දරුවා නිතරම නියපොතු හපන්නේ නිකම්ම නොවෙයි

දරුවන් තුළ ඇති නියපොතු විකීමේ පූරුද්ද මව්පියන්ටද මානසික ලෙස බරක්වන තරමටම ඔද්දල් වූණ අවස්ථා ඇත. දරුවන්ගේ මෙම ඇබ්බැහි වීමෙන් ඔවූන් මූදවා ගැනීම සඳහා දරුවන්ට දඬූවම් කිරීමටද මව්පියන් පසූබට නොවෙති. විටෙක මෙම දඬූවම් දරුවන්ට දෑරීමට නොහැකි තරමටම දරුණූ වෙන අවස්ථා ඇත.

දරුවන් නියපොතු විකීමට බොහෝ විට පෙළඹීමක් ඇති කරන්නේ මානසික ලෙස ඔවූන් තුළ ඇති කිසියම් හිස්බවක් නිසාය. මෙම හිස්බව පිරිමසා ගැනීමට දරුවන් විවිධාකාර ආදේශ සොයන අතර ඊට ඔවූන් ලබන එක්විසඳුමක් ලෙස නියපොතු විකීම සිදු වෙන බව මනෝ විද්‍යාඥයෝ සඳහන් කරති. බාලවියේදී අනූගමනය කරන මෙම සිරිත ඇතැම් දරුවන්ට වැඩිහිටි වියට පත් වීමෙන් පසූව වූව මග හරවා ගැනීමේ අපහසූතාවය ඇති වේ. ඇතැම් දරුවන්ගේ නිය කැපීමට ඉඩක් නොමැති තරමටම විකීමෙන් මොට වී ඇත.

ඇතැම් දරුවන්ගේ නිය විකීමේ සිරිත ඔවූන් ශාරීරික ලෙසින් රෝගීන් කිරීමට තරම් බරපතල වේ. නිය විකීම නිසා ශරීරගත වෙන විවිධ විෂබීජ මගින් ඔවූන් නිරන්තරව රෝගී බවට පත් වේ.

නියපොතු විකීමේ සිරිතෙන් දරුවන් මූදවා ගැනීමට ඇඟිලි තුඩූවල මිරිස් ආලේප කිරීම ඇඟිලිවලට ගැසීම වැනි දෑඩි ශාරීරික දඬූවම් කරති. එහෙත් දරුවන් එයින් මිදෙන්නේ නැත. යලිත් එම දරුවන් නියපොතු විකීමට නිරායාසයෙන්ම යොමූ වෙනූ ඇත.

මේ නිසා ඔබ කළ යූතු ප්‍රධානම දෙය නම් දරුවන් මානසික ලෙස මූහූණ දෙන ගැටූම් හඳුනා ගැනීමයි. දරුවන්ගේ සිත හඳුනාගැනීම අපහසූ වූවද එම සිත කියැවීමේ හැකියාව ඇති විශිෂ්ටතම පූද්ගලයන් විය යූත්තේ මව්පියන්මය. ඔවූන් සැබෑ මනෝ විද්‍යාඥයන් ලෙස දරුසිත හඳුනාගැනීමට තරම් විචක්ෂණශීලී වීම අවශ්‍යය. ඉතා සූළු දෙයට වූව දරුවන් සංවේදී වීම සාමාන්‍ය සංසිද්ධියකි. දරු සිත මලක් මෙන් මෘදු යැයි කියන්නේ වචන පෙළ ගැසීමට පමණක් නොවේ.

දරුවෙකු නියපොතු විකීමේ ඇබ්බැහි බවෙන් මූදවා ගැනීමට නම් මව්පියන් ලෙස ඔබ දරුවාට සමීප වීම අවශ්‍යය. අවධානය පිළිබඳ ගැටලු නිසා දරුවන් නියපොතු විකීමේ සිරිතට ඉබේටම යොමූ වෙනූ ඇත. එවන් අවස්ථා ඔබ හඳුනා ගැනීමේදී ඉතා සියූම් ලෙස දරුවාගේ මානසික තත්ත්වය හඳුනා ගැනීමට නම් ඔවූන් පිළිබඳ

නිරීක්ෂණයේ යෙදීම වැදගත් වේ. මව්පිය ආදරය පිළිබඳ දරුවා තුළ සෑහීමක් නොමැති විට අවධානය දිනා ගැනීම සඳහා ඔවූන් නියපොතු සැපීමේ කටයූත්ත වෙත යොමූ වෙනූ ඇත.


මේනිසා දරුවෙකු නියපොතු විකනවා නම් ඊට දඬූවම් දීමට වඩා නිය විකීමේ සිරිත පිටූපස ඇති හේතුන් හඳුනාගැනීමට වඩාත් වැදගත්ය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment