විවාහය සඳහා සූදුසූ ස්ත්‍රිය හඳුනාගැනීම



පද්මිණී ස්ත්‍රිය ;දුටූවන්ගේ නෙත් වශී කරති. ඇය ලැජ්ජාශීලී ගති ස්වභාවයකින් යූක්තය. මූවකුගේ නෙත්වලට සමාන ඇස් ඇති ඇයගේ මූහූණ පූර්ණ චන්ද්‍රයා මෙන් ගෝලාකාර වේ. බෙල්ල මනාසේ වැඩී ඇත. මධ්‍යම ප්‍රමාණයේ ශරීරවකට හිමිකම් කියන ඇයගේ සම ඉතා පැහැපත්ව තිබේ. දෙපියයූරු මසින් පිරී ඇති බව ද දකින්නට හැකිය. කටහඬ, ගමන ආදිය හංසයකුට සමානය. සූදු පැහැති ඇඳුම් පැළඳුම්වලට දැඩි ප්‍රියතාවයක් දක්වයි. ශරීරය මනා ලෙස ආවරණය වූ ඇඳුම් ඇඳීමට මෙම කාන්තාවන් බොහෝ කැමතිය. පද්මිණී ස්ත්‍රිියගේ ක්‍රියාකාරකම් ගුරුගේ බලපෑමට හසූවන බව ඡන්ම පත්‍ර පරීකෂාවේදී දැකගත හැක.

විජිත්‍රණී ස්ත්‍රීය ;මධ්‍යස්ථ උසකින් යූතු මෙම ස්ත්‍රීන්ගේ දෙපියූරු තරමක් විශාලය. දීප්තිමත් නෙත් ඇති අතර හිසකෙස් බොකුටූ වේ. රක්ත වර්ණ දෙතොල්වලට හිමිකම් කියයි. විලාසිතා සහ මිතුරු ඇසූරට කැමති වේ. කටහඬ මොනරෙකුගේ බඳුය. සමාජශීලී ගතිය මෙම ස්ත්‍රීන්ගෙන් දැකිය හැක.

ශංඛණි ස්ත්‍රිය;හීන්දෑරි හෝ තරබාරු ශරීර ඇති සිරුරෙන් උස් මෙමස්ත්‍රින්ගේ සම මතුපිටින් අඳුරු කසාවත් වූ නහර විනිවිද දෑකිය හැකිය.

දිගු පාදවලට හිමිකම් කියන ඇයගේ ශරීරයේ ලොම් වැඩිපූර වැඩේ. කඩිසර ගමන් ඇති මෙම ස්ත්‍රීන් ඇස් අගින් බැලීමට දකෂය. දැඩි සිතක් ඇති මෙම වර්ගයේ කාන්තාවන් ක්‍රෝධ ගතිවලින් පෝෂිතය මෙවන් ස්ත්‍රීන් ආහාර පිළිබඳ මද සැලකිල්ලක් දක්වයි.

හස්තිණී ස්ත්‍රිය ;
ස්ථූල හා සූූදු පැහැයෙන් යූක්ත ශරීර හිමි මෙම ස්ත්‍රීන් උගුර යටින් වචන පිට කරයි. දුඹූරු හිසකේ ඇති අතර අතේ හෝ පාදයේ ඇඟිල්ලක් තරමක් දිගුය. මෙම ස්ත්‍රීන් ද කෲර ගති ගුණ සහිතය. මනා රූ සපූවකට ග්‍රහ පිහිටීම බලපාන අතර බ්‍රහස්පති නවාංශකයක් හිමි කාන්තාව පංච කල්‍යාණියක වීමට ඉඩ ඇති අතර ගුරු බලපෑම, දෘෂ්ටිය වැටීම ද මනා රූසපූවක් සඳහා ඉවහල් වේ. මනාවූ ග්‍රහ බලය සහිත ස්ත්‍රිය බාහිර රූප ලකෂණවලින් ද දැකගත හැක්කේ එබැවිනි. ග්‍රහ බලය සහිත ස්ත්‍රියක හා විවාහය දියූණූ වේ. දොරටූවයි. විවාහයට පෙර විවාහය සඳහා ස්ත්‍රියක ඇසූරු කිරීමේදී හා තේරීමේදි පූරුෂයන් විසින් බාහිර රූපකායට ප්‍රබල තැනක් දී ඇත්තේ එබැවිනි.


නිදන්ගත රෝග හා දැලි රැවූල් ඇති හෝ පූරුෂයෙකුගේ මෙන් අවයව පිහිටා ඇති ස්ත්‍රීන් වටකුරු ඇස් ඇති, දෙපා මත ලොම් වැවී ඇති අසූබ ලකෂණ සහිත ස්ත්‍රීන්ද විවාහය පිළිබඳව වඩාත් කල්පනාකාරී විය යූතුයි.




Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment