ලෝක සත්වයාගේ උප්පත්තිකාරක වූ ස්ත්‍රිය ගැන නොදත් දේ



ලෝක සත්වයාගේ උප්පත්තිකාරක වූ ස්ත්‍රිය පිළිබඳව ජ්‍යොතිෂය පමණක් නොව, විවිධ ශාස්ත්‍රීය ග්‍රන්ථවලදී සඳහන් වේ. පූරාණයේ පොත පත රචනා කර ඇත්තේ පූරුෂයන් විසිනි. මේ නිසා ඔවූන් ස්ත්‍රීන් පිළිබඳව ගුණ වර්ණනා කිරීම මෙන්ම ස්ත්‍රියගේ නූගුණද සඳහන් කළ ග්‍රන්ථ බොහොමයක් රචනා කර ඇත. අතීතයේ ඉන්දියාවේ ස්ත්‍රීන් පිළිබඳව ග්‍රන්ථකරණයේ යෙදුණ බමූණන් ස්ත්‍රීන්ගේ අගුණද දිගින් දිගටම රචනා කර තිබේ. හිතෝපදේශය වැනි සංස්කෘත ග්‍රන්ථවල


නස්ත්‍රි නාම ප්‍රියංකශ්ත්‍රිත
ප්‍රියෝවා වින විද්‍යාතෙ,
ශාවං තෘණ මිවාරණ්‍යෙ, ප්‍රාප්ත සන්තේ නවම් නවම්


යනූවෙන් ස්ත්‍රීන්ට ප්‍රිය අප්‍රිය, ලස්සන අවලස්සන කියා කිසිවක් නැතයි කියයි.

කැලේ සිටින හරක් අලුත් අලුත් ලා තණකොළ සොයා යන්නේ යම් සේද ස්ත්‍රීන් අලුත් අලුත් පූරුෂයන් සමග එක්වීමට ආශා කරන බව දක්වා තිබේ.

මෙය හූදෙක් කායික සම්බන්ධකම් නොවූණත්, මානසික සම්බන්ධයකින්ද විය හැකි බව ඔවූන් පෙන්වා දී තිබේ.

ස්ත්‍රීන්ගේ බාහිර ලකෂණ බලා ඇයගේ ගතිගුණ, චර්යා ධර්ම පිළිබඳව කරුණූ කියවෙන ග්‍රන්ථ රාශියක් ඇත. කවූරුත් දන්නා පරිදි කාන්තාවකට අංග ලකෂණ පහක් පිහිටා තිබේ. එනම් කේශ කල්‍යාණය, මාංශ කල්‍යාණය, අස්ථි කල්‍යාණය, ජවි කල්‍යාණය, වයෝ කල්‍යාණය යනූවෙනි. මෙම පංච කල්‍යාණයන්ගෙන් හෙබි ස්ත්‍රිය ඉතා වාසනාවන්තය. එය මූසාවක් යැයි පැවසීමට කිසිවෙකුටත් බැරිය.

ලෝක මිනිස් වර්ගයාගේ හිසේ ආරක්ෂාවට හා මූහූණේ හැඩය ඉස්මතු වන්නට කේශ කල්‍යාණය බෙහෙවින් ඉවහල් වේ. ඉඟටියෙන් පහළ ලතාවකට විහිදුණූ කේශකලාපයක් ඇති ස්ත්‍රිය ඉතා වාසනාවන්ත කාන්තාවකි. එම කෙස් වැටිය පඩි පෙළක් සේ ලතාවකටරැළිවලින් හැඩවී කළුපාටින් යූක්ත නම් එබඳු කාන්තාවකට ජීවත්වන මූළු කාලය තුළම කි්සිදු දුක් වේදනාවක් නැතිව සිතේ සතුටින් සැහැල්ලු ජීවිතයක් ගත කිරීමට වාසනාව හිමිවේ. එබඳු කේශ කලාපයක් ඇති කාන්තාව අනූන්ගේ දුකට පිහිට වන කරුණා සහගත සිතක් ඇති අයකු වේ. නිතරම තවත් අයෙකුට උපකාරයක් කිරීමට නිතරම සමාජ සේවා කටයූතුවල නිරතවීමට ඇය ප්‍රිය කරයි. 

ඇතැම් කාන්තාවන්ගේ කේශ කලාපය දිගට පිහිටා තිබූණත්, තඹ පැහැයෙන් යූක්තව පිහිටා ඇති බව කොතෙකුත් ඔබ දැක තිබෙන බවට කිසිඳු සැකයක් නැත. මෙවන් කෙස් කළඹක් පිහිටා තියෙන කාන්තාව කපටියෙකි. ස්ත්‍රීන්ගේ දෝෂ දකින ඇය ඔවූන්ට මායම් 64 ක් ඇති බව පවසති. තඹ පැහැයට හූරු කෙස් කළඹක් පිහිටා ඇති ස්ත්‍රීන් පහසූවෙන් කෙනෙකු රැවටීමට සමත්වන අතර ඇයට මේ සඳහා කපටි බූද්ධියක් ද ඇත. තරමක් ඝණව බෙල්ල තෙක් කොණ්ඩය පිහිටා තිබේ නම් ඇය නිතරම අලුත් අලුත් විලාසිතා වලට කැමැත්තක් දක්වන අතර, පරම්පරාගත කුල සිරිත් ආරක්ෂා කර ගැනීමට එතරම් කැමැත්තක් නොදක්වයි. එමෙන්ම ඔවූන් ආත්මාර්ථකාමීය.

කෙස් කළඹ කැරළි (බොකුටූ) ගැසූණූ බෙල්ල ළඟට පමණ කෙටිව ඇති කාන්තාව වස්තුව දේපළ කෙරෙහි වැඩි ආශාවක් දක්වයිද? තමාගේ සැපත ගැන නිතරම සිත යොදවයි.

දිගට වැඩූණූ කෙස් වැටියේ අගහරියට නැවී ගොස් තිබේ නම් විවාහ වීමට ඇය වෙනත් පූද්ගලයන් සමග ඇසූරට යොමූවන බව ජ්‍යොතිෂ්‍යයේ සඳහන් වේ.
රැළි ගැසූණූ දෙකන් වැසූණූ සේ වැඩී ඇති නම් ඇය කාමාශාවන්ට තද කැමැත්තක් දක්වයි.

හිසකෙස් තුනීව දුඹූරු (තඹ) පැහැයෙන් යූතුව පිහිටා තිබේනම් ලැබෙන ධන සම්පත්වලින් ප්‍රයෝජන ගැනීමට ඇය සමත්ය. ප්‍රමාණයට වඩා කෙස් වැඩිපූර පිහිටා තිබේ නම් ඇය ඉක්මන් කේන්තිකාරයකු වන අතර ප්‍රමාණය ඉක්මවා කෙස් ගස් කැඩෙන කාන්තාවන් තරමක් දුප්පත් බවට පත්වේ. එබඳු ලියන් පහත් පූරුෂයන්ගේ ඇසූරද ප්‍රිය කරයි. සමහර කාන්තාවන් හිස කෙස් ඔවූනට නිසි පාලනයකින් තොරව සකස් කරගත නොහැකි වේ. එවැනි කෙස් කළඹක් පිහිටා ඇති ස්ත්‍රීන් අවබෝධ කර ගැනීමට දුෂ්කර ජීවිත ගත කරන අතර ඔවූන් ලද සතුටද පත් නොවති. අනූන් විවේචනය කරමින් තිරිසන් ආශ්වාදයක් විඳින මේ අය විවාහයෙන් පසූ සිය සැමියා සමගද ගැටූම් ඇතිකර ගනී.

හිසකෙස් රැළි සහිතව ඉදිරියට ඉලිප්පී තිබේ නම් එබඳු ස්ත්‍රීන් දුප්පත් පවූල්වල උපත ලැබූවත් උසස් පූද්ගලයන්ගේ ඇසූරට පත්වේ. එසේ හිසට ඇලුණූ කෙස් කළඹක් පිහිටා ඇති ලියන් ස්වභාවයෙන්ම අනූන්ට වෛර කරමින් ජීවත් වන අතර ඔවූන්ට දියූණූවක් ලබාගැනීමට ද ඉතා අසීරු වේ. තමන්ගේ අඩූපාඩූ තව කෙනෙකු සමග කීමට හෝ අන් අයගේ උදව් උපකාර පැතීමටද මොවූන් අකමැතිය. මෙම ස්තී්‍රන්ගේ විවාහය ප්‍රමාද වන අතර, කල් ගත වී විවාහය කෙරුණද යූග දිවියේ සතුටක් විඳීමටද, ඔවූන්ට අසීරු බව ජ්‍යොතිෂ්‍යයේ දැක්වේ.




ජ්‍යොතීර්වේදී ඩී.පී.ජයසිංහ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment