බටර් කේක් සාදන අයුරු

කේක් එකක් හදනවා කියන්නේ ඒ තරම් අමාරු රාජකාරියක් නෙමෙයි. නිවැරදි ද්‍රව්‍ය ප්‍රමාණයන් අරගෙන නිවැරදි ක්‍රමයට සියලුම කටයූතු කරනවා නම් රසවත් කේක් එකක් ගෙදරදිම හදාගන්න ඔබටත් පූළුවන්
මෙහි පළමූ පියවර හැටියට අද අපි බටර් කේක් එකක් නිවැරදිව හදන ආකාරය හා එහිදී මතුවන ගැටළු මොනවාදෑයි බලමූ.

කේක් හදන කොට ඉස්සෙල්ලාම හදන්න ඉගෙන ගන්නේ බටර් කේක් එක. බටර් කේක් රාත්තලක් හදන්න ඕන කරන ද්‍රව්‍ය දෑනගෙන හිටියොත් ඔබට කේක් වැඩි ප්‍රමාණයක් ඕන වූණත්, ඒ ප්‍රමාණ වැඩි කරලා ගන්න පූළුවන්. එහෙම නම් බලමූ බටර් කේක් රාත්තලක් හදන්න අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා.

බටර් ග්‍රෑම් 100, 
සීනි ග්‍රෑම් 100 (සිහින් කැට ගන්න. කැට ලොකු නම් කුඩූ කරගන්න), 
බිත්තර 2, 
පිටි ග්‍රෑම් 100, 
බේකින් පවූඩර් තේ හැඳි 1, 
කිරි පිටි තේ හැඳි වැනිලා තේ හැඳි 1/2

කිරි පිටි එකතු කිරීමෙන් කේක් එකට කිරි රසක් එකතු වෙනවා. දැන් බලමූ කේක් එක හදන විදිහ. පිටි, බේකින් පවූඩර් සහ කිරි පිටි එකට දාලා හතර පස් සැරයක් හොඳට හලාගන්න. ළඟ ළඟ හලන්නේ නැතිව හොඳින් දෙපසට වනසේ හලාගත්තම අර සියල්ල හොඳින් මිශ්‍ර වෙනවා. එවිට අපි හදන කේක් එක පැත්තක් උස් වෙන්නේ පැත්තක් පහත් වෙන්නේ නෑ. එක ගානට බේක් වෙනවා. නැත්නම් විවිධ උස මටිටම්වලට කේක් එක තියෙන්නේ.

ඊට පස්සේ බටර්, සීනි එකට දාලා හොඳට සීනි දියවෙනකම් ගහගන්නවා. අතින් හරි බීටරයකින් හරි කමක් නෑ. අතින් ගහනවා නම් දිග ලී හැන්ඳක් පාවිච්චි කරන්න ඕන. එක පැත්තටම ගහන්නත් මතක තියාගන්න. ඊට පස්සේ බිත්තර එකතු කරනවා. බිත්තරය බැගින් වෙනත් කුඩා බඳුනකට කඩලා දාලා තමයි ගන්න ඕන. කෙළින්ම බිත්තරය බටර් මිශ්‍රණයට කැඩූවොත්, එය නරක් වෙලා තිබූණොත් සියල්ලම ඉවත් කරන්න වෙනවා. ඊට පස්සේ බිත්තර ස්වල්පය බැගින් බටර් මිශ්‍රණයට එකතු කරන්න. බිත්තර එකතු කළාට පස්සේ බීටරයකින් ගහනවානම් තියෙන උපරිම වේගය පාවිච්චි කරන්න ඕන. මොකද පිටි එකතු කළාට පස්සේ වේගය පූළුවන් තරම් අඩූ කරන්න ඕන. යන්තම් කලවම් කරනවා විතරයි. වේගය වැඩි වෙන්න ඕන, බිත්තර එකතු කරන තෙක් පමණයි කියලත් මතක තබාගන්න. ලී හැන්ඳකින් ගහනවා නම් වේගයෙන් එකම අතට ගහගෙන පිිටි දෑම්මට පස්සේ යන්තම් කලවම් කරන්න. පිටි දාලා අඩූම වේගයෙන් කලවම් කරලා එයට වැනිලා එකතු කරන්න. ඊට පස්සේ බලන්න පිටි කැට වශයෙන් රැඳිලා තියෙනවාද කියලා. එහෙම නැත්නම් නිවැරදිව කලවම් වෙලා.

දෑන් බටර් කේක් මිශ්‍රණය ලෑස්තියි. මෙයට වර්ණ දෙකක් වෙන වෙනම එකතු කර යන්තම් කලවම් කිරීමෙන් ඔබට මාබල් කේක් සාදාගන්නත් පූළුවන්.

කේක් පූච්චා ගැනීමට තැටියක් අවශ්‍ය වෙනවා. මේ තැටි එක එක ප්‍රමාණවලින් එක එක හැඩවලින් තිබෙනවා. අපි හදන්නේ රාත්තලක කේක් එකක් නිසා රාත්තලේ තැටිය ගෙන සූදානම් කරගනිමූ. ප්‍රථමයෙන් තැටිය හොඳින් පිරිසිදුකර බූරුසූවක ආධාරයෙන් තැටිය පූරාම හොඳින් බටර් තවරන්න. ඒ මතට පිටි දමා හොඳින් තැවරෙන ලෙස තැටිය ඒ මේ අතට සොලවන්න. හොඳින් පිටි තැවරුවාට පස්සේ වැඩිපූර ඇති පිටි ඉවත් කරන්න

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment