ඔසප්වීම ආසන්නයේ ඇතිවන වේදනාව ගැන සැලකිලිමත් වන්න



යූවතියකගේ මූල්ම ඔසප් වීම සිදුවන්නේ අවූරුදු 10- 18 අතර කාලයේදීය. මෙය වැඩිවිය පැමිණීම ලෙස ලංකාවේ හැඳින්වෙනවා. ඔසප් වීම සිදුවන කාලයේදී උදර ප්‍රදේශයේ වේදනාවක් ඇතැම් යූවතියන්ට ඇති වෙනවා. මෙය සියයට 80 පමණ දෙනාට ඇති වෙනවා. එය රෝගී තත්ත්වයක් නොවන බව සැමදෙනාම තේරුම්ගත යූතුයි. ඔසප් වූ මූල් දින දෙක තුළ දී පමණ මෙම උදර වේදනාව ඇති වී නැති වී යනවා.

නමූත් වයස අවූරුදු 25 පසූ වූ විට ඇතැම් කාන්තාවන්ට ඔසප් වීම ආරම්භ වීමට පෙර දින කීපයක් උදරයේ වේදනාව ඇති වෙලා ඔසප් වීම සිදු වූ දින ක්ීපයකට පසූවත් මේ වේදනාව තිබෙනවා. එවැනි තත්ත්වයක් තිබෙනවා නම් වෛද්‍ය උපදෙස් ගන්නට ඕන. එයට හේතුව මෙය රෝගී තත්ත්වයක් වන්නට පූළුවන් එය එන්ඩොමෙට්‍රියෝසීස් ලෙස හඳුන්වනවා. ගර්භාෂයේ ආවරණය වන සේ පිහිටා ඇති පටලය හඳුන්වන්නේ එන්ඩෝමෙට්‍රියල් නමින්. මෙය ගර්භාෂය තුළ වගේම ඩිම්බ කෝෂ, ගර්භාෂයෙන් පිටත ප්‍රදේශවල වූවත් පිහිටන්න පූළුවන්. එවිට ඔසප් සිදුවන කාලයේදී ගර්භාෂයේ ඇතුළත සිදුවන වෙනස්කම් අනෙක් ස්ථානවලත් ඇති වෙනවා. ගර්භාෂය ආශ්‍රිතව ඇති වන වේදනාව මෙම අනෙක් ස්ථානවලත් එලෙසම ඇති වෙනවා මේ නිසා තමයි ඔසප් වීම අවසාන වූවත් ගර්භාෂය ආශ්‍රිතව වේදනාවන් පවතින්නේ. හෝමෝන බලපෑම් තිබෙන තුරුම මේ වේදනාව පවතිනවා. එසේම එම ස්ථානවලින්ද රුධිරය පිට වී ඒවා එක්රැස් වී තිබෙනවා. මෙම තත්ත්වයට ප්‍රතිකාර තිබෙනවා. ඒවා වෛද්‍ය උපදෙස් අනූව ලබාගත යූතුයි. මෙයට ප්‍රතිකාර ලබා නොගැනීමෙන් ගැටලු ඇති වෙනවා. දරුවන් නොලැබූ කාන්තාවන්ට දරුවන් ලැබීමේ අවහිරතා අති වන්නට පූළුවන්. එයට හේතුව පැලෝපීය නාල අවහිර වීම විය හැකිය. නාල අවහිර වීමෙන් ශුක්‍රානූවලට ගමන් කිරීමට නොහැකි වෙනවා. ඒ නිසා ඉහත දෑක්වූ ලෙසට ඔසප් වීමට පෙර හා ඔසප් වීමෙන් පසූව ගර්භාෂය ආශ්‍රිත වේදනාව ඇතිවනවා නම් ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගෙන එය එන්ඩෝමෙට්‍රියෝසිස් රෝගී තත්ත්වයදෑයි හඳුනාගත යූතුයි.


ඇතැම් විට එම රෝගී තත්ත්වය නිසා ඩිම්බ කෝෂවල ගෙඩියක් ඇති වීමට පූළුවන්. මේ ගෙඩි ඇතිවෙන්නේ ගර්භාෂයෙන් පිටත සිදුවන රුධිර වහනය නිසා ගලා ගිය රුධිරය ඩිම්බ කෝෂ තුළ එක්රැස්වීම නිසායි. මේවා චොක්ලටි සිස්ටි ලෙස හඳුන්වනවා. ගෙඩි එම ශල්‍ය කර්මයක් මගින් ඉවත් කළ යූතුයි. මෙය විශාල සැත්කමක් නොවේ.




ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය
මාලින් අබේවර්ධන

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment