ස්වයං පියයූරු පරීකෂණය ඉතාම වැදගත් +18

කාන්තාවන්ගේ සිත් කලබලයට පත් කරවන තවත් රෝගී තත්ත්වයක් ගැනයි අද අපි කතා කරන්නට යන්නේ. ඒ තමයි පියයූරුවල ගැටිති ඇතිවීම. මෙය විවිධ හේතූන් මත ඇතිවන්නට පූළුවන්. කුමන හේතුවක් නිසා ඇතිවූවත් මේවා ගැන පරීකෂාකාරී වීම ඉතාම වැදගත් බව මූලින්ම කියන්නට ඕන.

ස්වයං පියයූරු පරීකෂාව මගින් පියයූරුවල ගැටිති හඳුනාගන්නට පූූළුවන්. එවැනි ගැටිත්තක් ඇති බව හඳුනා ගතහොත් වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කිරීම අවශ්‍යයයි.

එක් ගැටිති වර්ගයක් තිබෙනවා, එය අතට හසූවන්නේ එහා මෙහා පනින ආකාරයකින්. මෙය ෆයිබ්‍රෝඇඩිනෝමා ලෙස හඳුන්වනවා. එවැනි ගැටිත්තකට බියවීමට අවශ්‍ය නැහැ.


මෙය බහූල තත්ත්වයක්. බොහෝවිට එම ගැටිත්ත සැත්කමක් මාර්ගයෙන් ඉවත් කර දමනවා. ඇතැම් විට මෙවැනි ගැටිති කීප වරක් ඇතිවන්නට පූළුවන්. එක් ගැටිත්තක් ඇතිවූ පමණින්, නැවත නැවත ඇතිවෙනවා යැයි කියන්නට බැහැ. ඇතැම් කාන්තාවන්ට පමණක් මෙය නැවත නැවතත් ඇතිවිය හැකියි.


තවත් වර්ගයක් තිබෙනවා. එය ෆයිබ්‍රෝඇඩිනෝසිස් ලෙස හඳුන්වනවා. එහි ලකෂණයක් නම් ඔසප්වීම ළංවන සමයේදී එම ගැටිති තරමක් විශාල වීමයි. එහිදී පියයූරුවල වේදනාවක් ද ඇති විය හැකියි.


මවූකිරි දෙන කාන්තාවන්ගේ පියයූරුවල ද මෙම ගැටිති ප්‍රශ්නය ඇතිවෙනවා. ඇතැම් කාන්තාවන්ගේ තන පූඩූව, දරුවාට කිරි උරා බීමට තරම් ප්‍රමාණවත් නැහැ. එවිට දරුවාට අවශ්‍ය තරමට කිරි පිටතට නොඑන නිසා පියයූරු තුළ කිරි ඉතිරිවෙනවා. එම කිරි බැක්ටීරියා ආසාදනවලට ලක්වීමෙන් කුඩා ගෙඩි ඇති වන්නට පූළුවන්. එවැනි තත්ත්වයකදී අධික වේදනාවක් මවට ඇති වෙනවා. එවිට පරීකෂාකර බැලීමේදී දැනගන්නට පූළුවන්, පියයූරු තුළ කුඩා ගැටිත්තක් තිබෙන බව. එවැනි ගැටිත්තක් ඇති වූවහොත් තාවකාලිකව එම පියයූරෙන් කිරි දීම නැවැත්විය යූතුයි. එම ගැටිත්ත සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබාදීම බොහෝවිට සිදුවෙනවා. එසේ නැතිනම් කුඩා ශල්‍යකර්මයක් මගින් එම ගැටිත්ත ඉවත් කරනවා.


කිරි දෙන මවූවරුන්ගේ පියයූරුවල ගැටිති ඇතිවීම වැළැක්වීම සඳහා, දරුවා කිරි බී අවසන් වූ පසූත් පියයූරුවල කිරි තිබෙනවා නම් ඒවා දොවා ඉවත් කළ යූතුයි.




ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය

මාලීන් අබේවර්ධන

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment