ඇඟ ගල්වන සූවඳ සබන් ගැන ඔබ නොදත් දේ හා දැනගත යූතු දේ

රුව වඩන සබන් තෝරා ගැනීමේදී ඔබ සැලකිලිමත් වන්නේ එහි වෙළඳ නාමය හා සූවඳ කෙරෙහි පමණි. විවිධාකාර රූපාලංකාර කටයූතු සම්බන්ධයෙන් බොහෝ උනන්දුවක් දක්වන කතුන් අඩූවෙන්ම උනන්දු වන්නේ රුව වඩන සබන්වල තමාට ඇති ගැළපීම පිළිබඳවයි. නමූත් රුව වඩන හා ඇඟ ගල්වන සබන් මිලදී ගැනීමේදී එහි සූවඳ වෙළෙඳ නාමය, පෙන නැගීමේ ස්වභාවය හා පවිත්‍රවීමේ හැඟීම පමණක් ම නොසෑහේ. මන්ද රූපාලංකාර නිෂ්පාදන අතුරෙන් සම ක්‍රියාත්මකවීමේදී ප්‍රමූඛත්වය සබන්වලට හිමිවන හෙයින් එය තෝරා ගැනීමේදී සමට ගැළපේද යන්න විමසීම වැදගත්වේ. නිවැරදි සබන් වර්ගයට ඔබව පිරිසිදු කිරීමට අමතරව, සම නිරෝගී කිරීමේ හැකියාවද තිබේ. එසේ නොකළහොත් දිර්ඝකාලීනව භාවිත කිරීමෙන් එම සබන් විශේෂය ඔබේ සමට හානි සිදුකරනූ ඇත.

සබන් පෙන නැගීම
ඔබ වෙළෙඳ පොළෙන් මිලදී ගන්නා සාමාන්‍ය සබන් වර්ගවල ඇත්තේ සූවඳ හා ඕනෑම ජලයක් හමූවේ පෙන නැගීමට අවශ්‍ය අමූද්‍රව්‍යයන්ය. සාමාන්‍යයෙන් දිය නෑමකින් පසූව සම වියලි ස්වභාවයක් ගැනීම හෝ ඇදුණූ ස්වභාවයකට පත්වීම ගැන ඔබ බොහෝවිට පූදුමයට පත්වේ. නමූත් එයට හේතු වන්නේ සමෙහි තෙතමනය එමගින් ඉවත්කර අධික ඡ්‍ය තත්ත්වයක් නිර්මාණය කිරීමය. එහි ප්‍රතිඵලය වන්නේ සම රැළි වැටීම, වියපත්වීම හා වියළි ස්වභාවයකට පත්වීමය. සාමාන්‍යයෙන් සබන් හා සේදීමකින් විනාඩි 20 කට පසූව සම සාමාන්‍ය තත්ත්වයට පත්වීම අවශ්‍ය වන අතර, එසේ නොවූණොත් එය ඔබේ සමට නොගැලපේ.

චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයට අනූව සබන් යනූ දෛනික සම පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය වූවක් මිසක, සූවඳවත් කිරීමක් සඳහා අවශ්‍ය වූවක් නොවේ. එහෙයින් එය රූපාලංකාර ද්‍රව්‍යයකට වඩා සම නිරෝගී කරවන්නකි. එහෙයින් මූහූණෙහි තවරන සබන්වල මූහූණට ගැළපෙන ඡ්‍ය අගයක් තිබීම අත්‍යවශ්‍ය වූවකි. එවිට සම රැළි වැටීමෙන් වළකී. සාමාන්‍යයෙන් රුව වඩන සබන් අතර, ස්වභාවික ද්‍රව්‍ය හා ආයූර්වේද ද්‍රව්‍ය, කාබනික ද්‍රව්‍ය, ග්ලිසරීන් හා අසාමාන්‍ය විවිධ අමූද්‍රව්‍යයන්ද අඩංගු වීමට හැකිය. එහෙයින් ඔබට එය තෝරාගැනීමට සිදුවේ.

සබන්වල අන්තර්ගතය
සාමාන්‍යයෙන් සබන්වල ඇතුළත් මූලික අමූද්‍රව්‍ය වන්නේ සත්ත්ව හෝ එළවළු මේදය, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා සෝඩා වැනි කුණූ ඉවත් කරන ද්‍රව්‍යයන් වේ. මෙහිදි තෙතමනය ලබාදීමට අන්තර්ගත කරන අමූද්‍රව්‍යයන් අතර, ග්ලිසරින්, එළවළු මේදය හෝ ලැතෝලින් ඇති අතර එමගින් සමේ වියළි බව ඉවත් කෙරේ.

ස්වභාවික යහගුණය
කාබනික ද්‍රව්‍යයන් ඇතුළත් සබන්වල සෙසූ සබන්වලට වඩා සම මෘදු කිරීමේ ස්වභාවයක් දක්නට ලැබෙන අතර, එයට ඇතුළත්විය යූත්තේ ශාක සාර වූවද, තවමත් විවිධ රසායනිකයන් ඇතුළත් කෙරේ. එහෙයින් සැමවිටම ඒවා මිලදී ගැනීමේදී එහි අඩංගු ද්‍රව්‍ය සඳහන්ව තිබේදැයි බැලී වටී.

එයට අමතරව ස්වභාවික යහගුණය පදනම් කරගත් සබන්වල ප්‍රකට වෙළෙඳනාමයන්හි විටමින් ෑ හා කෝමාරිකා පොදු අමූද්‍රව්‍යයන් වන අතර, එයට මිල අධික ද්‍රව්‍යයක් වන කැපේන්, බටර්, කොකෝවා බටර්, එළු කිරි, මිදි යූෂ තෙල්, පැස්බරු තෙල්, මල්වලින් ලබාගත් සාරය, දිලීීර සාරය, මළ මූහූදෙහි මඩද ඇතුළත් වේ.

රුව වඩන සබන් හා බොඩි වොෂ්රුව වඩන සබන් හා බොඩි වොෂ් අතර ඇති වෙනස වන්නේ බොඩි වොෂ් අලුත් සංකල්පයක් වීම හා එහි පෙන ගැන්වීම පහසූවීමය. නමූත් චර්ම රෝග විශේෂඥයන් පවසන අන්දමට සමහර බොඩි වොෂ්වලට රෙදි සෝදන කුඩූ ඇතුළත්ව තිබේ. එසේ වූවොත් එය සම වියළීමට හේතුවේ.

විශේෂඥ මතය
සබන් පිළිබඳ විශේෂඥ මතයට අනූව ක්ෂාරමය සබන් වේගයෙන් සම වියලන අතර, එය ඉක්මණින්ම සම වියපත් කරවයි. එහෙයින් සැමවිටම භාවිත කළ යූත්තේ සමෙහි තෙතමනය ඇතිකරවන සබන්ය. එයට අමතරව, මූහූණ සේදීමේදී ෆේෂ් වොෂ් භාවිත කිරීම අවශ්‍ය වේ. තව ද බොහෝ වියළි, වියපත් හා බොහෝ සංවේදී සමකට සූදුසූ වන්නේ සබන් අඩංගු නොවන පිරිසිදු කිරීමේ දියරයකින් පිරිසිදු කිරීමය. ඒවායේ කිසිදු මේදයක් අඩංගු නොවේ. එහි අඩංගු වන්නේ සූපූරුදු ලෙසින්ම ග්ලිසරින් හා සෙටිලි මධ්‍යසාරය, සෝඩියම් හෝ සල්පේටි හා ප්‍රොපිලීන් ග්ලුකෝල්ය. එම සබන් නොවන සේදීම් දියරයන්හි මධ්‍යස්ථ ඡ්‍ය අගයක් ඇති අතර, සමට වඩාත්ම යහපත් ඡ්‍ය අගය වන්නේ 5 සිට 55 දක්වාය.

තව ද, බොහෝ සංවේදී හා වියළි සමකට සූවඳින් තොර සබන්ද ඒ පිළිබඳ විශේෂඥයන් අනූමත කෙරේ. මන්ද සූවඳකාරක සමග අසාත්මික තත්ත්වයක් ඇති කිරීමට හැකිය.

සබන්වල කතාවඅහඹූ ප්‍රතිඵලයක් ලෙසින් මූල්වරට සබන් සොයා ගනූ ලැබූවේ ක්‍රි. පූ. 600 දී පමණ ෆීනීක්ස්වරුන් විසිනි. එනම් එම වැසියෙකු පූජා අල්තාරයකින් ජලය දමා එය තදින් අතුල්ලා සෝදද්දී එහි පෙණ නැගුණූ අතර කදිමට පවිත්‍රවීමක් ද සිදුවිය. එයට අනූව ලොව ප්‍රථම ඝන සබන් නිපදවූයේ දෙවියන්ට පූජා කරන ලද එළුවන්ගේ මූදවන ලද මේදය, ගින්නෙන් දවන ලද පොටෑසියම් කාබනේටි අළු හා ජලය එක් කිරීමෙනි. ප්‍රථම රුව වඩන සබන් නිපදවූයේ 1878 දී පාර්ලි ප්‍රොක්ටර් හා ඔහූගේ ඥාති සොයූරෙකු වූ ජේම්ස් ගැම්බල් විසින් වන අතර ඔවූන් එය නම් කළේ "අයිවර්" යනූවෙනි. ලෝක ප්‍රකට ප්‍රෙයටර් ඇන්ඩ් ගැම්බල් සමාගමෙහි ආදී කර්තෘවරුන් දෙදෙනාද ඔවූන් වන අතර, එම "අයිවර්" සබන් අදටත් වෙළෙඳ පොළෙහි අලෙවි කෙරේ.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment