අවූරුදු හතළිහ සමග එන හතළිස් ඇඳිරිය



හානේ, ඇයි අනේ අහක බලාගෙන ඉන්නේ යනූවෙන් ඔබට කවූරුන් හෝ පැවසූවිට ඔබ පවසන්නේ ආනේ, ළඟට එනකල්ම මම දැක්කේ නැහැ යනූවෙනි.
වයස අවූරුදු හතළිහ වන මැදි වයසේ පූද්ගලයෝ ඔවූන්ට දුර නොපෙනෙන විට එය හතළිස් ඇඳිරිය යනූවෙන් පවසන අතර ළඟ පෙනීම හොඳින් සිදුවනවිට 60 ඇඳිරිය යනූවෙන් වයස මූහූකුරා ගිය උදවිය පවසනවා ඔබත් අසා තිබෙනවා ඇති.

මේ නිසා එම තත්ත්වය රෝගී තත්ත්වක්ද? ප්‍රතිකාර ගැනීම සිදුකළ යූතුද? යන්න අපි මේ ලිපියෙන් දැනූවත් වෙමූ.

සාමාන්‍යයෙන් ඇසේ කාච මගින් අනත්තයේ තිබෙන කිරණ සාර්ථක ලෙස නාභිගත වන්නට හැකියාව තිබෙන අතරම ඇසේ කාචය වටා ඇති පේශි තුළින් යම් වස්තුවක් නාභිගත කිරීමේ බලය වෙනස් කිරීමේ හැකියාවද තිබෙනවා.

අප ඉපදී මාස 3-4 කාලය තුළදී අඟල් 9 ක පමණ ප්‍රමාණයක් පෙනෙන අතර එය ක්‍රමක්‍රමයෙන් පෙනීම දුරස්වේ. ඇසක පෙනීම මිනිසා වැඩකරන ක්‍රමය අනූව වෙනස් වෙනවා. එනම් හිරුඑළියට නිරාවරණයවී වැඩකරන පූද්ගලියන් . උදා( පාරවල්වල වැඩකිරීම, පොලීසියේ අයවලුන්, හිරු එළියට නිරාවරණය නොවූ පූද්ගලයින්. උදා ; පරිගණක වැඩකරන, කාර්යාල ඇතුළත වැඩයෙහි යෙදී සිටින අය.

පූද්ගලයෙකුගේ වයස අවූරුදු 40 වනවිට වැඩි වශයෙන් පෙනීම ඈත්වෙනවා. එවිට කුඩා අකුරු නොපෙනෙයි. අපහසූවෙන් කියවීමේදී නෙත්වලට වෙහෙස බවක් මෙන්ම හිස කැක්කුමක් ද ඇතිවිය හැකිය.

එමෙන්ම දහවල් කාලයේදී හිරුඑළිය දැඩි බවකින් යූතු නිසා ඇසේ කර්ණිකාව (පියූපිල් එක) එසේත් නොමැති නම් (ඇසේ බබා) පෙනීම අඩූවීමක් (කුඩා වීමක්) සිදුවේ. මෙය 30ඃ40 වයස් සීමාව තුළදී වැඩි වශයෙන් ඇතිවේ. එවිට ඔබට වැඩ කටයූතු කිරීමට අපහසූ වෙයි. මෙය අක්ෂි වෛද්‍යවරයෙකුට පෙන්වා ප්‍රතිකාර ගැනීමට පූළුවනි. ඔහූ විසින් කණ්ණාඩි දැමීමට නිර්දේශ කරනූ ලැබූවහොත් එය දැමිය යූතුවේ. එමෙන්ම ඇසේ සූද තිබේ නම් එයට ප්‍රතිකාර කළ යූතු වෙනවා. එනම් ලේසර් කිරණ, කාච දැමීම වැනි සැත්කම් ද කළ හැකිය.

ඇතැම් පූද්ගලයින් කණ්ණාඩි දැමීමට අකමැති බැවින් වෙනත් ප්‍රතිකාර ක්‍රම යොදා ගනී. නමූත් හොඳම දේ වන්නේ ඇස පරීකෂා කර බලා කණ්ණාඩි භාවිත කිරීමයි. එයට හේතුව ලේසර් කිරණ ප්‍රතිකාරයක් සිදුකිරීම මගින් එම කිරණ ඇසට ඇල්ලීමේදී යම් හෝ සූළු ආබාධයක් ඇතිවන්නට පූළුවනි. නමූත් ඔබ කණ්ණාඩි භාවිත කරනවා නම් ආබාධයක් නොවන අතර එය ඔබට නැවත මාරු කිරීමට අවශ්‍ය නම් මාරු කර ගැනීමට හැකියාව ලැබෙන හෙයිනි.

ඇතැම් අය පවසනවා මට හොඳට ළඟ පේනවා යනූවෙන්. එය හැට ඇඳිරිය ලෙස හඳුන්වනූ ලබනවා. මෙම තත්ත්වය මතුවන්නේ වයස 60 කාලයේදී නිසා එම තත්ත්වයට හේතු විය හැක්කේ ඇසේ සූද ඇතිවීමේ ප්‍රවණතාවක් තිබෙන නිසා විය හැක.

මෙම තත්ත්වයෙන් මිදීමට ඔබට කළ හැකි හොඳම ක්‍රමය වනූයේ අක්ෂි වෛද්‍යවරයෙකුට පෙන්වා ප්‍රතිකාර ලබාගැනීමයි.

ඇතැම් රටවල මෙම තත්ත්වයට සැත්කම් සිදුකරනූ ලබන නමූත් ඇතැම් අවස්ථාවලදී එය එතරම් සාර්ථක ක්‍රමයක් ලෙස පෙන්වා දීමට නොහැක. ඔබ හිතුමතේට මේ සඳහා ප්‍රතිකාර නොකිරීමත් මෙම රෝග ලකෂණ තිබේ නම් අක්ෂි වෛද්‍යවරයෙකුට පෙන්වා ඒ අනූව ප්‍රතිකාර ලබාගැනීම වැදගත්වේ.




වෛද්‍ය නිලධාරී අයස්මන්ත පීරිස්
අක්ෂි රෝහල, කොළඹ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment