නත්තල් පාටිවලදී හොඳට කන බොන මිනිසූන් එයට පෙර සහ පසූ ගතයූතු ආහාර මෙන්න



අප නිබඳවම සිරුරට හානිකර දේ ඇතුළු කරනූ ඇත. ඒ සියූම් ශක්තියක් ලැබීම අරමූණෙන් කැපේන්, මත්පැන් ආදිය පානය කිරීමෙනි. එයට අමතරව වායූ ලෙසින් ගතහොත් දුම්පානය හා විෂ සහිත පරිසර වායූව, අප කාර්යාලයේදී, අතර මඟදී සේම ප්‍රියසාදවලදී ද ආශ්වාස කෙරේ. එයට අමතරව ප්‍රියසාදවලදී තෙල්හා සෝස් ආහාර වැඩිපූර ගැනීමෙන් ද අප සිරුරට හානි සිදුකරගනී.




ඔබ මේ ගෙවන්නේ උත්සව සමයයි. දිනපතාම පාහේ ඔබට ප්‍රියසාද සඳහා ඇරයූම් ලැබේ. ඒ සියලු අවස්ථාවලදී ඔබ සිරුරට ඇතුළත්කර ගන්නේ අහිතකර දේ වීමට හැකිය.




නමූත් වාසනාවකට මෙන් අපේ සිරුරට එම අහිතකර දේ ඉවත්කර සිරුර පවිත්‍ර කර ගැනීමේ ක්‍රමවේදයක් වේ. නමූත් ඒ සඳහා අප සිරුරට සහයෝගය දැක්වීමද අවශ්‍ය වේ. එයට අමතරව සිරුරට ඇතුළුවන අහිතකර දේ සමග සටන් කිරීමේ හැකියාවක් අප ගනූ ලබන ඇතැම් ආහාරවල නිසර්ගයෙන්ම තිබේ. මේ දිනවල පවූලේ සැමම විවිධාකාර ආහාර රසවිඳින බැවින් එයින් සිරුරට සිදුවන හානිය අවම කරන ආහාර වැඩිපූර ගැනීම කදිම පිළියමකි. දෙවනූව උත්සව සමය යැයි කියා දිනපතාම පාහේ මඳක් වැඩිපූර මත්පැන් පානය කරන සැමියාගේ නිරෝගී බවටද මෙම ආහාර වැදගත්වේ.




ප්‍රිය සම්භාෂණවලදී අප ලබන ආහාර පාලනයක් කිරීම අසීරුය. එහෙයින් ඒවා රස විඳින අතරේදී එයට පෙර හා පසූ නිවැරදි ආහාර පමණක් ගැනීමෙන් සිරුරට සිදුවන හා සිදුවූ හානිය යළි නිවැරදි කර ගැනීමට හැකිය.




ඔබේ සිරුරෙහි හානිය වළකන දේ


පොදුවේ සෑම පලතුරක් හා එළවළු වර්ගයක්ම සිරුරට ඇතුළු වූ විෂ සහිත ද්‍රව්‍ය සමග සටන් කෙරේ. එහෙයින් ඔබ මේ දිනවල වැඩිපූර පලතුරු හා එළවළු ගැනීම සූදුසූය. ඒ සඳහා මේ ආහාර වඩාත් සූදුසූය.




ඇපල් ඃ මෙහි විටමින් ක හා ක්ර්සේටින් ඇසිටි ඔක්ෂයිඩන්ටි නම් පෝෂණ කොටස් තිබීමෙන් සිරුරෙහි මේදය හා කොලෙස්ටරෝල් වර්ධනය වීම පාලනය කෙරේ.




එයට අමතරව පැගිරි සහිත පලතුරු, බීටි හා බෙරිස් වර්ගවලද පෙක්ටින් නම් සෝයා රසායනිකය ඇතුළත් වේ. එය සම්බන්ධව පවතින්නේ ඊයම් හා රසදිය සමගිනි. එහෙයින් එය ආහාර ජීර්ණය වේගවත් කරයි.




හාතාවාරිය කැඳ



විටමින් ක හා කෙඳි සහිත බව බහූලය. මෙහි ප්ලුටනිඹෆ් නම් රසායනිකය ඇතුළත්වීමෙන් වකුගඩූ හා බඩවැල්වලට ඇතුළු වන අනතුරු සහිත ද්‍රව්‍යයන් සියල්ලක්ම විනාශ කෙරේ. මත්පැන් වැඩිපූර පානය කළවිටදී පසූදිනයේදී සැමියාට සකක්කර දීමට වඩාත් සූදුසූවේ.




කෙසෙල් ගෙඩි



මෙහි ලවණ බහූලව තිබීමෙන් ආහාර මගින් ශරීර ගතවන විවිධ ලෝහයන් දුර්වල කෙරේ. මෙහි පොටෑසියම් අන්තර්ගතවීමෙන් සිරුරෙහි ද්‍රව ප්‍රමාණය සමබර කෙරේ. අධික මත්පැන් පානයේදී සිරුර විජලිකරණයට හසූවන හෙයින් එම තත්ත්වය වළක්වා ගැනීමට කෙසෙල් ගෙඩි ආහාරයට ගැනීම සූදුසූය.




බීටි ඃ මෙතියොතින් අඩංගුවීමෙන් රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රතිශතය අවම කෙරේ. එයට අමතරව සිරුරෙහි අපද්‍රව්‍ය පිට කිරීමට සහයෝගය දැක්වේ. තවද, එහි ඇති බෙටනින්, අක්මාවේ තැන්පත් වන මේදය අවම කෙරේ. එයට අමතරව විවිධ අවයව තුළ වූ අනවශ්‍ය පීඩනයද එමගින් ඉවත් කෙරේ.




ධාන්‍ය සිවිය



සහල් ඇතුළු සෙසූ ධාන්‍යයන්හි පිටපොත්ත කෙඳි සහිත වීමෙන් සිරුරට ඇතුළු වන බොහෝ හානිකර දේ සමග සටන් කිරීමේ හැකියාවකින් යූක්තය. එමෙන්ම එමගින් බඩවැලෙහි අපද්‍රව්‍ය ඉවත් කරන අතර, එහි ගමනද වේගවත් කෙරේ. විශේෂයෙන්ම ධාන්‍ය කුරුටිට මගින් ආහාර් ආමාශයේ රැඳී තිබෙන කාලය අවම කෙරේ.




කැරටි




මෙහි ඇල්ෆා හා බීටා කැරොටින් ඇතුළත්වීමෙන් සිරුරෙහි අන්තර්ගත ලෝහයන් ඉවත් කිරීම ප්‍රබලව සිදු කෙරේ. එයට අමතරව රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රතිශතයද අවම කෙරේ. එයට අමතරව හෘද රෝගයන්ට හේතුවන රුධිර නාල අවහිරවීම් ද වළකයි.




ගෝවා, බොකුටූ ගෝවා, දළු ගෝවා හා කෝලිෆ්ලවර් (ගෝවා මල්)



සියලු ගෝවා පවූලට අයත් එළවළු මගින් ඉතා ප්‍රබලව සිරුරට ඇතුළුවන විවිධ විෂ වර්ග විනාශ කෙරේ. නයිට්‍රෝ ඇමින් නම් දුම්පානයේදී රුධිරයට එක්වන රසායනිකය මෙයින් විනාශ කරනූ ඇත. තව ද එහි ඇති ග්ලුකෝසිතෝලේටි මගින් අක්මාවේ විවිධ එන්සයිමයන් නිපදවීම වර්ධනය කෙරේ.




බිත්තර




එහි ලෙසිනින් නම් රසායනිකය බහූලව පවතී. එයින් ආහාර ජීර්ණය පහසූකරන අතර, අක්මාව ක්‍රියාකාරිත්වයද වර්ධනය කෙරේ. එයට අමතරව බිත්තරවලින් සිරුරට ඇතුළුවන විවිධ විෂකාරක නසන, සයිටෙියින් නම් රසායනිකයද ඇතුළත් ය. එය මත්පැන්වලින් ඇතුළුවන විෂ නැසීමට බොහෝ සමත්ය.




සූදුළුෑණූ



ඇලිසින් නම් රසායනිකය ඇතුළුවීමෙන් සූදුළුෑණූ සිරුර තුළදී ගෙන්දගම් පදනමක් මත පිහිටි සංයෝගයක් බිහිකෙරේ. එය ආහාර රසකාරක, කල්තබා ගන්නා රසානකයන් හා ඊස්ට්‍රජන් වැනි හෝමෝනයන්හි රසායනික අංශයන් ප්‍රබලව මර්දනය කෙරේ. එයට අමතරව මෙම ගෙන්දගම් සිරුරෙහි භාෂ්මීය ස්වරූපය රැකගැනීමටද උපකාරි වේ. තවද, දුම්පානයෙන් රුධිරයට එක්වන නිකොටින් ද විනාශ කෙරේ.




ජලය




මේ දිනවල ප්‍රිය සාදයන්හිදී ගනූලබන විවිධ ආහාරවලින් සිරුරට එක්වන විවිධ විෂකාරකයන් සහමූලින්ම සිරුරෙන් සෝදා ඉවත් කිරීමට ජලය අවශ්‍ය වේ. එයට අමතරව අධික මත්පැන් පානයෙන් සිරුර තුළ ඇතිවන විජලනීකරණයද එමගින් වළකනූ ඇත. එහෙයින් මෙම දිනවලදී අවම වශයෙන් ජලය වීදුරු 10 ක් වත් පානය කළ යූතුවේ. එයට අමතරව, පැණි කොමඩූ, පිපිඤ්ඤා, පෙයාර්ස් හා මිදි වැනි ජල සාන්ද්‍රණය බහූල ආහාර හා පළතුරු ද ආහාරයට ගන්න.




වැඩිපූර සාදවල සහභාගි වේ නම් මේ ටිකත් මතකයේ රඳවාගන්න.



1 වැඩිපූර ජලය පානය කිරීම




2 ග්‍රීන් ටී පානය කිරීම.




3 ඉතාමත්ම අංග සම්පූර්ණ උදේ ආහාර වේලක් ලැබීම




4 මේදය සහිත ආහාර අඩූ කිරීම.




5 සීනි පානය අවම කිරීම.




6 දිනකට පලතුරු හා එළවළු වර්ග පහ බැගින් ආහාරයට ගැනීම.




7 කැලරි අඩූ ආහාර ගැනීම.




8. චොක්ලටි ආහාරයට ගැනීම.




උත්සව සමයේදී ඔබට සමීපවන විෂ සහිත ද්‍රව්‍ය මොනවද?



මත්පැන්




උත්සව සමයේදී ප්‍රියසාද බහූල වීමෙන් සාමාන්‍යයෙන් මැත්පැන්වලට ඇළුම් නොකරන පිරිමින් පවා වැඩිපූර මත්පැන් පානය කරති. මේ දිනවල සිදුවන්නේ මත්පැන් වීදුරුවට දෙකට පටහැනි දේය. පමණට වඩා මත්පැන් පානය කිරීම පිළිකා හා හෘදයාබාධ සෑදීමට හැකි අතර, එය ප්‍රධාන අවයවවටල හා මොළයෙහි ෙසෙල හා පෙනීමට හානි සිදුකෙරේ.




නිකොටින්




දුම්පානය සමග ඔබ අර්සෙනික් හා සයනයිඩ් යම් ප්‍රතිශතයක් සිරුර ගත කර ගන්නා අතර ඒවා අධික විෂ සහිත රසායනිකයන් වේ. එයට අමතරව එහි වූ කාබන් මොනොක්සයිඩ් සිරුරෙහි ඔක්සිජන් ප්‍රතිශතය අවම කෙරේ.




සංතෘප්ත මේදය



රතු පැහැති මස් ජීර්ණයට අසීරුවීමෙන් ඒවා ආමාශයෙහි රැඳේ. එය කොලෙස්ටාරෝල් වර්ධනය කෙරෙන අතර, මෙම සංතෘප්ත මේදය බහූලව ඇත්තේ කිරි ආහාරයන් වන, මාගරින්, බටර් හා කේක් ආදියෙහි.




සීනි




සීනි බහූල ආහාර ගැනීමෙන් ඔබේ රුධිරයේ සීනි ප්‍රතිශතය වර්ධනය කෙරෙන අතර, එය ඔබව තරබාරු කිරීමට බලපානූ ඇත. එයට රුධිරයෙහි සීනි ප්‍රතිශතයක් ඇති අයගේ තුවාල ආදිය සූව නොවීමටද ඉඩ තිබේ.




Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment