ස්වභාවධර්මය ඔබට සපයන ඔබ නිරෝගි කරන පෝෂණය හඳූනාගන්න



කෙතරම් රූපාලංකාර කටයූතුවල යෙදුණද ඔබේ පෙනූම ගැන ඔබට ඇත්තේ සැකයකි. එනම් සමෙහි දීප්තිය හා මෘදු බවක් නැතැයි හැඟේ. බොහෝ දිනවලදී ඔබට තිබිය යූතු ප්‍රබොධයද නැතැයි සිතේ. ඒ සියල්ලටම හේතු වී ඇත්තේ ඔබේ කය අභ්‍යන්තරයේ සිදුවන විවිධ රසායනික දූෂණය වීම හා යම් යම්  පෝෂණකොටස්වල ඌණතාවයයි. 
එහෙත් ස්වභාව ධර්මය විසින්ම විශේෂිත පෝෂණ පදාර්ථයක් ඒ සියලු දුර්වලතා මඟ හැර ගැනීමට ඔබට සපයා තිබේ. වරදකට ඇත්තේ අප කෙතරම් ආහාර ගත්තද ස්වභාධර්මය මගින් සැපයූ පෝෂණය අමතක කර සිටීමය. එම විශේෂිත පෝෂණ පදාර්ථයන් පිළිබදව පෝල් ක්‍රෝමර් විසින් රචිත Fighting Body Pollution නම් ග්‍රන්ථයෙහි හඳුන්වා දී ඇත්තේ Phyto Nutrieuts යනූවෙනි. ස්වභාව ධර්මය ඔබට සපයන මේ පෝෂණ කොටස් සැමවිටම රැඳී ඇත්තේ එළවළු පලතුරු ගෙඩි හා ඇට වර්ගයන් වලය. එහෙයින් එම ග්‍රන්ථයෙහි සඳහන් උපදෙස් අනූගමනය කළහොත් ඔබට කදිම ප්‍රබෝධමත් දිවියකට හිමිකම් කීමට හැකිය. විශේෂයෙන්ම මෙම Phytonutrieuts පෝෂණ පදාර්ථයන් ඇතුළත්ව ඇත්තේ විවිධ වර්ණයන්ගෙන් ඇති එළවළු හා පලතුරු තුළය.

මෙම පිතෝනියූට්‍රියන්ටිස් පැලෑටිවල තිබෙන බව මෑතකදී සොයාගත් අතර ඒවා එම පැළෑටි විවිධ රෝග, තුවාල විම්, විෂවීම්, දූෂනය වීම්, , අධික උෂ්ණත්වය ආදියෙන් ආරක්ෂා කරන බවද හඳුනාගෙන තිබේ. එහෙයින් එය පැළෑටි අභ්‍යන්තරයේ සිදුවන විවිධ දූෂිත වීම් වලින් වැළැක්වීමක් සිදුවීමෙන් අපට ස්වභාව ධර්මය සපයන ආහාර ගැනීමෙන් එම ශක්තිය අපේ කයටද හිමි වේ. එයට අමතරව මෙම පිතෝනියූට්‍රියන්ටිස් ප්‍රතිශක්තිකරණ ශක්තීන් සේම ෙසෙල අතර සන්නිවේදනයද ඉහළ දමනූ ඇත. සිරුර තුළ හෝර්මෝන සමබර කිරීම හා අලුත්වැඩියා කිරීමක්ද මෙමගින් සිදු වේ. තවද මෙම පෝෂණ පදාර්ථයෙහි ඇති වැදගත්ම ලක්ෂණය වන්නේ එමගින් නිදන්ගත හා දිගු කාලීනව පවතින රෝග බොහොමයක්ම වළක්වා ලීමය. ඒ අතර පිළිකා නොවැළඳීමද මූල් තැනක් ගනී.එයට අමතරව විවිධ අසාත්මික තත්ත්වයන් කොලොස්ටරෝල් ප්‍රතිශතය අවම කිරීම හා රුධිර පීඩනය නිවැරදි කිරීමක්ද සිදු වේ.

එහෙයින් නීිරෝගිව දිගු කල් ජීවත් වීමට සේම ප්‍රබෝධමත් දිවියකට ද මෙය බොහෝ වැදගත් වේ. මෙහි කයෙහි යහපත් පැවැත්ම සඳහා අවශ්‍ය බොහෝ පෝෂණ කොටස්වල සංයෝගයක් තිබීම බොහෝ ඵලදායි බව පෝෂණවේදීින්ගේ මතයයි. උදාහරණයක් ලෙසින් ෆ්ලාවෝනොයිඩ් හා කැරොටෙිනොයිඩ් වැනි බොහෝ ප්‍රබල පෝෂණයන් මෙම පිතෝනියූට්‍රියන්ටිස් අඩංගු ආහාර අනූභව කිරීමෙන් ඔබට ලැබේ. එයට අමතරව සිරුරට අවශ්‍ය බොහෝ විටමින් වර්ග හා ඛණිජ වර්ධනය කිරීමක්ද මෙම පිතෝනියූට්‍රියන්ටි හේතුවෙන් සිදු වේ.

එහෙයින් ඔබ මෙම අනගි පිතෝනියූට්‍රියන්ටිස් පෝෂණ පදාර්ථය ලැබෙන මාර්ග හඳුනාගෙන, එය කයට එක්කර ගැනීමෙන් පවූලේ සැමට නීිරෝගි දිවියකට හිමිකම් කීමට ලැබේ. මන්ද එය සිරුර බොහො ්අක්‍රමිකතාවන්ගෙන් මූදන කදිම ඖෂධමය බලවේගයක් ලෙසින් එය ක්‍රියා කරනූ ඇත.


එළවළු හා පලතුරු වැඩිපූර ආහාරයට ගැනීම
වැඩිපූර පලතුරු හා එළවළු ආහාරයට ගැනීමෙන් විවිධ පිළිකා වර්ග සෑදීම වැළකෙන බව වෛද්‍ය මතයයි. එයට හේතුව වන්නේ ඒවායේ ඉතා බහූලව මෙම පිතෝනියූට්‍රියන්ටිස් තිබීමය. නමූත් ඔබ පලතුරු හා එළවළු ආහාරයට ගැනීමේදී එයට විවිධත්වයක් හා වර්ණ වශයෙන් වෙනස් කිරීමක් සිදු නොකළොත් මෙම අනගි පෝෂණ පදාර්ථයන් හිමි කර ගැනීම අසීරු වේ.

මීළඟට ඔබේ අවධානය යොමූ විය යූත්තේ මෙම පිතෝනියූට්‍රියන්ටිස් අඩංගු ආහාර වැඩිපූර ගැනීමෙන් ඔබට වළක්වා ගත හැකි රෝග හා නිදන්ගත රෝග මොනවාද යන්නය.

1. එය හෘද නාල රෝග හා කොලොස්ටරෝල් ප්‍රතිශතය අවම කෙරේ.

2. ප්‍රබල ප්‍රතිශක්තිකරණ ශක්තියක් යටතේ පිළිකා ෙසෙල වර්ධනය වීමක් සිදුනොවේ.

3. අධික හෝර්මෝන ක්‍රියාකාරිත්වය අවම කර හෝර්මෝනවලට අලූත් බවක් ලබා දේ.

4. සිරුර පූරාම සිදුවන ජීව ධාතුවල බලපෑම් ක්‍රමවත් කෙරේ.

5. ස්නායූ පද්ධතිය වැඩි දියූණූ කෙරේ.

6. බැක්ටීරියා, වෛරස් ආදී ආගන්තුක බලපෑම්වලට සිරුර තුළ ක්‍රියාත්මක වීමට ඉඩ නොදේ.

ආහාර ගැනීමේ ක්‍රමය වෙනස් කිරීම
1. ඔබේ දිනපතා ආහාරයට විවිධ වර්ණයන්ගෙන් යූත් එළවළු හා පලතුරු වර්ග 5 ක් එක් කරගැනීම.

2. සැමවිටම නිවසේ වැවූ එළවළු හා පලතුරු ආහාරයට ගන්න.

බලවත් පිතෝනියූූට්‍රියන්ටිස්
මීළඟට ඔබ බලයෙන් වැඩි පිතෝනියූට්‍රියන්ටිස් හඳුනාගැනීම අවශ්‍ය වේ

ලිකෝපෙන්

මෙම ලිකෝපෙන් නම් පිතෝනියූට්‍රියන්ටිස් තක්කාලි, කොමඩූ, මිදි, හා ගස්ලබූවල බහූලව තිබේ. මෙම ලිකෝපින් විටමින් ෑ වලට වඩා ක්‍රියාකාරිව හඳුනාගෙන තිබේ. ප්‍රබල ලෙසින්ම පිළිකා සෑදීම වලකයි.

සල්කෝණපාන්

මෙය ප්‍රබල ලෙසින්ම ප්‍රතිශක්තියකරණ පද්ධතිය වර්ධනය කරන්නකි. මඳක් තිත්ත රසයෙන් යූත් එළවළුවල මෙය දක්නට ලැබේ.

එළවළු හා පලතුරු ආහාරයට ගත යූතු අන්දම
1. මෙම පිතෝනියූට්‍රියන්ටිස් පෝෂණ පදාර්ථයන් ඔබට ලැබීමේ නිවැරදි ක්‍රමය වන්නේ පලතුරු හා එළවළු අමූවෙන් ආහාරයට ගැනීමය. හොඳම පිසීමේ ක්‍රමය වන්නේ ඒවා හූමාලයෙන් තම්බා ගැනීමය.

2. පලතුරු හා එළවළුවල මෙම පිතෝනියූට්‍රියන්ටිස් රැඳී ඇත්තේ පිට පොත්ත අභ්‍යන්තරයේය. එහෙයින් සැමවිටම පොත්ත ආහාරයට ගන්න.

3. විටමින් ක හා ෑ බහූලව ඇති ආහාරවල මෙම පිතෝනියූට්‍රියන්ටිස් ද බහූලව තිබේ.

4. මෙම පිතෝනියූට්‍රියන්ටිස් බහූලව ඇත්තේ රතු, දම්, කහ, තැමිලි කොළ හා නිල් යන දීප්තිමත් පැහැයන්ගෙන් යූත් එළවළු හා පලතුරුවලය.

වැදගත් තොරතුරක්
1. දොඩම් ගෙඩියක පිට පොත්තෙහි පිතෝනියූට්‍රියන්ටිස් ඒකක 170 කට වඩා රැඳී තිබේ.

2. එමෙන්ම දිනකට එළවළු හා පලතුරු වර්ගය බැගින් ආහාරයට ගතහොත් පිළිකා රෝගය වැළඳීම පස් ගුණයකින් අවම කෙරේ.




Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment