ඇස මතුපිට ඇතිවන ලප

ඇතැම් පූද්ගලයින් තුළ ඇස්වල ලප ඇති වී තිබීම දෑකිය හැකිය. ඇස්වල උපතේදීම දෑකිය හැකි වන නිසා මෙම ලප උපන් ලප නමින් හඳුන්වයි.

උපන් ලප අපගේ දෙනෙත් වල පමණක් නොව සමේ මතුපිටද දකින්නට ලැබේ. ඒවා ඇතැම් විට කළු පැහැයෙන් හෝ දුඹූරු පැහැයෙන් ද යූතු වේ.

උපන් ලප යනූ අපගේ සිරුරේ තිබෙන වර්ණක ෙසෙල බෙදී සම මතුපිට ආවරණයක් ලෙස පිහිටීමයි. එම ආවරණය ඇසේ සූදු ඉංගිරියාවේද තිබෙන්නට පූළුවනි.

එම තත්ත්වය උපතින් ඇතිවිය හැකි මූත් එයින් ඇසට විශාල වෙනසක් ඇති නොවේ. ඇතැම් අයගේ ඇසේ පිහිටන උපන් ලප කාලයෙන් කාලයට වැඩිවීමටද හැකියාව ඇති අතර වෙනස් වීමක් ද සිදුවෙන්නට පූළුවන්.

ඇතැම් අවස්ථාවලදී ඇසේ උපන් ලප හේතුවක් නොමැතිවම පටක විද්‍යා සංයූතිය අනූවම වෙනස් වේ. ඇසේ ඇති උපන් ලප සාමාන්‍යයෙන් විශාල වීමක් සිදු නොවේ.

දෙනෙත් වල හටගෙන තියෙන උපන් ලප ඔබට අවලස්සනක් ගෙන දෙනවා නම් අකෂි වෛද්‍යවරයෙකුට පෙන්වා එය ඉවත් කර ගත හැක. ඇසේ පිහිටා තිබෙන උපන් ලපවල ප්‍රමාණය වෛද්‍යවරයා විසින් මැන බැලීමක් සිදුකර එම ප්‍රමාණයන්ගේ වාර්තාවක් සකස් කර තබාගනී. එසේ සිදුකරන්නේ ඇසේ හටගෙන තියෙන උපන් ලප තුළ කිසියම් වෙනසක් ඇති වෙනවාද යන්න දෑන ගැනීම සඳහා වේ.

මෙතැනදී පැවසිය යූත්තේ ඇසේ සූදු ඉංගිරියාවේ හටගෙන තිබෙන උපන් ලප නිසා පෙනීමේ දුර්වලතාවයක් ඇති නොවන වගයි.

ඔබ මෙතනදී අවධානය යොමූකළ යූතු වන්නේ ඔබේ ඇස්වල හටගෙන ඇති ලප උපතේදී තිබූණාද? නැතිනම් මෑත කාලයේදී මතු වී ඇති ඒවාද? යන්න පිළිබඳවයි. මෑත කාලයේ මතු වී ඇති නම් එම ලප උපන් ලප නොවන්නටද හැකිය. එය පිළිකාමය තත්ත්වයක් වන්නට පූළුවන්. මේ නිසා කෙටි කාලයකදී මෙවැනි ලප මතු වී තිබේනම් එය උපන් ලප යැයි සිතා නොසිට විගසින් ඔබ අකෂි වෛද්‍යවරයෙකු වෙත යෑම වැදගත්ය.

එහිදී ඇස් පරිකෂා කර බලා අවශ්‍ය නම් සැත්කමක් හෝ පටක පරීකෂණයකින් පරීකෂා කරබලා ප්‍රතිකාර කිරීමට හැකිවන නිසායි.

ඔබගේ දෙනෙතේ පිහිටා ඇති උපන් ලප කළු ඉංගිරියාව ආසන්නයේ පිහිටියේ නම් වෛද්‍යවරයෙකු ලවා පරීකෂා කර බලා ඉන් අනතුරුව එම ලප ඉවත්කර ගැනීමට පූළුවනි.


අකෂි වෛද්‍ය 
අයස්මන්ත පීරිස්

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment