ඔබේ පෙම්වතා, සැමියා මොනවගේදැයි බලන්න

උපන් වෙලාවට අනූව පලාඵල පවසන ජ්‍යොතිෂ්‍යයෙන් පූද්ගලයාගේ හැඩරුව එනම් බාහිර අඟ පසඟ අනූවද ගති ලකෂණ අනූව ගතිගුණ සිතුම් පැතුම් පූද්ගලයාගෙන් පූද්ගලයාට විවිධවේ. ග්‍රහ බලපෑම අනූවද එසේ වෙන අතර ග්‍රහ බලපෑම බාහිර රූපයට ද බලපෑම් කිරීම නිසා මෙම අනාවැකි සත්‍ය ලෙස පිළිගත හැක.


බූදුන් වහන්සේගේ මහා පූරුෂ ලකෂණ බෞද්ධ සාහිත්‍යයේ පවා වර්ණනා කරයි. වනිතාවගේ අඟ පසඟ අනූව ඇයගේ ගති ලකෂණ පවසන ජ්‍යොතිෂ්‍ය පූරුෂයින්ගේ ද අභ්‍යන්තර සිතුවිලි ගති ලකෂණ පවා දක්වා තිබේ. බාහිර ලකෂණ මත ස්ත්‍රීන් හා පූරුෂයන් එකිනෙකා හා වසඟ වන බව බූදුන් වහන්සේද දේශනා කර ඇත. ජ්‍යොතිෂ්‍ය අනූව පූරුෂයන්ගේ බාහිර ලකෂණ මත වර්ග හතරකට බෙදා දක්වා තිබේ.


ශෂ වර්ගය, මෘග වර්ගය, වෘෂභ වර්ගය, අශ්ව වර්ගය යනූවෙනි.

ශෂ පූරුෂයා

බාහිර රූපකාය දෙස බැලූවිට ශෂ පූරුෂයන්ගේ ඇස් තරමක් විශාල ලෙස පිහිටා ඇත. මෘදු හිසකේ ඇති අතර දත් සමව සිහින්ව අලංකාරව පිහිටා තිබේ. අත් හා බෙල්ල කළු පැහැයෙන් දැකිය හැක. ඉතා කල්පනාකාරී හා ප්‍රවේශම් සහගතව විය පැහැදම් කිරීමට පූරුදු මෙම පූරුෂයන් දියූණූවීමට කැමති පූද්ගලයෝ වෙති. ඔවූහූ අවංකය. සීලාචාර මෘදු ගතිගුණවලින් යූතුය. මොවූන් ස්ත්‍රීන් කෙරෙහි ප්‍රිය නොවෙයි. එහෙත් අහිංසක චරිතයක් ලෙස ස්ත්‍රීන්ගේ සිත් දිනාගැනීමට මොවූන් සමත්වේ.

මෘග පූරුෂයා
දැඩි ආගමික භක්තියක් ඇති මොවූන් දෙවි දේවතාවූන් කෙරෙහි විශ්වාසය තබයි. හඳුනාගත හැකි අංග අතර දිගු කළවා පිහිටයි. ශරීර ශක්ති සම්පන්න බවින් හා කාර්යශූර පූද්ගලයන් වේ.

වෘෂභ පූරුෂයා

මොවූහූ හඳුනාගත හැකි ලකෂණය වන්නේ තරමක් මැදින් උස්වූ හිසක් පිහිටා තිබීමයි. රත්පැහැ අත්ල හිමි වෘෂභ පූරුෂයන් කේන්තිකාරයන් ලෙස දැකිය හැක. කෲර ගතිගුණ පිහිටයි. පළල් පපූ ප්‍රදේශයක් පිහිටන අතර ගුප්ත චරිතයක් සේ වටහා ගත හැකි නොවූනද අවංකය. මූහූණ රවූම්ය. සමාජ සබඳතා පවත්වා ගැනීම කෙරෙහි සැලකිල්ලක් නොදක්වන මෙම පූද්ගලයෝ අසල්වැසියන් සමග වූව සබඳතා නොපෙන්වයි. සිය සහකාරිය සහ සෙනෙහසින් නොබැඳෙන මොවූන් දරුවන් ගැන ද සැලකිල්ලක් දක්වන්නේ මද වශයෙනි.

අශ්ව පූරුෂයා

දිගටි මූහූණක් හා පළල් ඇස් පිහිටි මෙම පූරුෂයන්ගේ හිසකේ තරමක් දිගය. කන්පෙති සිහින්ව පිහිටා ඇති අතර පපූ ප්‍රදේශයේ මාංශ නැත. දිගු අත් හා ඇඟිලි සහිතය. නිය අගින් පැලී ඇති ස්වභාවයක් දක්වන අතර ගැඹූරු කටහඬක් හිමිවේ. ස්ත්‍රීන් ප්‍රිය කරන මෙම පූරුෂයෝ තම සහකාරියට වඩා අන්‍ය ස්ත්‍රීන් හට ඇලුම් කරති. අවූල් සහගත මනසක් ඇති මෙම පූද්ගලයෝ ස්ත්‍රීන්ගේ ඡායාරූප, ලිපි ලේඛන ළඟ තබා ගැනීමද කියවීමටද ඇල්මක් දක්වති.

විවාහය සඳහා ශංකිණී හා හස්තිණි වර්ගවලට අයත් ස්ත්‍රීන් වෘෂභ හා අශ්ව වර්ග දෙකට අයත් පූරුෂයන් සඳහා යෝග්‍ය බව ජ්‍යොතිෂයේ දක්වා ඇත.




ජ්‍යොතිර්වේදී ඩී. පී. ජයසිංහ


Tag: පෙම්වතා, සැමියා ,විවාහය ,ස්ත්‍රීන් ,ජ්‍යොතිෂ,බූදුන් වහන්සේ,බෞද්ධ ,

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment