තරුණ දියණියන්ගේ අතිරේක පන්ති ගමන සිදුවන්නේ පෙම්වතුන්ගේ අවශ්‍යතාවටද?


තරුණ තරුණියන්ගේ අතිරේක පන්ති යෑම දවස පූරාම සිදුවන්නකි. එය පෝය දිනයට සේම, අලූත් අවූරුද්ද, නත්තල වැනි උත්සව දිනයන්හිදී දක්නට ලැබෙන්නකි. නමූත් අතිරේක පන්ති බහූලව ඇති නගරයක් දෙස බලද්දී පැහැදිලි වන්නේ එහි බස් නැවතුම් දුම්රිය පොළ හා හන්දි ගානේ තරුණ තැරණියන් පොත් බෑග්ද උරයේ රඳවාගෙන රස්තියාදු වන අන්දමය. ඇතැම් රංචූ ගැසෙන යූවතියන් පැහැදිලිව නිරීක්ෂණය කළොත් පැය ගණනක් තැන් තැන්වල සිටිනූ දක්නට ලැබීමෙන් ඔවූන් පන්ති ගියේද නොගියේද යන්න ගැනද සැකයක් ඇති වේ. ඔවූන් බොහොමයක් ප්‍රසිද්ධ ස්ථානයන්හි කල් ගෙවන්නේ තම පෙම්වතුන් සමගිනි.

එහෙයින් තරුණ දියණියන් සිටින මාපියන් තම දියණියන්ගේ අතිරේක පන්ති ගමන් පිළිබඳ වැඩි අවධානයක් යොමූ කළ යූතු යැයි මට හැඟේ. මූහූදු වෙරළ තිරයේ සිනමා ශාලාවල සේම කාමර කුලියට සපයන ගෙස්ටි හවූස්වල අතිරේක පංති යන යූවතියන් නිතරම දක්නට ලැබේ. එහෙයින් වත්මන් මාපියන් මත දියණියන් අතිරේක පන්ති යොදාගෙන ඇත්තේ අධ්‍යාපනය ලැබීමටද නොමැති නම් තම පෙම්වතුන් හමූවීමේ උපක්‍රමයක් ලෙසින්ද යන්න අවබෝධ කර ගැනීම වටී.

විෂයන් සම්බන්ධයෙන්
දරුවන්ගේ අතිරේක පන්ති ගමන හා එයට අදාළ විෂයන් මොනවාද ඒවා ඇති වෙලාවන් කවරේද යන්න මාපියන්ට අවබෝධයක් තිබීම අවශ්‍ය. එවිට ඇය යා යූතු හෝ පැමිණිය යූතු වෙලාව තීරණය කර ගැනීමට හැකිය. බොහෝ අවස්ථාවලදී පැය ගණනින් යූවතියන් රස්තියාදු වීමට ඉඩක් ලැබෙන්නේ මාපියන්ගේ මෙම අවබෝධයේ හිඟකම හා ඒවා නිවැරදි පාලනයකට යටත් නොකිරීම මත යැයි සිතේ.


දරුවන් පමණට වඩා පන්ති යොදා ගැනීම පමණට වඩා නිවසින් පිටව සිටීමේ අවස්ථාව උදා කරවන්නකි. ඒ සම්බන්ධයෙන් මාපියන් වූ ඔබට පාලනයක් තිබීම දරුවාද රැක ගැනීමකි. පේ්‍රමය ස්වභාවික සිද්ධියක් වූවද එය සම්බන්ධයෙන් මාපියන්ටද වැටහීමක් තිබීම යම් වගකීමක් දෑරීමකි.

ඇතැම් අවස්ථාවලදී තරුණ දියණියන් අතිරේක පන්ති යොදා ගන්නේ තම පෙම්වතුන් සමග නිදෑල්ලේ හැසිරීමට ඇති උවමනාවෙනි. මූහූදු වෙරළ සිනමා ශාලා හෝ ගෙස්ටිහවූස්වල දක්නට ලැබෙන්නේ ඔවූන්ගෙන් පිරිසකි. කාලයෙන් කාලයට විලාසිතාවන් බවට පත් වන අතිරේක පන්ති එයට ඉවහල් වේ. මේ දිනවල එම විලාසිතාවට අයත් වන්නේ පරිගණක ඩිප්ලෝමා පන්තිය. ඒ සඳහා දරුවන් තෝරා ගන්නේද සැතපූම් විස්සක් තිහක් එපිටින් පිහිටි නගරය හෝ අගනූවරය. එය කාලය වැඩිපූර හිමිවීමකි. අගනූවර දෙස විමසිලිමත් වූවොත් සැම තැනකම රස්තියාදු වෙනූ දක්නට ලැබෙන්නේ මෙම විලාසිතාවට පන්ති යන්නන්ය.


ඔබ මෙහිදී වර්තමානයේ යෞවනයන් දෙස බූද්ධිමත්ව බැලුවොත් නියමිත පන්තියට නියමිත වෙලාවට ගියේ නම් ඔවූන්ට සිනමා හලකට මූහූදු වෙරළකට අන් ස්ථානයකට යෑමට කාලයක් නොමැති බව පැහැදිලි වනූ ඇත.


තරුණ දරුවන් වරදට පෙළඹීම පහසූ වූවක් හෙයින් ඔබේ දරුවන් එම තත්ත්වයට පත්ව නැතැයි පූර්ව නිගමනයක බැසීම වඩා සූූදුසූ වන්නේ ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලැබීමට සොයා බැලීමය.


ඔබ විමසිලිමත් බව

දරුවන් ඉල්ලා සිටින සියලු පන්තිවලට යැවීම දරුවාට හානියක් වීමට අමතරව ඔබේ මූදල් නාස්ති වීමකි. එහෙයින් දරුවෙකු යෑමට අවශ්‍ය යැයි ඉල්ලා සිටින පන්තිය ඔබ නිරීක්ෂණය කර එහි සූදුසූ නූසූදුසූ බව ඔබට තීරණය කළ යූතු වේ. මෙහිදී ඔබ සිතා බැලිය යූත්තේ දරුවන් අතිරේක පන්ති යන ප්‍රමාණය සැලකිල්ලට ගත හොත් මෙරට උගතුන්ගෙන් පිරී ගොස් තිබිය යූතු බවය. එහෙයින් පදනමකින් තොරව පන්ති යෑමට දරුවාට රස්තියාදුවීමට ඉඩ සැලසීමකි. එයට අමතරව මව හෝ පියා දරුවන්ගේ පන්ති සම්බන්ධයෙන් බොහෝ විමසිලිමත් බව මූලසිටම පෙන්නූම් කළොත් ඔවූන්ට පන්ති නොයෑමට හෝ අනවශ්‍ය ලෙසින් රස්තියාදු වීමට ඉඩක් නොලැබේ. ඒ සඳහා සූදුසූ එක් ක්‍රමයක් වන්නේ පන්තිය අවසන් වනවිටම මව හෝ පියා ඇය කැටූව ඒමට එහි යෑමය. එවිට මාපියන් කොයි මොහොතේ පැමිණේදෑයි දරුවන් නොදනී.

එයට අමතරව පොත්පත් පරීක්ෂා කිරීමද සූදුසූය. නමූත් මෙය එක්වරම ක්‍රියාත්මක කිරීමට ගියොත් දරුවන් සිතන්නේ තමා අනවශ්‍ය ලෙසින් සැක කළා යනූවෙනි. එහෙයින් මෙම පූරුද්ද මාපියන් ලෙසින් ඔබ ඇති කර ගත යූත්තේ දරුවන්ගේ ළමා වියේදී සිටමය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment