වැඩියෙන් ගත්තොත් ගත සිත මත්වෙයි-පදමට ගත්තොත් ගත සිත පිනවයි

නාරිකේල කුලයට අයත්වන කිතුල් ශාකය කඳ බඩය ඇතුන් ප්‍රියකරන නිසා කරි ප්‍රිය යන නමින්ද කළු කෙඳි තිබෙන නිසා කෘෂ්ණ කන්තු නමින්ද හඳුන්වයි.

හින්දියෙන් හින්තාල ලෙස ද ද්‍රවිඩ භාෂාවෙන් තිප්පිලිපන්, කොන්ඩපන් ලෙස ද හඳුන්වයි.

උෂ්ණ තෙත් දේශගුණයක හෝ උෂ්ණ වියළි දේශගුණයක හෝ ශීත වියළි දේශගුණයක හෝ ඇති තෙතමනයක් සහිත ප්‍රදේශවල වැඩෙන මෙම ශාකය වැඩීමට දීර්ඝ කාලයක් ගතවේ. ඇතැම් ශාක අඩි 50ඃ70 ක පමණ උසට වැඩී තිබෙනවා දැකිය හැක.

පොල් ගස හෝ තල් ගස මෙන් වටකුරු දික් කඳ සහිත කඳ අග විශාල අතු බෙදුණූ කොළවලින් යූතුය. කිතුල් කොළ හස්තීන්ගේ ප්‍රණීත ආහාරයකි. එමෙන්ම එම කොළ පෝෂණ ගුණයෙන් අධික ආහාරයක් නිසා මෙම කොළ ආහාරයට ගන්නා සතුන් විශාලව වැඩේ.

කිතුල් ගසේ මල ඉතා අලංකාරව දිය ඇල්ලක් කඩා හැලෙනා සේ තිබෙන නිසා මෙම මල අපගේ ලලනාවන්ගේ කේෂ කල්‍යාණයට සමාන කර ඇත.

මල නිසි කාලයේදී මෝරන්නට පෙර තලා මී රා ගැනීම සිදුකරයි. එම මී රාවල ශර්කරා පදාර්ථ බහූලව ඇත.

ආයූර්වේදයට අනූව කිතුල් රා අර්ශස් රෝගයට, රක්ත, පිත්ත, වාත රක්ත රෝගීන්ට පානය කිරීමට සූදුසූ වේ. එයින් මලබද්ධය දුරුවී මල පිටවීම පහසූ කරවයි.

ආහාර ජීර්ණයට උපකාරී වේ. බඩගිනි වඩවයි. මෙම ශාකයේ මූල් පොතු මල් යූෂ මීරා පැසූණූ රා, පැණි, හකුරු, කිතුල් පිටි ප්‍රයෝජනයට ගනූ ලබයි.

ඒ වගේම කිතුල් ශාකයේ කඳ ඉතා ශක්තිමත්ය. එයින් බෙර, වංගෙඩි, මෝල් ගස් නිෂ්පාදනය කරයි.

පිත්තාධික මධූ මේහයේදී තේ බොන විට පරණ කිතුල් හකුරු ටිකක් සැපීම හොඳයි. හිමාලය, නේපාලය, ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි රටවල වැවෙන අතර ආරක්ෂිත වගාවටද මෙම ගස අයත් වේ. එමෙන්ම ඖෂධ සඳහා අමූවෙන් ප්‍රයෝජනයට ගනී.

කිතුල් තෛල ආදියට යොදාගනී. කිතුල් පැණි, කිතුල් හකුරු ආයූර්වේදයේ මෝදක (ගුලි) වලට යොදාගනූ ලබයි.

කිතුල් වර්ග දෙකක් ඇත. ඉන් එකක මල් හටගන්නා අතර අනෙක් ගසේ මල් හට නොගනී. මල් හට නොගන්නා කිතුල් ශාකය බත් කිතුල් ගස නමින් හඳුන්වයි. එයට හේතුව එම ගසෙන් කිතුල් පිටි ලබාගන්නා බැවිනි. කිතුල් පිටි ඉතා ප්‍රිය උපදවන ආහාරයකි. එයින් කැඳ දොදොල් ආදී රස කැවිලි සාදාගනී.

රක්ත අරිශස් පිත වැඩි අයටද ගුණදායකයි. පොලොං විෂට ගුණයි. ලියූකේමියා රෝගීන් සඳහා දෙන ඖෂධවලට භාවිත කරයි.

කිතුල් ගසේ පොත්ත තලා ඉස්ම ගෙන කනේ වැක්කිරීමෙන ්කන් කැක්කුම සූවකරගත හැක.


ආයූර්වේද ශල්‍ය වෛද්‍ය
ඩී. එච්. තෙන්නකෝන්,

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment