ස්ත්‍රීන්ගේ ශරීරාංගවලින් ඇගේ චරිතය



යූවතියකගේ වටිනාම වස්තුව ඇයගේ මූහූණය. එය මූසාවක් යැයි පැවසිය නොහැකිය. කාන්තාවකගේ මූහණේ ඇතිවන හැඟීම් ප්‍රකාශ කිරීම තුළින් දිනාගත නොහැකි දෙයක් ලොවෙහි නැතිය.
ඔබේ රූ සපූව අලංකාර කර ගැනීමට විමසිලිමත් වූවා මිසක මූහූණ හැඩය පිළිබඳව හා එහි පිහිටි හැඩය අනූව ඔබේ චරිත ලකෂණ හෙළිවන බව ඔබ මොහොතකට හෝ නොසිතන්නට ඇති.

ස්ත්‍රීන්ගේ ශරීරාංගවලින් ඇගේ චරිතය හෙළිවන බව දෛවඥයන් මෙන්ම මනෝ විද්‍යාඥයන් ද පිළිගනී. ශරීරාංගවලින් ඔබේ ගති ගුණ හෙළිකරන ග්‍රහයෝග යටතේ අද අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ ඔබේ මූහූණේ හැඩය අනූව හෙළිවන චරිත ලකෂණ පිළිබඳවයි.

කිසියම් කාන්තාවකගේ මූහූණ කෘෂ (කෙටිටූ) ස්වභායකින් යූතු නම් ඈ තරමක් දරුණූ ගති ස්වභාවයක් පෙන්නම් කරයි. එසේ වූව ද ඇය සිය මිතුරන් අතරේ පරිත්‍යාගශීලී තැනැක්තියක ලෙස ඉතා ජනප්‍රිය වේ.

සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඔබේ මූහූණ සිහින්ව පිහිටා තිබේ නම් ඔබ කළහකාරී ගති ගුණවලින් යූතු වන අතර ඔබේම සොයූරු සොයූරියන් සමග වූවද ගැටූම් ඇතිකර ගනී. මේ නිසා ඔබට මිතුරු මිතුරියන් අඩූවේ. මෙසේ වූව ද ඔබට දැඩි ආත්ම විශ්වාසයක් ඇති බව පෙනේ.

මාංශවලින් පිරුණූ මූහූණක් පවතින්නේ නම් ඔබ නිදහස් සිතුවිලි දරන්නියකි. වෙහෙස මහන්සිවී උපයා ගන්නා ඇය අර පරිස්සමින් විය පැහැදම් කිරිමේ ශක්තියක් සහජයෙන්ම ඔබ සතු වන අතර යමක් නිවැරදි අයූරින්ම වටහා ගැනීමේ ශක්තියක් ඇතිවාක් මෙන්ම අන් අය සමග සූහදව කටයූතු කරන සමාජශීලි තැනැක්තියකි.

ඔබේ මූහූණ රවූම් ආකාරයට පිහිටා ඇතිනම් ඔබ බෙහෙවින්ම අනූකම්පා සහගත යූවතියකි. අනූන්ගේ දුක අවබෝධ කරගත හැකි මෘදු මොළොක් හදවතකින් යූතු ඔබට කුඩා දරුවන් බෙහෙවින්ම ඇල්මක් දක්වයි. එමෙන්ම එවැනි කාන්තාවන්ට වාසනාවන්ත දරුවන් ද ලැබේ.

මූහූණ වටකුරුව, කුඩාවට පිහිටා ඇත්නම් ඔබට උසස් අධ්‍යාපනයක් ලැබීමේ වාසනාව ඇත. දාර්ශනික අදහස්වලින් පරිපූර්ණ ඔබ පූහූ ආටෝප වලින් තොරව චාම් සරල දිවිපෙවෙතක් ගත කරයි.

මූහූණ දිගටි හැඩයෙන් යූතු නම් ඔබේ දැහැමි සිතුවිලි හා ගතිගුණවලින් යූතු වූවත් දුක් කම්කටොලුවලටද ඇය ගොදුරු වෙයි. එසේ වූවත් ඇය නිර්භීත කාන්තාවක් ලෙසට හැඳින්විය හැකිවේ.

ඔබේ මූහූණ පිරිමියෙකු මෙන්ම දිස්වේ නම් ඔබ විවාහවීමේදී වඩාත් සැලකිලිමත් විය යූතුයි.

දැලි රැවූල පිහිටා තිබේනම් ඇයට දුක්කම්කටොලුවලට මූහූණදීමට සිදුවෙයි. එහෙත් දෙකම්මූල්වල සාමාන්‍ය රෝම කූප තියෙනවානම් ඉතාමත් වාසනාවන්තයි.

ඇතැම් කාන්තාවන්ගේ මූහූණ පළල් හැඩයකින් පිහිටා තිබේ. එවැනි කාන්තාවන් ව්‍යාපාර කටයූතුවලට දකෂ මෙන්ම දියූණූවීමේ වාසනාවද ඇය සතුව පවතී.



ජ්‍යොතිර්වේදී ඩී. පී. ජයසිංහ,

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment