පරණ පොත් කියවීම නිසා එහි ඇති දූවිල්ලෙන් ඇස ඉදිරියට නෙරා එනවාද?



ඇස් අපගේ ඉන්ද්‍රියන් අතරින් වැදගත්ම ඉන්ද්‍රිය ලෙස හඳුන්වා දෙන්න පූළුවන්. ඇස නැතිනම් අප ජීවත්වීමෙන්ද පලක් නැත. පණමෙන් රැකගතයූතු ඇස්, පෙනීම ලබාදීමට උපකාරී වන අතර ඇස් රෝග ද විවිධාකාරය. එයට ඉක්මන් ප්‍රතිකාර ලබාගත යූතුය. එසේ නොකිරීමෙන් පෙනීමද අහිමිවීමට පූළුවන. මේ නිසා ඔබට වැළඳෙන අක්ෂි රෝගයක් පිළිබඳව දැනූවත් වෙමූ.
පරණ පොත් පත්තර කියවීමෙන් එහි තිබෙන දූවිලි කුඩූ ඇස තුළට යාමේදී ඉදිරියට නෙරා ඒමක් සිදුවන බව ඇතැම්හූ පවසති. මේ නිසා මෙහි යම් වෛද්‍ය විද්‍යාත්මක සත්‍යයක් තිබේද යන්න විමසා බලමූ.

වෛද්‍ය විද්‍යාව අනූව නම් පරණ පත්තර පොත් කියවීමෙන් එහි ඇති දූවිලි කුණූ ආදිය ඇස් තුළට යාම නිසා ඇස ඉදිරියට නෙරා ඒමක් කිසිදු ආකාරයකින් සිදු නොවන බව පැවසිය යූතු අතර මෙවැනි රෝගී තත්ත්වයක් ඇසේ කපාල අස්ථිවල වර්ධනයේ කුමන හෝ බලපෑමක් ඇතිවී නම් ඇස ඉදිරියට නෙරා ඒමක් සිදුවිය හැකිය.

ඉහත කරුණට අමතරව ඇස් ඉදිරියට නෙරා ඒමට විවිධ හේතු සාධක ද බලපෑ හැක. එනම් ඇසේ ගෙඩියක් නිසා, පිළිකාමය රෝගී තත්ත්වය නිසා, ඇස ඉදිරියට නෙරා ආවද එය පිළිකාවක් නොවන අවස්ථාද බොහෝය.

ඇස තුළට විෂබීජයක් ඇතුළුවීමෙන්, අනතුරකට පත්වී තිබීමෙන් ද ඇස ඉදිරියට නෙරා ඒමට ඉඩ ඇත.

එමෙන්ම ඇස ඉදිරියට නෙරා ඒම කාලයක සිට පැවතියද? එසේම එම රෝග්ී තත්ත්වය කාලය සමග අඩූ වැඩිවීමක් සිදුවෙනවාද? යන්න පිළිබඳවත් අප අවධානය යොමූ කළ යූතුය.

එමෙන්ම මෙම රෝගී තත්ත්වය වැළඳී තිබෙන්නේ ළමයෙකුටද? කාන්තාවකටද? පූරුෂයකුටද? එසේත් නොමැති නම් වයසක අයෙකුටද යන ස්ත්‍රි පූරුෂභාවය අනූවද තීරණය වෙන අතර වයස් මටිටම අනූව ද තීරණය වේ.

මෙවැනි රෝගී තත්ත්වයක් තිබේ නම් ඔබ මූලින්ම කළ යූතු වන්නේ අක්ෂි වෛද්‍යවරයෙකු ලවා ඇස් පරීකෂා කර ගැනීමයි. මෙවැනි රෝගී තත්ත්වයන් ඇති ඇතැම් මන්ද මානසික ළමූන්, හෘද රෝගීන්, වැනි විවිධ රෝගකාරක තිබෙන රෝගීන්ව පරීකෂා කර බලන අතර මෙවැනි රෝගී තත්ත්වයන් තිබේනම් අක්ෂි වෛද්‍යවරයා ප්‍රතිකාර නොකරන අතර එයට ඇතැම් අවස්ථාවලදී ශල්‍ය වෛද්‍ය සමගද සාකච්ඡා කර ඒ රෝගියාට ඇතිවී තිබෙන රෝග කාරක අනූව ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරු යොමූ වනවා ඇත.

මෙම රෝගී තත්ත්වය ඉදිරියේදී ඔබට අපහසූතාවක් නොවීනම් ප්‍රතිකාර කිරීමට අවැසි නොවන අතර මෙයින් පෙනීමේ ගැටලුවක් හෝ කළු ඉංගිරියාවේ තුවාල වීමක් ඇතිවී නම් පමණක් ප්‍රතිකාර කිරීම වැදගත්ය.


පරණ පොත් පත් කියවීම නිසා එහි ඇති දූවිල්ලෙන් ඇස ඉදිරියට නෙරා එනවාද?
දෙනෙත පණ මෙන් රැකගත යූතුය. දෙනෙතට යම් හානියක් වී නම් එය ජීවිත කාලයටම බලපෑමක් විය හැකි අවස්ථාද ඇත. බොහෝ විට එයට හේතුවන්නේ අපගේ නොසැලකිල්ලම වන්නට පූළුවන. එනිසා ඉතාම සූළු තත්ත්වයකදී පවා ඇය පිළිබඳ ඉතාම කල්පනාකාරි වී සූදුසූ වෛද්‍ය උපදෙස් සඳහා යොමූවීම වැදගත්ය.




අක්ෂි වෛද්‍ය
අයස්මන්ත ජීරිස්
අක්ෂි රෝහල, කොළඹ.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment