඉදිරි සතියක සාකච්ඡා කරමූ.

මැස්ටිෆ් සූනඛයාගේ අඩූම උස සෙ.මී. 76 ක් පමණ වෙනවා. මේ උසට සරිලන කයක් ඌ සතු වෙනවා. පෙනූමෙන් ගාම්භීර වූණත් ස්වාමියා ඉදිරියේදී නම් ඉතාම ශාන්තයි. සැබවින්ම ස්වාමියාට ආදරණීය බල්ලෙක්. බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති මේ සූනඛයා ඇප්‍රිකොටි, සිල්වර් බ්‍රින්ඩල්, ෆොන් වර්ණ වලින් යූක්ත වෙනවා. මයිල් කෙටි අතර ඒවා ඉතා සමීපයෙන් පිහිටා තිබේ. ඔළුව ලොකු, මොටිට මූණකට හිමිකම් කියන මැස්ටිෆ් සූනඛයාගේ කන් දෙක කුඩා වූවත් හොඳින් පෙනෙන සේ එය පිහිටා තිබෙනවා. දුඹූරු පාට ඇස් ඌට අමූතු අලංකාරයක් ගෙන එනවා.

මේ සූනඛ විශේෂය ලංකාවේ ආදරයට සූනඛයන් ඇති කරන්නන් අතරත් දකින්නට ලැබෙන අතර නඩත්තු කිරීමට නම් විශාල මූදලක් වැය කළ යූතු වෙනවා. ඒ ශරීරයට ගැළපෙන තරමට වැඩි ආහාර කොටසක් කෑමට අවශ්‍ය නිසයි.

දෙවන ලෝක යූද්ධ සමයේදී මේ සූනඛයන් ආහාර හිඟය නිසා ලෝකය පූරා වඳ වෙන්නට පටන් ගත්තා. බ්‍රිතන්‍යයෙන් මැස්ටිෆ් සූනඛයන් බෙහෙතකටත් සොයා ගන්න බැරි තරමට වඳ වූණා.නැවත බ්‍රිතාන්‍යයේ මේ සූනඛයන් දෙමූහූන් කළේ කැනඩාවෙන් සහ ඇමරිකාවෙන් මැස්ටිෆ් සූනඛයන් ගෙන ඒමෙන්. කොහොම වූණත් මැස්ටිෆ් සූනඛයන් ඉතා පැරණි සූනඛ විශේෂයක් බව ඉතිහාසගත තොරතුරු වලින් අනාවරණය වෙලත් තියෙනවා. ක්‍රි. පූ. 7 වන සියවසේ කළ සිතුවම්වල මැස්ටිෆ් සූනඛයන්ගේ රූප දෑකගන්නට පූළුවන්. රෝමය විසින් එංගලන්තය පරාජය කළ අවස්ථාවේ මේ සූනඛයන් එරටට ගෙන ගොස් ඇති බවත් කියවෙනවා. මේ සටහන අවසන් කරන්නට පෙරාතුව මැස්ටිෆ් වර්ගයේ සූනඛයකුගේ මිල ගණන්ද සඳහන් කිරීම වැදගත් කියලා හිතෙනවා. පැටියෙකුගේ මිළ රුපියල් පනස්දාහක් පමණ වෙනවා. සූරතලයට මෙවැනි සූනඛයන් ඇතිකර පැටවූ ලබා ගතහොත් ආර්ථිකය යහපත් කරගන්න පූළුවන් නේද?

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment