අමූත්තන්ට පිළිගන්වන්න බීම වර්ග



ගස්ලබූ බීම
අවශ්‍ය ද්‍රව්‍ය:  ඉදුණූ ගස්ලබූ ගෙඩි 1 එළකිරි කෝ. 1 වැනිලා තේ හැඳි 1 සීනි මේස හැඳි 2 ලුණූ ස්වල්පයක්  වතුර කෝ. 1/2

සාදන ක්‍රමය : හොඳින් ඉදුණූ ගස්ලබූ ගෙඩිය දෙකට පලා ඇට ඉවත් කරගන්න. හැන්දකින් මදය සූරාගෙන පොඩි කරන්න. වතුර සමග බ්ලෙන්ඩරයකට දමා මිශ්‍ර කරගන්න. එයට සීනි, එළකිරි, වැනිලා සහ ලුණූ එකතු කරගෙන තව ස්වල්ප වේලාවක් මිශ්‍ර කරගන්න. බ්ලෙන්ඩරයක් නැතිනම් හැන්ඳකින් පොඩි කර ගන්නටත් පූළුවන්. මෙම මිශ්‍රණය ශීතකරණයේ තබා සංග්‍රහ කිරීමට පෙර අයිස් කැට දමාගන්න.

පැණි කොමඩූ බීමක්
අවශ්‍ය ද්‍රව්‍ය : පැණි කොමංූ ගෙඩි 1 ගස්ලබූ ගෙඩි 1/2 සීනි හැඳි 10 පමණ දෙහි යූෂ තේ හැඳි 2 අයිස් වතුර මිශ්‍ර කිරීමට ලුණූ ස්වල්පයක්

සාදන ක්‍රමය : පැණි කොමංූ ගෙඩිය දෙකට පලා ඇට ඉවත් කරගන්න. ඊට පසූ හැන්ඳකින් මදය සූරාගන්න. ගස්ලබූවලද ඇට ඉවත් කරගෙන හැනදකින් සූරාගෙන මදය වෙන් කරගන්න. පැණි කොමංූවල මදය සහ ගස්ලබූවල මදය බ්ලෙන්ඩරයකට දමා වතුර, සීනි, ලුණූ සහ දෙහි යූෂ දමා හොඳින් මිශ්‍ර කරගන්න. දෑන් වීදුරුවලට දමා සංග්‍රහ කරන්න. මෙම ප්‍රමාණය දහ දෙනෙකුට ප්‍රමාණවත් වේ.

කිරි රසැති දිවූල් බීම
අවශ්‍ය ද්‍රව්‍ය ; ඉදුණූ දිවූල් ගෙඩි 2 සීනි තේ හැඳි 3 වැනිලා අයිස් කී්‍රම් හැඳි 4 කල්කිරි හෝ එළකිරි තේ කෝ. 1  ලුණූ ස්වල්පයක්

සාදන ක්‍රමය : පළමූවෙන්ම දිවූල් මදය සූරාගෙන වතුර වීදුරුවක් එකතු කරගෙන පොඩි කරමින් මිරිකාගන්න. දිවූල්වල ඇට ඉවත් කරගත් පසූ යූෂ, සීනි සහ කිරි මිශ්‍ර කරගෙන බ්ලෙන්ඩරයකට දමා මිශ්‍ර කරගන්න. ලුණූද එකතු කර ගෙන වීදුරු 4 ට වත් කරගන්න. උඩින් වැනිලා අයිස් කී්‍රම් හැන්ඳ බැගින් දමා හැන්ඳක් හෝ බීම බොන බටයක් සමග පිළිගන්වන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment