මේ ලක්ෂණ ඇත්නම් ඔබේ දියණිය මල්වර වන්නට ළඟයි

ගසක් වුවත් ඵල දරන්නේ ඊට සුදුසු කාලය එළඹුණු පසුවයි. මේ සිදුවීම ගස්වැල් සඳහා පමණක් නොව සතුන් හා මිනිසුන් සම්බන්ධවද ඉතා බහුල වශයෙන් කතාබහට ලක්වන තේමාවක්. මිනිසුන් පිළිබඳව කතාබහ කරන විට ඵල දැරීම යන කරුණ වඩාත් අදාළ වන්නේ කාන්තාවන් හා සම්බන්ධවයි. ඇය ජීවිතයේදී පසු කරන විවිධ අවධීන් අතරින් මව්පදවිය ලැබීමට සූදානම් යන පණිවිඩය ලබා දෙන්නේ ඉතා වැදගත් සංසිද්ධියකින්. මෙම සිදුවීම මල්වරවීම එසේත් නැත්නම් වැඩිවියට පත්වීම ලෙසින් සාමාන්‍ය ව්‍යවහාරයේදී හැඳින්වෙන අතර ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලක් දිසානායක සමඟ අපි කතාබහට ලක් කරන්නේ ගැහැනුු දරුවෙකුගේ මල්වර වීම මෙන්ම ඒ ආශි‍්‍රතව ඇතිවන ගැටලු හා සම්බන්ධවයි.

ගැහැනු ළමයෙක් වැඩිවියට පත් වීම යනු කුමක්ද?
ඇත්තෙන්ම මින් අදහස් වන්නේ කාන්තාවක් දරුවෙක් බිහිකිරිම සඳහා සුදුසු තත්ත්වයට පත්වීමයි. මෙය ආරම්භ වන කාලසීමාව වශයෙන් සලකන්නේ වයස අවුරුදු 8ට පසුව ගතවන අවුරුදු 5 ක් 6 ක් වැනි කාලයයි. මෙය Puberty එසෙත් නැත්නම් මල්වරවීම යනුවෙන් හැඳින්වේ. මෙහිදී ඇතිවන වෙනස්වීම් මූලික වශයෙන් කොටස් 5 ක් යටතේ කතාබහට ලක්වේ.

ඒ අනුව මූලිකම ලක්ෂණය බවට පත්වන්නේ පියයුරුවල වර්ධනය වීමයි. මෙය මූලික වයස් වලින් පටන්ගෙන ක්‍රමයෙන් වැඩිවියට පත්වන විට ක්‍රමිකව සිදුවන්නක් වන අතර සාමාන්‍යයෙන් වැඩිහිටි මට්ටමේ පියයුරු දක්වා වර්ධනය වීමට අවුරුදු 3ක් 5ක් පමණ ගතවේ.

මෙහි ආරම්භ සිදු වන්නේ අවුරුදු 8 දී 9 දී පමණය. ඉන් පසුව ඇතිවන වෙනස්වීම් ලෙස ලිංග ඉන්ද්‍රියය ආශි‍්‍රත රෝම ඇතිවීම පිළිබඳ හැඳින්විය හැකිය. මේවා Pubichair ලෙසින් ඒවාද හැඳින්වේ. පෙර පැහැදිලි කළ පියයුරුවල වර්ධනය වීමට සමගාමීව මෙය සිදු වන බවද විශේෂයෙන් කිවයුතුයි.

ඒ වගේම ශරීර වර්ධනයද පසුව ඉතා වේගයෙන් සිදුවේ. එහිදී ගැහැනු ළමයෙකුගේ වර්ධන වේගය පිරිමි ළමයෙකුගේ වර්ධන වේගයට අවුරුදු 2 කට පෙර සිදුවන්නක්. මෙය ට්බධඹබඩ ඵනභපබ ලෙසින් හැඳින්වේ. මෙම ක්‍රියාවලියද අවුරුදු ගණනාවක් පුරා සිදුවන්නක්. මෙහි උපරිම ශාරීරික වර්ධන වේගය උස අවුරුද්දකට සෙන්ටිමීටර් 8කින් සිදුවේ. මෙම වර්ධනය බොහෝදුරට උපරිම මට්ටමට පත්වන්නේ වැඩිවියට පැමිණීමට අවුරුද්දකට පමණ පෙරයි.

වැඩිවිය පැමිණීමෙන් පසුව ශරීරයේ වර්ධනය උපරිම වීම අවුරුද්දක් දෙකක් පමණ වනතුරු සිදුවේ. මීට හේතු වන්නේ ඊස්ට්‍රජන් නැමැති හෝර්මෝනය නිසා අස්ථිවල වැඩීම නතර වීමයි. ඒ අනුව අදාළ කාන්තාව වැඩිවියට පත්වීමෙන් අනතුරුව උපරිම උසට පත් වේ. තවද මේ ලක්ෂණ වලට අමතරව ලිංගාශි‍්‍රත ප්‍රදේශවල රෝම වර්ධනය වීමද පෙර ලක්ෂණවලට සමගාමීව සිදුවේ.

මෙම රෝම කූප ඇතිවීම සිදුවන්නේද ලිංගික හෝර්මෝනවල බලපෑමෙනි. මෙම හෝර්මෝනය පොදුවේ ඇන්ඩ්‍රිජන් නමින් හැඳින්වේ. ඒ වගේම ඊස්ට්‍රජන් සහ ඇන්ඩ්‍රිජන් යන හෝර්මෝන කාන්තා ලක්ෂණ පවත්වා ගෙන යාමේදී ඉතා වැදගත්

වන බවද විශේෂයෙන් සඳහන් කළ යුතුයි. කෙසේ වෙතත් මෙම ලක්ෂණ පොදුවේ, ද්වතීක ලිංගික ලක්ෂණ ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් ගැහැනු දරුවෙකුගේ මෙම ලක්ෂණ වයස අවුරුදු 8 දී පමණ මතුවීමට පටන් ගනියි. මෙම ක්‍රියාවලිය සාමාන්‍යයෙන් අවුරුදු 12, 13 වන පමණ වන විට පරිපූර්ණත්වයට පත්ව පළමු ඔසප් වීමක් සිදුවේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment