ඊළඟට කළ යූත්තේ ඒ වේලාව පෙරදිග ක්ෂිතිජයේ උදා වූ රාශිය කුමක්ද? එය උදා වී කොපමණ පැය විනාඩි නැති නම් අංශක කලා ගණනක් ගත වීද යන්න සොයා ඒ උදා වූ රාශිය මූල් කරගෙන කේන්ද්‍රය සාදා ගැනීමයි.
රාශි චක්‍රය ලෙස හඳුන්වන්නේ මේඛලා රේඛාවට හරි කෙළින් අහසේ පිහිටා ඇති මහා කවයකට බවත් ඒ කවය සම කොටස් දොළසකට බෙදා මේෂ, වෘෂභ ආදී නම් කර ඇති බවත් ඔබට කියා ඇත.
යම්කිසි රාශියක් පැය විනාඩි ගණනක් පෙරදිග ක්ෂිතජයේ උදාවී පවතී. එසේ උදා වී පවතින පැය විනාඩි ගණන හඳුන්වන්නේ රාශි උදය (රාග්‍යෝද්‍ය) ප්‍රමාණය යනූවෙනි. මේ බලා රේඛාවෙන් ඈත් වූ තරමට ඒ ඒ රටවලට රාශි උදා වන ප්‍රමාණය වෙනස් වේ. නමූත් මධ්‍යවකාශයේ යම්කිසි රාශියක උදා වී පවත්නා කාලය පූර්ව දිග ක්ෂිතජයේ උදා වන රාශි මෙන් කිසිම වෙනසක් නැත. හැම රටකටම ඒකාකාරව පවතී. කොළඹ, ගාල්ල දී මේඛලා රේඛාව සම්බන්ධ වෙනස්කම් ඇති ප්‍රධාන නගරවලට සකස් කරන ලද රාශ්‍යෝද්‍ය ප්‍රමාණය මෙරට ලිත්වල දක්වා ඇත.
මේෂ ආදී රාශි දොළහෙන් යම් රාශියක් සූර්යෝදය හෙවත් ඉර පායන කල්හි පෙරදිග ක්ෂිතිජයෙන් උදා වේ ද එයට උදය රාශියයි කියනූ ලැබේ. හැමදාම ඉර පායන විට උදාවෙන්නේ ඉරු සිටින රාශියමය. එය එසේ වූවත් පෙරදිග ක්ෂිතිජයෙන් ඉර හා රාශි උදාව හැමවිටම එකවරම සිදුවන්නේ නැත.
යම් කිසි රාශියකට පැමිණි දින හැර එම රාශියේ සිටින අනිත් හැම දවස්වලම ඉරුට පෙර රාශිය උදා වේ. එහෙත් කිසිම දවසක ඉර පෑයීමට පෙර අස්ත නොවේ. සූර්යා රාශියකට පැමිණි දින හැර අනිත් හැමදාකම ඉරුට පෙර රාශිය උදාවන බැවින් ඉර පෑයීමට පසූ ඒ රාශිය පවත්නා කාලය දිනපතාම වෙනස් වේ. සූර්යා දවසකට ඒ සිටින රාශියෙන් එක් අංශකයක් ගත කරයි. උදය රාශිය කියන්නේ මේ සූර්යයා සිටින රාශියම නිසා සූර්යයා තමා සිටින රාශියේ ගත කරන එක එක අංශකයක් (දවසක්) පාසාම ඒ ගත කරන අංශයකට සමාන විනාඩි ගණනක් උදය රාශියෙන්ද ගත වේ.
එසේ ගතවී සූර්යෝදයට පසූවත්ම රාශියේ ඉතිරිවී ඇති ගණන ස්ැම සිංහල පංචාංග ලිතකම ඒ ඒ සූර්ය මාස සම්බන්ධ පංචාංග පිටූවල දක්වා ඇත.
රාශි චක්‍රය දවසකට වරක් කැරකෙන බැවින් හැම දවසක් පාසාම සූර්යයා සිටි රාශිය ගෙවී ගිය පසූ පෙරදිග ක්ෂිතිජයෙන් පිළිවෙලින් අනෙක් රාශිය උදා වේ. ඉන්පසූව ජ්‍යොතිෂ්‍යඥායාගේ කාර්යබාරය විය යූත්තේ නිවැරදිව ලග්නය සොයා ගැනීමයි.
පංචාංග ලිත නැත්නම් බොහෝ දෛවඥයන්ට කේන්ද්‍රයක් හදා ගන්න බැහැ
ජ්‍යොතිෂයෙන් නිවැරදි ප්‍රයෝජන ලබා ගැනීමට නම් නිවැරදි ජන්ම කේන්ද්‍රයක් තිබිය යූතු බව අප පසූගිය සතියේ සාකච්ඡා කළ බව ඔබට මතක ඇති. අද වැඩි දෙනෙකුට නිවැරදි ජන්ම කේන්ද්‍රයක් නැහැ. මේකට හේතු රාශියක් බලපාල තියෙනවා. පළමූ කාරණය දෛවඥයන්ගෙන් සීයට අනූපහකට මූද්‍රිත ලිතක් නැතිව කේන්ද්‍රයක් සෑදීමට බැරිකම. කුමක් හෝ හේතුවක් මත පංචාංග ලිත් මූද්‍රණය කිරීම නතර වූණොතින් එදාට හූඟ දෙනෙක් කේන්ද්‍ර හදල හමාරයි.
අතීතයේ මේ ලිත් මූද්‍රණයක් තිබූනෙ නැහැ. නමූත් අපූරුවට ජන්ම කේන්ද්‍රය සාදා ගත්තා. එම ප්‍රශ්නය තමයි අද කේන්ද්‍ර ප්‍ර්‍රශ්නයේදී මූලටම එන්නේ.
එපමණක් ද නොවේ... අද සිටින දෛවඥයන් වැඩි දෙනෙකුට පංචාංග ලිතේ ඇති මූද්‍රණ දෝෂයවත් තේරුම් ගන්න බැහැ. මූද්‍රණ දෝෂයකින් කටකගේ ඉන්න ශනි සිංහගේ කියල මූද්‍රණය වෙලා තිබූණොත් ඒ වරද එහෙමම හදහන්වල සටහන් කරන අය තමා වැඩිපූරම ඉන්නේ.
මෙවැනි තත්ත්වයක් තුළ තමයි අද ජ්‍යොතිෂය ගැන බොහෝ දෙනා කියවන්නේ. අනෙක් කාරණය තමයි පංචාංග ලිත් පහක් ගත්තොතින් එකට එකක් වෙනස් දේවල් ඇත්තේ. ඉර පායන්නේ, නැකත් ලබන්නේ, ගෙවෙන්නේ කොයි කාටත් පොදුවේ එක වෙලාවට නමූත් අපේ ලිත්වල ඉර පායන්නෙත් එකිනෙකාට වෙනස් වෙලාවල්වලදී.
එමනිසා ලිතක් බලලා ආධූනික දෛවඥයෙකුට නිවැරදි කේන්ද්‍රයක් හදාගන්න බැහැ නේද? මෙම ප්‍රශ්නය අද වෙනත් කාරණාවලදී බරපතල ලෙස බලපා තිබෙනවා.
පැරණි දේවල් අතහැර දමා ලේසි පහසූ ක්‍රම කියලා අලුත් දේවල් පසූපස ගියොත් බැලු බැල්මටම පේනවා වෙලා තියෙන්නේ ලොකු වරදක් කියලා. දැන් කොම්පියූටර් මගින් ජ්‍යොතිෂයට අලුත් පෙරලියක් ඇති වෙලා තිබෙනවා. බොහෝ දෙනා හිතා ඉන්නේ කොම්පියූටරය මිනිස් මොළයටත් වඩා එහා ගිය එකක් කියලා. නමූත් අපි එයට ඇතුළත් කරනූ ලබන දත්ත අනූව කෂණිකව දත්තයන් ගන්නවා පමණයි. නමූත් හිතලා බලලා කිරලා මැනලා කිසිම දෙයක් කරන්න පූළුවන්කමක් නැහැ.
ජ්‍යොතිෂ්‍ය ඉතාම සංකීර්ණ පැරණි සෘෂිවරුන් අතරත් සීයට සීයක් ඇතැම් කරුණූවලදී එකඟතා නැති ශාස්ත්‍රයක්.
එක සෘෂිවරයෙක් රවි අසලට ශනි පැමිණීම ඒරාෂ්ඨක ලෙස කවූරුත් පිලිගන්නවා. මෙවැනි තත්ත්වයක් ඇති ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රය කොම්පියූටර් තුළට ඇතුල් කර සමාන ප්‍රතිපල ගන්න පූළුවන් කමක් නැහැ. නූතන දෛවඥයන්ට එමගින් එක යහපතක් වෙලා තියෙනවා. කොම්පියූටර් පලාපල කියලා දාහේ කොළ අහිංසක මිනිසූන්ගෙන් කඩා වඩා ගැනීම.
ජ්‍යොතිෂ්‍යය ජීවිතයට වැද්දගත යූත්තේ හොද්දට ලුනූ දමන තරමටයි. ලුනූ වැඩි ප්‍රමාණයක් දැම්මොතින් හොද්ද කන්න බැරුවා වගේ තමයි ජ්‍යොතිෂයත් ඕනෑවට වඩා කරට අර ගත්තොතින්.
සියල්ල වාණීජකරණයට හසූවී ඇති මේ යූගයේ ජ්‍යොතිෂයත් එම රැල්ලට හසූව ඇති නිසා හරි වැරැදි නිවැරදි කර ගන්න තියෙන ඉඩකඩ ඉතා අඩූයි.
ජ්‍යොතිෂ්‍ය මිනිස් දිවියේ පැවැත්මට තල්ලුවක් වශයෙන් බිහිවූ දෙයක්. නමූත් අද දෛවඥයකු ළඟට ගියාම බොහෝ දුරට ලැබෙන්නේ අගාදයට ඇද වැටීමට තල්ලුවට.
බොහෝ අය නැති අපලයක් ඇති කර අහිංසකයින් අසීරුතාවට පත්කර සූරාගෙන කනවා. මෙවැනි යූගයකයි අද අපි ජීවත්වෙන්නේ. ඒ නිසා ජ්‍යොතිෂයේ අනාගතය ගැන හිතන කොටත් කණගාටූවක් ඇතිවෙනවා.
ජ්‍යොතිෂයට ගුප්ත ශාස්ත්‍රයේ ඇති සම්බන්ධතාවයන් පිළිබඳ අපි ඉදිරියේදී කතා කරන්නට බලාපොරොත්තු වෙනවා.
ජ්‍යොතීර්වේදී පී. ඩී. පෙරේරා
නාත්තණ්ඩිය
Blogger Comment
Facebook Comment