හිස්හොරි නැති කරගන්න ප්‍රත්‍යක්ෂ ක්‍රමයක්

හිස්හොරි හිසට කරදරයක් ඊට පිළියම් නොකළොත් තව තවත් හිසත් හිසේ කෙසූත් අවලස්සන වෙන එක නතර කරන්න බැහැ. හිස්හොරි හැදුණ කෙනෙක් එය මර්දනය කර ගැනීම ඉතාම වැදගත්. මේ නිසා අපේ අවධානය මෙවර යොමූවන්නේ හිස්හොරි සඳහා ප්‍රතිකාර පිළිබඳවයි. ඒ වගේම හිස පිරිසිදුව තබාගන්නේ කෙසේද කියා අපි සාකච්ඡා කරනවා.

අද සමාජයේ ජීවත් වෙන අය ඉතාමත් කාර්ය බහූලයි. ඒ නිසා ඔවූන්ට තමන්ගේ කොණ්ඩය ගැන හිතන්නවත් කාලයක් නැහැ උදේට වැඩ රාජකාරිවලට කඩිමූඩියේ පිටත්වෙනවා. ගෙදර එන්නේ රෑ වෙලා. ඒ ආවත් කෙළවරක් නැතිව දරුවන්ගේ බිරිඳගේ. සැමියගේ වැඩ කටයූතු ඉතින් කොහොමද තමන් ගැන හිතන්නේ. හිස කෙස් ගැන හිතන්නේ වැඩ ටික කරන්නෙත් අමාරුවෙන්. ඔය යන්තම් කොණ්ඩේ පීරලා ගියහම ඇති. අපේ උදවිය පවසන්නේ එහෙමයි. ඒත් එක ඉතාමත් වැරදියි. අපිටම පූළුවන් අපේ කෙස් ඉතාමත් පහසූවෙන් පිරිසිදුව තබාගන්න.

අපේ ඔළුවට හිස්හොරි බෝවෙන්නේ කොහොමද කියලා. අපි මූලින්ම සොයා බලමූ. අපි කෙස්වලට තෙල් ගානවා ජෙල් ගානවා. සීතල කාමරවල ඉන්නේ. මේ ගාන දේවල් දවස ගානේ සෝදා හරින්නේ නෑ. එය දින දෙකක් තුනක් පමණ තබාගන්නවා. ඉතින් ඔළුවට දහදිය දාලා මූඩූ වෙනවා. ඔබ සිතන්න දහදියත් සමග කුණූ සිරවූණාම කුමන දෙයක් වෙයිද කියලා. මේ මගින් තමයි හිස්හොරි හැදෙන්නේ.

ඒ වගේම අනික් ක්‍රමය එයර් කන්ඩිෂන් කාමරවල සිටීම, ඒමගින් ඔළුවේ, හිස්කබල, වේලෙනවා එමගින් හිස්හොරි එනවා. හමේ තෙතමනය නැහැනේ ඔබ දෑනගත යූතුයි. තෙල් ටිකක්, මොයිස්චරයිසර් හෙයාර් කී්‍රම් එකක් ආලේප කරන්න. ඒ වගේම එය එදාම සෝදා ගත යූතුයි. හිස් කබලේ තෙතමනය තිබෙන කොට වේලෙන්නේ නැහැ. එමගින් හිස්හොරි බෝවෙන්නේ නෑ. ඒ වගේම අපි හොඳ ෂැම්පූ කන්ඩිෂනර් පාවිච්චි කළ යූතුයි. ෂැම්පූවලින් අපේ කෙස්වල, රැදුණ දූවිලි දහදිය ඉවත් කරනවා. කන්ඩිෂනර් වලින් අපේ කොණ්ඩය ඇරුණූ වායූ සිදුරු වසා කෙස් ගස පෝෂණය කරනවා. අපි අනිවාර්යෙන්ම ෂැම්පූ කන්ඩිෂනර් පාවිච්චි කළ යූතුයි. ඔබට වෙළෙඳ පොළෙන් මිලදී ගන්න පූළුවන්. හිස්හොරි සඳහා නිපද වූ ෂැම්පූ වර්ග ඔබ ඒවා ගැනීමේදී හොඳ නිෂ්පාදනයකට යොමූවෙන්න ඕනේ. ඒ වගේම ඔබට ගෙදරදී හිස්හොරි සඳහා ප්‍රතිකාරයක් කර ගත හැකි ආකාරය බලමූ. උළුහාල් සමග දෙහි තම්බාගත් වතුරෙන් හිසසේදීම එයට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කරන්න. එය ඉතා යෝග්‍යයයි. මන්ද කිව්වොත් මී පැණිවල තෙතමනය තියෙනවා එය සතියකට දෙවරක් දිගටම කරන්න. ක්‍රමයෙන් ඔබට හිස්හොරි සූවපත් කළ හැකියි.

ඒ වගේම වෙරළු කොළ හා පෙනෙල ඇට වතුර මේස හැදි 4 පමණ දමා හොඳට කොටා මිරිකාගත් එම යූෂ ආලේප කර විනාඩි 30 ක් පමණ තබා සෝදන්න. මෙයත් ඉතාමත් කදිම ප්‍රතිකාර ක්‍රමයක්. හිස්හොරි සඳහා ඔබත් මේ ක්‍රම අත්හදා බලන්න.


Tag: හිස්හොරි ,වෙරළු කොළ ,කන්ඩිෂන් ,ඔළුවේ, හිස්කබල, හිස්හොරි සඳහා ප්‍රතිකාර,හිස්හොරි බෝවෙන්නේ කොහොමද


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment