කාමරංකා දේශීය පලතුරක් හැටියට හඳුන්වා දීමට පූළුවනි.නමූත් අප එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත. කාමරංකා ගැට පාසල් දරුවන්ගේ ප්‍රියතම පලතුරක් හැටියට නම් හැඳින්විය හැකිය.
ඉන්දියාවේ සහ ලංකාවේ වියළි ප්‍රදේශවල වැවෙන කාමරංකා ලංකාවේ කඳුකර ප්‍රදේශවල ද දකින්නට ලැබේ. මෙම ශාකය තරමක් විශාල වන අතර වැඩීමට කාලයක් ගත වේ. නිවෙස්වල මිදුල අලංකාර කරගැනීම සහ සෙවන ලබාගැනීමට උපකාරීවන මෙහි පත්‍ර බිලිං ශාකයේ පත්‍රවලට සමාන බවක් උසූලයි. ඒවගේම අතු බිලිං ශාකයේ අතුවලට සමාන වේ.
මෙම ශාකයේ හටගන්නා ගෙඩි කොකෝවා ගෙඩියට වඩා කුඩා වේ. කුඩා කල හට ගන්නා ගෙඩි කොළ පැහැතිය. ඉදුණූ පසූ කහ පැහැති වේ. කුඩා කල ඇඹූල් රසින් යතු කාමරංකා ගෙඩි ඉදුණූ විට පැණි රසින්ද යූතු වේ.
කාමරංකා පැණි රස සහ ඇඹූල් රස යනූවෙන් ප්‍රභේද දෙකකින් සමන්විතය. මෙම ශාකයේ ගෙඩි, මූල්, කොළ පොතු, අමූවෙන් ආහාරයට ගැනීම වඩාත් සූදුසූය. පලතුරක් හැටියට පමණක්ම නොවේ. කාමරංකා ඖෂධයක් හැටියටත් ප්‍රයෝජනවත් ය. ආහාර ජීර්ණය පහසූ කරවයි. ආහාර රුචිය වැඩි කරයි. ආහාර මාර්ග පද්ධතියට ඉතා හොඳ පලතුරකි.
සැහැල්ලු පලතුරක්. මෙහි විටමින් සී, විටමින් ඒ, පොටෑසියම් ඔක්සලේටි අන්තර්ගතය. ඉදුණූ කාමරංකා ගෙඩි සීත ගුණය හිමිය. අමූ ගඩි උෂ්ණ ගුණය හිමිය.
ප්‍රමාණයට වඩා ආහාරයට ගැනීමෙන් පිත වැඩි කරයි. අමූ ගෙඩිවලින් වාතය සමනය කිරීමේ ගුණය ඇත. පිපාසය දෑනෙන අවස්ථාවලදී පිපාසය සිඳ සිරුර සිසිල් කිරීමේ හැකියාව තිබේ.
කුසගින්න අඩූ අවස්ථාවලදී ආහාර ගැනීම අප්‍රිය වූ විටදී ලේ යන අර්ශස් රෝගවලදී උණ සෑදී තිබෙන අවස්ථා වලදී ඉදුණූ කාමරංකා යූෂ ඉතා ගුණ බව ආයූර්වේදයේ සඳහන්ය.
බිලිං වියළා ගන්නා ක්‍රමයට කාමරංකා වියළා බෝතලයක අසූරා කල්තබා ගන්නට ද පූළුවන්. ඔබ නිතරම වාගේ උගුර අමාරු, සෙංගෙඩි හැදිලා යනූවෙන් පවසනවා නම් එයට හොඳ ප්‍රතිකාරයක් ලෙස කාමරංකා පොතු පෙන්වා දිය හැකිය. කාමරංකා පොතු තම්බා ගත් ජලයෙන් උගුර සහ මූඛය සේදීමෙන් සූවයක් ලබා ගත හැකිය.
ආයූර්වේද ශල්‍ය වෛද්‍ය ඩී. එච්. තෙන්නකෝන්
tag: Kamaranga, Averrhoa carambola,විටමින් සී, විටමින් ඒ, පොටෑසියම් ,ආයූර්වේද, කෑම, බඩේ කැක්කුම, මුළුතැන්ගෙය, කාමරංකා
Blogger Comment
Facebook Comment