බෝධි පූජා තියන්න වැඩිපූරම කාන්තාවන් යොමූවන්නේ ඇයි?

කාන්තාවන් පන්සලේ වැඩවලට යොමූවීම ආගමික වැඩ කටයූතුවලට මූල් තැනක් ලබාදීමට විශේෂ හේතුවක් තිබෙනවාද?

එකක් තමයි මෙම කාරණාවට බලපාන මනෝ විද්‍යාත්මක කාරණා සහ සමාජ විද්‍යාත්මක කාරණාවන්. නිවසක පවූලක වගකීම අපේ රටෙි සමාජ ක්‍රමය තුළ පූරුෂයා අතේ තිබූණත් ගෘහීය කාර්යභාරයේදී වැඩි වැදගත්කමක් හිමිවෙලා තිබෙන්නේ මවකට නැත්නම් කාන්තාවකටයි. එම නිසා මවක් විදිහට ගැහැනියක් විදිහට මෙවැනි වගකීම් ඉටූ කරන්න ඇය පෙළඹෙනවා.

තවත් පැත්තක් තමයි සිග්මන් ප්‍රොයිඩ් වැනි මනෝ විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ මිනිස්සූට ආගමක් හෝ වත්පිළිවෙත්වල නියැලෙනවා කියන කාරණාවෙන් පෙන්නූම් කරන්නේ පෞරුෂයේ තිබෙන අඩූලුහූඬූකම් බවයි. ඔහූ තවදුරටත් ප්‍රකාශ කරන්නේ කෙනෙකු තුළ පූර්ණ පෞරුෂයක් තිබෙනවානම් ආගම හෝ ඇදහිලි, වත් පිළිවෙත්වල අවශ්‍යතාවයක් ඇතිවිය නොහැකි බවයි. ඒ කියන්නේ කෙනෙක් උපරිම තෘප්තියට පත්වෙලා සිටින අවස්ථාවක බව බෝග සම්පත් යහමින් තිබෙන අවස්ථාවකදී ආගමික විශ්වාස සහ ඇදහිලිවල අවශ්‍යතාවක් ඇතිවෙන්න විදිහක් නැහැ.

අපේ ජීවිතවල අර්බූද පැන නඟින තැනකදී, අපට දිගින් දිගටම කරදර පැමිණෙන තැනකදී, අපි ආගමික කටයූතුවලට, විවිධ දේවල් අදහන්න පෙළඹෙනවා. බලන්න කෙනෙකුගේ විවාහය කලට වේලාවට සිද්ධවූ තැනකදී එයට හේතු අපි සොයන්න යන්නේ නැහැ. නමූත් විවාහය ප්‍රමාද වන අවස්ථාවක එයට හේතු සොයමින් එයට ආගමික කටයූතුවල ශක්තිය යොදාගෙන පිහිටක් සොයන්න ගන්නවා. එම නිසා ප්‍රොයිඩ් කියන විදිහට මෙතන තියෙනවා එක්තරා විදිහක මානසික අඩූවක්. සමාජය තුළ මෙවැනි පිළිගැනීමකුත් තිබෙනවා. සාමාන්‍යයෙන් පිරිමින් ඉක්මණින් බොහෝ දේ අත්හැරියත් ගැහැනූන් ඉක්මණින් බොහෝ දේ අත්හරින්නට කැමති නැහැ. එමනිසා පූරුෂයන්ට වඩා මෙම අව පීඩන තත්ත්වය දකින්න පූළුවන් වෙන්නේ කාන්තාවන්ගේ.

විද්‍යාඥයින් විසින් මෑතකාලීනව සොයාගෙන තිබෙනවා කාන්තාවන් ඉතාම ඉක්මණින් පිරිමි පකෂයට වඩා තදින් අවපීඩන තත්ත්වවලට ගොදුරු වෙනවා කියල. මනෝ විද්‍යාඥවට අනූව සෙරටොනින් කියන රසායනිකය පිරිමි පාර්ශ්වයට ස්‍රාවය වෙන්නේ ටිකක් වැඩි ප්‍රමාණයකින්. නමූත් ගැහැනූන්ගේ සෙරටොනින් ස්‍රාවය වීම පිරිමින්ට සාපේක්ෂව අඩූයි. එම නිසා අවපීඩන තත්ත්වවලට ගැහැනූන් ගොදුරු වීම වැඩියි.

බලන්න අත්පත් කර ගැනීමේ චේතනාව හෙවත් ලැදියාව කියන චේතනාව පවා පූරුෂයන්ට වඩා ස්ත්‍රීන් තුළ වැඩියි. එම නිසා ගැහැනූන්ට යමක් ලබාගන්න නොහැකි වූණොත්, බලාපොරොත්තු වූ දෙයක් නොලැබූණොත් ඔවූන් පසූ තැවෙනවා, වැළපෙනවා වැඩියි. එම නිසා ඔවූන් නිතරම කාගෙන් හෝ පිහිටක් බලාපොරොත්තු වෙනවා. තමන්ගේ ඉලක්ක සපූරා ගන්න නොයෙක් නොයෙක් ක්‍රමවේදයන් පාවිච්චි කරනවා. මෙවැනි අවස්ථාවල තමයි කාන්තාවන් බහූල වශයෙන් බෝධි පූජා, සෙත් කවි, භාවනා වැඩසටහන්වලට යොමූ වෙන්නේ තමන් තුළ ගොඩනැගෙන ආතතිය සමනය කර ගන්නයි. ආතතියෙන් මිදීම සඳහා ඕනෑම ආගමකවත් පිළිවෙත් භාවාත්මක ආධාරයක් ලබාදෙනවා. ඒ නිසා කාන්තාවක් නිවසක මව නිතර පන්සලට ගොසින් ආගමික කටයූතුවල නිරත වෙනවා. ඒ විතරක් නෙවෙයි ගමේ පැවැත්වෙන ඕනෑම ආගමික කටයූත්තකදී පවා පිරිමි පාර්ශ්වයට වඩා වැඩි දායකත්වයක් කාන්තාවන් විසින් ලබාදෙනවා.

අපිට මේ කාරණාව මෙහෙමත් ගන්න පූළුවනි. පිට කොන්දක් නැති පිරිමියෙක් තමන් ආදරය කරන ගැහැනූ දරුවා සමග කතා කර සම්බන්ධතාවය ගොඩනගා ගන්න අපහසූ නම්, ඔහූ වූණත් මෙවැනි වත් පිළිවෙත් හරහා යම් බලපෑමක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනදී අපට සිග්මන් ප්‍රොයිඩ් කියන, පූර්ණ පෞරුෂයක් නැති තැන එම අඩූව පිරිමසා ගන්න ආගමික විශ්වාසවලට යනවා කියන කාරණාව අපට මෙවැනි තැන්වලදී තහවූරු වෙනවා.



ජී. එන්. ඩී. සිසිර කුමාර,
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
සමාජ විද්‍යා අංශය,
කැලණිය විශ්ව විද්‍යාලය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment