අලූත් අවූරුද්දේ තෑගි බෝග සහ ආහාර පාන පරිපාලනය දරුවන්ට බාර දෙන්න සිතුවොත් නරකද?



යමක් කමක් තේරෙන දරුවන්ට මාපියන් තීරණ ගැනීමේ අයිතිය හා පරිපාලනමය කටයූතු බාර නොදෙන්නේ ඔවූන් තවමත් නොමේරූ අය යැයි සිතීමෙනි. නමූත් අද පළමූ වන ශ්‍රේණියේ සිටම දරුවන්ට වගකීම් බාර දීමක් සිදුවන්නේ අනාගතයේදී ඔවූන් වගකීම් දරණ පූරවැසියන් බවට පත් කිරීමේ අවශ්‍යතාව මතය. එහෙයින් මාපියන් ලෙසින් ඔබ දරුවන්ට බොහෝ දේ නොහැකි යැයි සිතීම වරදකි.

දරුවන් වගකීම් දෑරීම හා පරිපාලනය හූරු කිරීමට මේ අලූත් අවූරුද්ද කදිම අවස්ථාවකි. එහෙයින් මෙවර අවූරුද්ද දරුවන්ට සෙල්ලම් කරන කාලයක් බවට පමණක්ම පත් නොකර අධ්‍යාපනයක්, අභ්‍යාස ලැබීමක් හා අත්දෑකීම් ලැබීමක් බවටද පත්කරමූ. කරගන්න.


දරුවන් සමග සාකච්ඡාවක්
අලූත් අවූරුද්දට තව ඇත්තේ දින කිහිපයකි. මෙතෙක් මාපියන් ලෙසින් ඒ සඳහා අවශ්‍ය මූදල් රැස් කළ ඔබ ඉදිරි දින කිහිපයේදී කරන්නේ තෑගි බෝග මිලදී ගැනීම හා අවූරුදු කෑමට අවශ්‍ය දේ සූදානම් කිරීමය. එහෙයින් මෙතැන් සිට එම වගකීම දරුවන්ට පැවරීමට ඔවූන් සමග සාකච්ඡාවක් පවත්වන්න.


නායකයෙකු හා අංශ ප්‍රධානින්
පසූගිය වසර කිහිපයේදී අලූත් අවූරුද්දෙහි සියලු කටයූතු කළේ මාපියන් හෙයින් මේ වසරේ, සිට ඉදිරියට ඒ සියල්ල දරුවන්ට බාර දීමට තීරණය කළ බව ඔවූන්ට දන්වා සිටින්න. එම සාකච්ඡාවට යද්දී අලුත් සටහන් පොතක්ද රැගෙන ගොස් අදාළ සටහන් තැබීමට එය දරුවන් අතට පත් කරන්න.


ඔබ මූලින්ම කළ යූතු දේ වන්නේ අලුත් අවූරුද්ද වෙනූවෙන් පවූලේ අය ඉටූ කිරීමට අපේක්ෂිත දේ සටහන් කර ගැනීමය.


1). තෑගි භෝග මිලදී ගැනීම


2). අවූරුදු කෑමට ආරාධනා කළ යූතු අය හා ඒ සඳහා දින යොදා ගැනීම


3). අවූරුද්ද වෙනූවෙන් යා යූතු ගමන් බිමන්


4). පවූලේ සාමාජිකයන් වෙනූවෙන් මිලදී ගත යූතු දේ


5).නිවෙස සඳහා අලූත් අවූරුද්ද වෙනූවෙන් මිලදී ගත යූතුදේ.


6). ඉදිරි වසරේ පවූලේ සැලසූම්


සිංහල අලූත් අවූරුද්ද වෙනූවෙන් ඔබේ පවූල ක්‍රියාත්මක විය යූත්තේ එම අංශ 6 වෙනූවෙනි. මෙහි අවසන් කරුණ හෙවත් පවූලේ ඉදිරි සැලසූම් වෙනම කොළයක සටහන් කිරීම හා පසූව සාකච්ඡා කිරීමද වරදක් නොවේ.

ඉහත සඳහන් කරුණූ ක්‍රියාත්මක කිරීමේ බලය දරුවන් අතර බෙදාදිය යූතු අතර එයට ප්‍රධානියෙකු පත් කිරීමද අවශ්‍ය වේ. එක් එක් අංශයට සටහන් පොතේ කොටස් වෙන් කරදී ඔවූන්ගේ සටහන් එහි තැබිය යූතු අතර අය වැයද එහි සටහන් කළ යූතු වේ. ප්‍රධානියා විසින් කරන්නේ සියලු දේ අධීක්ෂණය කිරීම පමණක් වන අතර ඒ සඳහා වඩාත්ම සූදුසූවන්නේ වැඩිමල් දරුවාය. මෙහිදී සියලු දෙනා කටයූතු කරන්නේ යම් සංවිධානයක් හෝ සමාගමක් ලෙසිනි. මාපිය යූවළ උපදේශකයන් පමණි.


සැලසූම් කිරීම
වැඩ පැවරීමෙන් පසූව එක් එක් දරුවා තමාගේ අංශයට සැලසූමක් හා වියදම් වාර්තාවක් සකස් කිරීම අවශ්‍යය. උදාහරණයක් ලෙසින් ඥාාතීන්ට තෑගි භෝග හා ඔවූන්ගේ නිවෙස්වලට යෑමේදී අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සම්බන්ධයෙන් සලකා බැලුවොත් තෑගි මිලදී ගත යූතු අයගේ ලැයිස්තුවක් මූලින්ම සකස් කර දෙවනූව එයට යන වියදම් සටහන් කළ යූතු වේ. එයින් පසූව සියලු දෙනා එම ලැයිස්තුව සාකච්ඡාවට ගෙන අවශ්‍ය වෙනස්කම් කළ යූතු වේ.


ඒ අයූරෙන්ම නිවෙසේ පැවැත්වෙන අවූරුදු කෑම සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍යන් අතුරු පස ආදියද ලැයිස්තු ගත කර එයට යන වියදම් බැලිය යූතුය.


නිවැරදිව අනූමත වූ සැලසූම් සඳහා මූදල් සම්පාදනය මාපියන් විසින් සිදුකෙරේ. මිලදී ගැනීම් සඳහා ඔබ සහභාගි වූවද භාණ්ඩ තේරීමේ නිදහසද ඔවූන්ට ලබා දීම වැදගත්වේ.

තවද අවූරුද්දට යා යූතු ගමන් සැලසූම් කිරීම ඒ සඳහා වියදම් ඇස්තමේන්තු ගත කිරීම හා අදාළ ස්ථානයන්ට දෑනූම්දීම ද දරුවන්ටම පැවරීමෙන් සංවිධාන ශක්තිය ඔවූන් තුළ වර්ධනය වේ.


වැරදි විමසීම

අවූරුද්ද නිමා වීමත් සමගම ඔබ විසින් දරුවන්ට සාදයක් පැවැත්විය යූත්තේ සියලු දේ අලංකාරව නිමා වීමෙනි. එහිදී ඔබ සාකච්ඡා කළ යූත්තේ සිදුවූ වැරදි අතපසූවීම් නිවැරදි විය යූතු දේ මූහූණ පෑ අසීරුතා ආදියි පිළිබඳවයි. මූදල් කටයූතු මෙහෙයවීම සම්බන්ධයෙන් වැරදි සිදුවී නම් එයද කතාබහට ගත යූතුය.


මාපියන් ලෙසින් ඔබ දරුවන් සඳහා මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කළ විටදී ඔබේ සිංහල අලුත් අවූරුද්ද සාමාන්‍යයෙන් ඔහේ ගෙවී යන්නක් නොවී ඵලදායි එකක් බවට පත් වේ. මෙහිදී මාපියන් ලෙසින් ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවාදෑයි බලමූ.


1). දරුවන්ගේ හැකියාව, දක්ෂතාව හා සංවිධාන ශක්තිය හඳුනා ගැනීමට හැකිවීම


2). දරුවන්ට ඕනෑම වගකීමක් දෑරීමට හැකි බව අවබෝධ වීම


3). දරුවා අනාගතයේදි වගකීම් දරන්නෙකු හා සංවිධාන ශක්තියෙන් පිරිපූන් අයෙකු බවට පත්වීමට අවශ්‍ය අභ්‍යාසය ලැබීම.


4). සිංහල අලූත් අවූරුද්ද විශේෂිත පී්‍රතියකින් ගෙවී යෑම


5). දරුවන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවීම හා එය මාපියන්ගේ පිළිගැනීමට ලක්වීම


6). දරුවන්ගේ ආත්ම අභිමානය හා ආත්ම ශක්තිය වර්ධනය වීම


කදිම අත්දෑකීමක්

මෙම අත්දෑකීම් ලැබීමත් සමගම මාපියන් ලෙසින් ඔබට දරුවන් සම්බන්ධයෙන් අලූත් අදහස් ඇති වේ. එය එක්තරා අන්දමකින් ඔබ නිදහස් වීමකි. යළිත් ඉදිරියේ මෙවැනි දේ සම්බන්ධයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සූදුසූවන අතර දරුවන්ද එම අභියෝගයන් පිළිිගන්නේද සතුටෙනි.


පොත්පත් ලබාදීම
දරුවන්ගේ සංවිධාන ශක්තිය ඉහළ පසූබිමක තිබූ බව ඔබට වැටහීමත් සමගම මීළඟට ඔබ කළ යූත්තේ සංවිධාන කටයූතු සඳහා අවශ්‍ය න්‍යායාත්මක දෑනූම ලැබීමට හැකි පොත්පත් ඔවූන්ට ලබා දීමය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment