ඇස් දුඹූරු පාටට පිහිටන්නේ රෝගයක් නිසාද?

බොහෝ අයගේ දෙනෙත් දිහා බැලීමෙන් කර්ණිකාව කළු පැහැයටයි පෙනෙන්නේ. නමූත් ඇතැම් අයගේ මෙම කර්ණිකාව දුඹූරු පැහැයෙන් ද පවතිනවා. එය අනෙක් අය සමග සිටීමෙන් කැපී පෙනෙන ස්වභාවයක්ද ගනී,
මෙවැනි දෙනෙත් තිබෙන අය වාසනාවන්තයින්ලෙස පවසන අතර එය බළල් ඇස් යනූවෙන්ද හඳුන්වයි.

මේ නිසා මෙය බළල් ඇස් යනූවෙන් හඳුන්වන්නේ ඇයි? එය රෝගී තත්ත්වයක්ද යන්න පිළිබඳ විමසා බලමූ. ඇස් දුඹූරු පැහැ වී තිබීම රෝගී තත්ත්වයක් නොවේ. අපේ සිරුරේ මෙලනින් වර්ණක තිබෙන බව ඔබ දන්නවා නේද? අපගේ සිරුර බාහිරව නිරාවරණය වී තිබෙන නිසා වර්ණක පිහිටා තිබෙනවා. ඒ වගේම වැඩිපූර ආලෝකයකට නිරාවරණය වන ස්ථාන වලද වර්ණදේහ පිහිටා තිබෙනවා. අප රට සමකයකට ආසන්නව පිහිටා ඇති නිසා එම පූද්ගලයන්ට හිරු රැස් වැටීම වැඩිපූර සිදුවෙනවා. ඒ නිසා තමයි හිරු එළියත් සමග ගැටෙන අයට සූදු පැහැ ඇඳුමින් සැරසෙන්න කියන්නේ. එයට හේතුව සූදු පැහැය හිරු එළිය සමග පරාවර්තනය වීමේ බලය සතු වී තියෙන නිසා. එමගින් සිරුරට පතිතවන ආලෝකය පාලනය වීමක් සිදුවෙනවා. නමූත් අපේ ඇස නිතරම ආවරණය වී නොමැති නිසා ඇසට වැටෙන ආලෝක කිරණ පාලනය කිරීම අසීරු වෙයි.

අපගේ සමේ තියෙන වර්ණ තුළින්සිදු කරන මෙහෙය වන්නේ බාහිරින් පැමිණෙන සූර්ය කිරණ මගින් සිරුර රැක ගැනීම එහෙත් අපේ ඇස් ආවරණය නොවීම නිසා දෙනෙතට ආලෝක කිරණ ඉක්මනින් ඇතුළු වෙනවා. එවිට ඇසේ කර්ණිකාව මගින් තමයි අවශ්‍ය ආලෝකය ලබා ගැනීම සිදු කරන්නේ. එම ලබා ගන්නා ආලෝකය ඇසට අපහසූ වී නම් එය සීමා කර ගැනීමට නම් පාර අන්ධ විය යූතුයි. එවිට ඇසට අවශ්‍ය ආලෝකය ලැබෙන අතර කර්ණිකාව කුඩා වී කළු පැහැයට හූරු වෙයි. සාමාන්‍යයෙන් අපේ දෙනෙතේ තිබෙන කර්ණිකාව කළු පැහැය නොව දුඹූරු පැහැයට හූරුයි. නමූත් ඇතැම් අයගේ මෙය විවිධ වර්ණවලින් දෑකිය හැකි වෙනවා. එයට හේතුව වන්නේ හිරු එළිය වැටීම අඩූ රට වල පූද්ගලයින්ගේයි. ඔබ දෑක තිබෙනවා නේද? බ්‍රිතාන්‍ය ජාතීන්, කළු ඇමරිකන් ජාතීන්, ස්පාඤ්ඤ ජාතීන් වගේම ඩෙන්මාර්ක් වැනි රටවල වෙසෙන අය ගේ දෙනෙත් දුඹූරු පැහැයට නිල් පැහැයට හූරුවට පිහිටා තිබෙන බව.

එවැනි අයගේ ද දෙනෙත් වල එම පැහැයෙන් දිස්වූවත් කර්ණිකාවේ දුඹූරු පැහැය තියෙන අතර එම පැහැය පිහිටා තියෙන්නේ. තරමක් ඈතිනි.මෙම තත්ත්වය දේශගුණික තත්ත්වයන් මත වෙනස් වූවත් ඇතැම් විට ජාන එකතු වීම තුළිිනූත් ඇති වීමට පූළුවන්. එය ජාන විකිරණය ලෙස හැඳින්වෙනවා. මෙම තත්ත්වය පරම්පරා ගතව යට ගිය වර්ණක නැවත ඉස්මතු වීම තුළින් උපදින දරුවාට මෙම පැහැය ඇති වීමේ ඉඩ ප්‍රස්ථාව බොහෝ විට ඇති වෙන්න පූළුවන්.


ඒ වගේම ඇසේ වර්ණක ඇඩූ වීම ඇතැම් විට රෝගී තත්ත්වයක් වෙන්නත් පූළුවන්.ඇල්බිනිසන් වැනි රෝගී ත්තත්වයන් ඇතිවන්නේ සමේ වර්ණක අඩූවීම හේතුවෙනි. ඇසේ වර්ණක වැඩි වීමෙන්ද රෝගී තත්ත්වයන් ඇතිවිය හැකිය. ග්ලුකෝමා රෝගී තත්ත්වය ඇතිවන්නේ වර්ණ දේහ වැඩිවී මෙනි.


උපදින දරුවෙකුගේ නම් දෙනෙත් පරීක්ෂා කර බලන නිසා අපට මෙය එතරම් ගැටලුවක් ඇතිවන්නේ නෑ. එවැනි කුමන හෝ වෙනසක් ඇසෙහි තිබේ නම් අප ඒ පිළිබඳ පරීක්ෂා කර බැලීමක් සිදු කරනවා. අක්ෂි වෛද්‍යවරයා පමණක් නොවේ චර්ම රෝග වෛද්‍යවරයෙකුගෙන්ද උපදෙස් මතයි ප්‍රතිකාර කිරීම සිදුකරනූ ලබන්නේ.


නමූත් මෙම තත්ත්ව සාමාන්‍යයෙන් අවූරුදු 30 ඃ 40 වැනි වැඩිහිටි අයටත් වැළඳෙන නිසා ඒ අයටත් විවිධ පරීක්ෂණ ආදිය සිදුකිරීමෙන් අනතුරුව තමයි ප්‍රතිකාර වලට යොමූ කර වන්නේ.


ඔබගේ දෙනෙත්වලින් පැහැයේ වෙනසක් සිදුවී තිබේ නම් ඉක්මනින් අක්ෂි වෛද්‍යවරයෙකු වෙත යෑමයි සිදුකළ යූතු හොඳම දේ වන්නේ.


වෛද්‍ය නිලධාරි
අයස්මන්ත පීරිස්
අක්ෂි රෝහල




කොළඹ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment