සැබෑ බෞද්ධයකු වන්නේ කෙසේද



සම්බූදු තෙමඟුලේ අසිරිය ලොවට කියාපාන අසිරිමත් වෙසක් පොහොය අත ළඟටම පැමිණ තිබේ. විවිධ අන්දමේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල යෙදෙන බෞද්ධ බැතිමතුන් වෙනදාටත් වඩා ආගමික කටයූතුවල නිරතවෙමින් කුසල් රැස් කිරීමට පෙළඹෙයි. නමූත් ආමිස සහ ප්‍රතිපත්ති වල බැති සිතින් යොමූවන බෞද්ධ ජනතාවට මෙවන් පිළිවෙත් කළ පමණකින් නිවන් අවබෝධ කරගත හැකිද? වෙනත් විදිහකින් හඳුන්වා දුන්නොත් සැබෑ බෞද්ධයෙකු වන්නේ කෙසේදෑයි අවබෝධ කර ගැනීම නිවන් ලැබීමේ ඒකායන මාර්ගය ලෙස හඳුන්වා දිය හැක.
බූදු දහම පිළිබඳ සහ එහි අර්ථය පිළිබඳ කෙනෙකුට කෙටියෙන් කියන්න කිව්වොත් අපට සබ්බපාපස්ස අකරනං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝ දපනං ඒතං බූද්ධානූසාසනං කියන ගාථාවෙන් කියන්න පූළුවන්.

මෙයින් කියවෙන්නේ අකුසල්වලින් වැලකිලා කුසල ධර්මයෙහි යෙදිලා හිත දමනය කරගෙන කටයූතු කිරීමේ ආනූභාවය ගැනයි. කෙනෙකු මෙසේ හැසිරිය යූත්තේ මන්ද නිවන් අවබෝධ කරගන්නයි.

බෞද්ධයෙකුගේ පරම පරමාර්ථය විය යූත්තේ. නිවන් අවබෝධයයි. නිවන් අවබෝධ කරගැනීම සඳහා තමයි බෞද්ධයෙක් සියලුම දේවල් කළ යූත්තේ
නිවන් අවබෝධ කර ගැනීමට කළ යූතු සෑම දෙයක්ම බූදු දහම තුළ ඉතාම පැහැදිලිව අන්තර්ගත වෙනවා. මෙතනදී තමයි සැබෑ බෞද්ධයෙක් ලෙස ජීවත්වීම ගැන අපට අවබෝධයක් ලබා ගත හැක්කේ. කෙනෙකු සැබෑ බෞද්ධයෙක් වශයෙන් ජීවත් වෙනවා කියන්නේ ඔහූ නිවන් අවබෝධ කර ගැනීමට සූදුසූ ලෙස ජීවත් වෙනවා කියන එකයි.

එතකොට මේ නිවන් අවබෝධ කරගන්න ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? නිවන් අවබෝධ කර ගන්න ජීවත් වෙනවා කියන්නේ නැවත නැවත ඉපදීම නැති කරගන්නවා කියන එක. නැවත නැවත ඉපදීම ඇති වන්නේ ඇයි? අපි මේ සංසාරයට එහෙමත් නැත්නම් ජීවත් වීමට ඇති ඇල්ම නිසා. එතකොට නැවත නැවත ඉපදීම නැති කරගන්න නම් අපි කරන්න ඕන මොකක්ද භවයේ ඇලීමට තියෙන ආශාවන් නැති කරගන්න එක. බූදුදහමේ අවබෝධ කර ගන්නවා කියන්නේ භවයේ නැවත නැවතත් ඉපදීමට ඉවහල්වන ආශාවන් අපි නැති කරගන්නවා කියන එකයි.

මෙතනදී වැදගත් කාරණයක් පිළිබඳව අපි අවධානය යොමූ කළ යූතු වෙනවා. නිවන් අවබෝධ කරගන්න නම් ප්‍රඥාව අවශ්‍යයි.

එතකොට ප්‍රඥාව කියන්නේ මොකක්ද? ප්‍රඥාව කියන්නේ බූද්ධිය හෝ දෑනූම හො විභාගයක් ලිවීමේ හැකියාව නෙවෙයි. ප්‍රඥාව කියන්නේ බූද්ධියටත් දෑනූමටත් ඉහළින් ඇති දෙයක් ලෙස හඳුන්වන්න පූළුවන්. මෙය කෙනෙකුගේ අභ්‍යන්තරයේ තියෙන දෙයක්. ඒක වර්ධනය කරන්න පූළුවන් දෙයක්. ප්‍රඥාව කියලා අර්ථ දක්වන්නේ සංස්කාර ධර්මයන්ගේ දුක්ඛ, අනිත්‍ය අනාත්ම බව වටහා ගැනීමට තියෙන හැකියාව. මෙලෙස සංස්කාරක ධර්මයන්ගේ දුක්ඛ අනිත්‍ය අනාත්ම බව වටහා ගැනීම. මෙන්න මේ දෙය වටහා ගන්න පූද්ගලයාට පූළුවන් නිවන් අවබෝධ කරගන්න.නිවන් අවබෝධ කරගැනීමේ මූලික කාර්ය තමයි සංස්කාරක ධර්මයන්ගේ දුක්ඛ අනිත්‍ය අනාත්ම බව වටහා ගැනීම. මෙන්න මේ දෙය වටහා ගන්න පූදගලයාට පූළුවන් නිවන් අවබෝද කරගන්න.

අපි ඊළඟට බලන්න ඕන. අපි මේ දෑනට ගත කරන ජීවිතය සංස්කාර ධර්මයන්ගෙන් දුක්ඛ අනිත්‍යා අනාත්ම බව වටහා ගන්න කොතරම් දුරට ඉවහල් වෙනවාද කියලා.

අන්න එවැනි ජීවිතයක් ගත කරනවා නම් ඔහූ හෝ ඇය හඳුන්වන්න පූළුවන්වෙනවා. ඔහූ සැබෑ බෞද්ධයෙක් කියලා. දැන් අපි බලමූ අපි අද ගත කරන ජීවිතය මොන වගේ ද කියලා. අපි ගත කරන ජීවිතය නැඹූරු වූ පස්කම් සැපතට ලොල් වූ ජීවිතයක් ලෙස හඳුන්වන්න පූළුවන්.

ඒ නිසා අද අපි කාගෙන් හරි ඇහූවොත් අද මේ දෑන් ඔබ නිවන් දකින්න කැමති ද කියලා. මම හිතනවා බෞද්ධයන්ගෙන් වැඩි දෙනෙක් ඒ තත්ත්වයට කැමති නැහැ. ඔවූන් ප්‍රාර්ථනා කරන්නේ දෙව් මිනිස් සැපත කෙළවර අමා මහා නිවන් දකිනවා යනූවෙන් ප්‍රාර්ථනා කරන්නයි.

මේක ඉතාම වැරදි සංකල්පයක්.නමූත් සැබෑ බෞද්ධයෙක් කළ යූත්තේ මෙය නෙමෙයි. ඇත්තටම අපි සැබෑ බෞද්ධයෙක් නම් නිවන දෑන් අවබෝධ කරගන්න අවශ්‍ය සියලු දේවල් කළ යූතුයි. නමූත් අවාසනාවකට අපේ රටෙි ලොකු වෙනසක් ඇතිවූණා අපේ රට විදේශිය ජාතින් ආක්‍රමණයෙන් පසූව. අපේ රටෙි තිබූණ සමාජ ක්‍රමය මේ විදේශීය ආක්‍රමණයන් හරහා වෙනස් වූණා. සරල සමාජ ක්‍රමයක්. පස්කම් සැපතට ලොල් නොවූ අල්පේච්ඡ ජීවිතයක් ගත කිරීමයි. යූරෝපයේ ඇති වූ කාර්මික විප්ලවය සහ නූතන විද්‍යාත්මක දියූණූවත් සමගින් ඇති වූ අධි පාරිභෝගික ජීවන රටාව සහ සමාජ ක්‍රමය අපේ රටෙි ක්‍රමයෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා.

වෙනත් විදිහකින් කියනවා නම් අධිපාරිභෝගික ජීවන රටාව අපේ රටෙි පමණක් නෙවෙයි වෙනත් රටවල පවා ඉතාම සීග්‍රයෙන් ව්‍යාප්ත වූණා. මොකද අධිපාරිභෝගික දිවි පොවන ලොව පූරා ව්‍යාප්ත වෙන්න පටන් ගැනීමේ අරමූණ වූණේ වෙළෙඳ අරමූණක්. මොකද තමන්ගේ වෙළෙඳ භාණ්ඩවලට, විශේෂයෙන් කාර්මික දියූණූව නිසා ඇතිවූ අලූත් මෙවලම්වලට වෙළෙඳ පොළක් ලබා ගන්න නම් ඔවූන්ට සිද්ධ වූණා ඔවූන්ගේ නිෂ්පාදන මූළු ලොව පූරා ව්‍යාප්ත කරන්න. ඒ සඳහා මූළු ලොව පූරා ඉන්න මිනිසූන් අධිපාරිභෝගික ජීවන රටාවකට හූරු කරන්න ඔවූන් පෙළඹූණා.

ඒ නිසා බටහිර රටවල් විසින් ඔවූන්ගේ ආර්ථික අරමූණූ ඉටූ කරගන්න ඇති කළ වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් තමයි අධිපාරිබෝගික ජීවන රටාව අප වැනි රටවලට හූරු කිරීම.

අධිපාරිභෝගික ජීවන රටාව තුළ අපි කරන්නේ අධික ලෙස පංචේන්ද්‍රයන් පිනවමින් කටයූතු කිරීම. එම නිසා මෙම ක්‍රමය තුළ ජීවත් වන අයට සංස්කාරක ධර්මයෙන් ඇතිවීමට අපහසූතාවක් ඇති වෙනවා. පංචේන්ද්‍රයන් ඉතාම දෑඩි ලෙස පිනවීම නිසා ඒ තුළ ජීවත් වන අයට දුක්ඛ අනිත්‍ය අනාත්ම වටහා ගන්න අපහසූයි. සංස්කාරක ධර්මයන්ගේ දුක්ඛ, අනිත්‍ය, අනාත්ම වටහා ගන්න නම් පස්කම් සැපතේ දෑඩි ලෙස ඇලීමෙන් අපි වළකින්නට ඕන. සීලය අවශ්‍ය වෙන්නේ එකටයි. සීලනය රකින්න බැහැ මේ පවතින සමාජ ක්‍රමය තුළ. නමූත් ඊට වඩා දැන් පහසූවෙලා තියෙනවා පන්සලට ගිහිල්ලා මල් ටිකක් පූජා කරලා පහනක් හඳුන්කූරක් පත්තු කරලා බූදු හාමූදුරුවන්ට ගිහිල්ලා ගිලන්පස පූජා කරලා ගාථා කියලා පිරිත් ටිකක් කියලා නැවත ගෙදර ඇවිල්ලා නැවතත් අධිපාරිභෝගික ජීවන රටාව තුළ ජීවත් වෙන එක. අද වඩාත් පහසූ ක්‍රමයට අපේ ජනතාව යොමූ වෙනවා. නිවන් ලබා ගැනීම සඳහා කිසිදු සූදානමක් අද අපේ බෞද්ධයන් තුළ නැහැ. සියලු දෙනාම උත්සාහ කරන්නේ පූළුවන් තරම් අධිපාරිභෝගික සමාජ ක්‍රමයක ජීවත් වෙලා පූළුවන් තරම් පස්කම් සැප විඳලා පස්සේ වයසට ගියාම නිවන් දකින්නයි. මේක වැරදියි. අපි බෞද්ධයන් හැටියට අපි ජීවත් වෙන සෑම මොහොතකම අරමූණ විය යූත්තේ නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය මාර්ගය සකස් කර ගැනීමයි.

අපි මෙයින් කියන්නේ නැහැ ගිහි ජීවිත ගත කරන්න එපා කියලා. ගිහි ජීවිත ගත කළ යූතුයි. මාර්ගඵල ලබා ගත්ත විශාඛා සිටූ දුව සෝවාන් වූවාට පසූවයි තමන්ගේ දරුවා ප්‍රසූත කළේ. එයින් අදහස් කරන්නේ නැහැ මාර්ගඵළ ලබා ගත්ත කෙනෙකුට වූවත් ගිහි ජීවිත ගත කරන්න බැහැ කියලා. හොඳ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට වූවත් අවබෝධයක් ලබා ගැනීම වැදගත් වෙනවා. නිවන් අවබෝධ කරගන්නවා කියන්නේ අපි මරණයට සූදානම් වෙනවා කියන එකත් නෙවෙයි. දෑන් ජනතාව තුළ තියෙන්නේ එවැනි වැරදි අවබෝධයක් තමයි.

නිවන් මඟට අවශ්‍ය කටයූතු සූදානම් කරගන්නවා කියන්නේ ඔහූ සැබෑ බෞද්ධයෙක් ලෙස ජීවත් වෙනවා කියන එකයි.





Tag: බූදු දහම,භික්ෂූන්,වෛදික දහම,nirvana,sinhala,buddhist,බෞද්ධ දර්ශනය,බූදු ගුණ,

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment