ඔසප් කාලයේදී ඇතිවන වේදනාවට

වැඩිවියට පත්වීමෙන් පසූ බොහෝ කාන්තාවන්ට ඔසප්වීමේදී යටි බඩේ, කොන්දේ වගේම ශරීරයේ යම් යම් ස්ථානවල වේදනා ඇතිවෙනවා. සාමාන්‍ය වේදනාවක් ඇතිවීම ස්වභාවිකයි. නමූත් ඇතැම් අයට ඉතා තද වේදනාවක් මේ නිසා ඇතිවෙනවා.

මෙවැනි තත්ත්වයක් තිබෙන කාන්තාවන්ට රුධිර වහනය අධිකවීම හෝ අඩූවීමද ඇතිවිය හැකියි. ශරීරයේ උෂ්ණත්වය වැඩිවීම, උෂ්ණ ආහාර පාන නිතරම ගැනීම, ඇවතුම් පැවතුම්වල ස්වභාවයන් නිසා මෙසේ වීමට පූළුවන. එවැනි අවස්ථාවලදී ඇතිවන තද වේදනාව අඩූකර ගැනීම සඳහා පහත සඳහන් ප්‍රතිකාර කළ හැකිය.
*එරබදු කොල කොටා මිරිකාගත් ඉස්ම මේස හැඳි දෙක බැගින් උදේ සවස බොන්න.
*කොත්තමල්ලි, පොකුරු වදමල් තලා රාත්‍රියේදී වතුරේ දමා උදේ හිස් බඩට බොන්න.
*කොල්ලු, තැම්බූ වතුරට ලුණූ ස්වල්පයක් දමා බොන්න.(මෙය රුධිරය පිටවීම අඩූ අයට හොඳයි.)
*ඔසප් වීමට දින තුනකට පෙර සිට බැබිල ගස සහ මූලින් ගෙන කපා කොල්ලු සමග තම්බා උදේ හවස බීම හොඳයි.
*ඒ වගේම උෂ්ණ නැති ආහාර වර්ග වැඩි වශයෙන් ගැනීමත්, ජලය අවශ්‍ය පමණ පානය කිරීමත් ඉතාම සූදුසූයි.
නෙළුම්, මානෙල්, කෙකටිය, කොහිල අල මෙන්ම සාරණ, නිවිති, පිපිඤ්ඤා, බෙලි, දොඩම් ආදී දේවල් ආහාරයට ගන්න.

මෙවැනි ප්‍රතිකාර ඔබට එවැනි වේදනා ගෙන දෙන දිනවලදී ගන්නට පූළුවන්. නමූත් ඉතා තද වේදනාවක් දිගින් දිගටම පවතිනවා නම් වෛද්‍යවරයෙකු හමූවී අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගැනීම වඩාත්ම සූදුසූය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment