විදුරු මස්වලින් ලේ ගලනවාද?

දත් මදිද්දී විදුරු මස්වලින් ලේ ගැලීම බොහෝ දෙනෙකුට තිබෙන ගැටලූවක්. මේ තත්ත්වය ඇතිවන්නේ විදුරු මස්වල ආසාදනයක් තිබෙන විටයි. එවැනි තත්ත්වයක් ඔබටත් තිබෙනවා නම් දන්ත වෛද්‍යවරයෙක් වෙත ගොස් දත් පරීකෂාකර දත් සූද්ද කර ගැනීමට සිදුවෙනවා. ඒ වගේම එම තත්ත්වය ඇතිවීමට හේතුව කුමක්ද කියාත් දැන ගන්නට පූළුවන්කම ලැබෙනවා.

අපි ගන්නා ආහාර කැබලි දත් අතර රැඳීම නිසා බැක්ටීරියා ආසාදන ඇතිවෙනවා. මේ නිසා ආසාදනයට ලක්වෙන්නේ අපේ විදුරුමහ. එවිට විදුරු මහේ කෙළවර රෝස පාටට, ඉදිමිලා එනවා. බැක්ටීරියා නිසා තමයි එවැනි තත්ත්වයක් ඇතිවෙන්නේ. ඒ වගේම රෝගී විදුරුමහක් සහ නිරෝගී විදුරු මහක් දුටූ විගස සොයා ගන්නටත් පූළුවන්. මෙම තත්ත්වය උග්‍රවීමෙන් පසූකාලිනව දත්මූල් දියවීම වැනි රෝගී තත්ත්වයන් පවා ඇතිවීමට පූළුවන්.

මෙවැනි තත්ත්වයන් ඇතිවන්නේ නිසි ලෙස දත් නොමැදීම නිසයි. ආසාදනයක් නිසා දත් මදිද්දී ලේ එනවා කියා දත් නොමැද ඉන්න හොඳ නැහැ. එවිට එම රෝගී තත්ත්වය තවත් වැඩිවෙනවා. දත් මැදෙන තරමට ලේ යාම ක්‍රමයෙන් අඩූවෙලා පසූව සූවවෙනවා. නමූත් තත්ත්වය එසේ නොවී දිගින් දිගටම ලේ යාම සිදුවෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අත්‍යවශ්‍යයි.

ඒ වගේම මෙවැනි රෝගී තත්ත්ව නොමැති පූද්ගලයන් නිතරම තමන්ගේ දත් හොඳින් මැදලා, පිරිසිදුව තබා ගැනීම වඩාත් සූදුසූයි. රෝගී තත්ත්වයන් ඇතිවීමෙන් පසූ ඒ ගැන තැවෙනවාට වඩා මූල සිටම ආරක්ෂාකාරී වීමට ඔබටත් පූළුවන්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment